සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

609
Hareen Buddila

අනාගත ක්‍රිකට් ලොවට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (19) අවසන් වූයේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟිනි. නමුත් එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හැකි විය.

රනිල් අබේනායක කුසලානය තොමසුවන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (18) අවසන් වූයේ කැලණිය ගුරුකුල විද්‍යාලයට හා කොළඹ නාලන්ද විද්‍යාලයට ජයග්‍රහණ හිමි කර දෙමිනි. එමෙන්ම සාන්ත තෝමස් විද්‍යාලය හා ත්‍රිත්ව විදුහල අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

මහින්ද විද්‍යාලයේ දී කාසියේ වාසිය තමන් සතුකරගත් මහින්ද විද්‍යාලයේ නායකයා පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කරන ලදි.

ඒ සමඟ පිටියට පිවිසි රවිඳු සංජන (89) හා හරීන් බුද්ධිල (77) මනරම් පහර රැසක් එල්ල කරමින් විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගා ගන්නා ලදි. එය අවියක් කර ගත් සාන්ත ඇලෝසියස් පළමු ඉනිමේ ලකුණු පුවරුව 247ක් දක්වා ගෙන යන ලදි. එයට අමතරව තවත් අර්ධ ශතකයක් ලබා ගත් අශේන් බණ්ඩාර ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, ප්‍රමිත හංසික ලකුණු 30කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

අනතුරුව තම පළමු ඉනිම දියත් කල ගාල්ල මහින්ද විද්‍යාලයට හරීන් බුද්ධිලගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පිත්ත හැසිර විය යුතු ආකාරය මනාව අවබෝධ කර ගැනීමට නොහැකි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද විද්‍යාලයේ කඩුලු 7ක් හරීන්ගේ ගොදුරු ලෙස දැවී ගියේය. නමුත් සෑහීමකට පත් විය හැකි අයුරින් පිත්ත හැසිර වූ හංසික වැලිහින්න හා රොශාන් කාවින්ද පිලිවෙලින් ලකුණු 31ක් හා ලකුණු 28ක් රැස්කර ගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් දෙවන ඉනිම කිසිවකු නොදැවී ලකුණු 63ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟින් තරගයේ අවසානය සනිටුහන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 247(59.5): රවිදු සංජන 89, හරීන් බුද්ධිල 77, අශේන් බණ්ඩාර 52, ප්‍රමිත හංසික 3/30

මහින්ද විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 178 (84.5): හංසික වැලිහින්න 31, රෙශාන් කාවින්ද 28, හරීන් බුද්ධිල 7/48

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 63 (11.2): නවිදු නිර්මාල් 41*

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට