වසර 25ක නිහැඬියාව බිඳීමේ අධිෂ්ඨානය ඇතිව ජයග්‍රහණයක් උදෙසා පෙබරවාරි 24 සහ 25 යන දිනයන් හිදී ඉසිපතන විද්‍යාලය සමඟ තරග වැදීමට තර්ස්ටන් විද්‍යාලය සුදානමින් පසුවෙයි.

99 මහා ජයග්‍රහණය අලුතින් ලියන්නට සැරසෙන ඉසිපතන විදුහල

දෙවන වසරේ වර්ණලාභී පැතුම් නිස්සංක මේ තරග වාරයේ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයායි..

ඉතිහාසයෙන් බිඳක්

1992 දී හිමි කරගත් ජයග්‍රහණයෙන් පසු මේ වන තෙක් “සහෝදරයින්ගේ සටනින්” ජයග්‍රහණයේ පහස විදීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට හැකි වී නැත.

අමිත ද කොස්තා, නිරෝෂන් බණ්ඩාරතිලක සහ හේමන්ත බොතේජු තර්ස්ටන් විද්‍යාලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා දායාද කල ක්‍රීඩකයන් වේ.

වේගපන්දු යවන ලහිරු ගමගේ යනු තර්ස්ටන් විද්‍යාලය විසින් මෑතක දී සීමිත පන්දුවාර තරග සඳහා බිහි කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකි.

19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ දී මින්හාජ් ජලීල්ගේ නායකත්වය යටතේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණය කිරීම 2014 වසරේ දී සිදු වූ විශේෂිත සිදුවීමකි.

ප්‍රධාන ක්‍රීඩකයින්

ජාතික වර්ණලාභියෙකු වන චරණ නානායක්කාර මෙම වසරේ තර්ස්ටන් කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩකයෙකු වේ. මෙම සමයේ දී තම හොඳම ලකුණු ලෙස නොදැවී 108ක් සමඟ ලකුණු 700කට ආසන්න ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ඔහු සමත් වී ඇත. පිත්තෙන් පමණක් නොව, පන්දුවෙන් ද දස්කම් දක්වා ඇති මොහු මෙම සමයේ 45කට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් දවා ඇති අතර  8/15 ලෙස හොඳම පන්දු යැවීම සාන්ත ජෝසප් විද්‍යාලට එරෙහිව වාර්තා කලේය. ඔහුගේ කඩුලු අතර කඩුලු 5 දවා ගැනීම් 2ක් ද, එක් තරගයක දී කඩුලු දවා ගැනීම් 10ක් ද අන්තර්ගත වේ.

2016/17 තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

වමත් දඟපන්දු යවන්නෙකු වන නවීන් ගුණවර්ධන තර්ස්ටන් පිලේ තවත් එක් ප්‍රධාන පන්දුයවන්නෙකු වේ. තරග 9කදි කඩුලු 50ක් දවා ගැනීමට මොහු සමත් වී ඇත. කඩුලු 5ක දවා ගැනීම් 4ක් ද, එක් තරගයක දී කඩුලු 10යේ දවා ගැනීම් 3ක් ද මොහුගේ දක්ෂතා අතරට ඇතුලත් වේ. උද්යෝගිමත් පන්දු යැවීමක නිරත වී ඩි.එස්. සේනානායක විද්‍යාලට එරෙහිව ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කලේ ලකුණු 36කට කඩුලු 10ක් දවා ගනිමිනුයි.

තර්ස්ටන් පිලේ තවත් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වන ආරම්භක පිතිකරුවෙකු වන සාවන් ප්‍රභාෂ් මෙම සමයේ තවත් එක් ධෛර්යමත් ක්‍රීඩකයෙකි. 500ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ද, 15කට වැඩි කඩුලු දවා ගැනීම් ප්‍රමාණයක් ද සහිතව විද්‍යාලය වෙනුවෙන් ඔහු දස්කම් දක්වා ඇත. ඔහුගේ දක්ෂතාවයන් උපයෝගී කර ගනිමින් “සහෝදරයින්ගේ සටන” ජය ගැනීම ඔහුගේ බලාපොරොත්තුවයි.

පුහුණුකරුවන්

මෙවරත් ප්‍රධාන පුහුණුකරු වශයෙන් සුනෙත් ගුණතිලක මහතා තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් කටයුතු කරයි. විද්‍යාලය වෙනුවෙන් මේ ඔහුගේ සේවය ඉටු කරන 7 වන වසරයි. වසර 25කට වඩා උපායශීලී දැනුමක් සතු සමන් හේවාවිතාරණ මහතා තාක්ෂණික උපදේශක වශයෙන් කටයුතු කරයි.

සාරාංශය

තර්ස්ටන් විද්‍යාලය සම්පුර්ණ තරග 6ක් ද, පළමු ඉණිමේ ජයග්‍රහණ 6ක් ද සමඟ සහෝදරයින්ගේ සටනේ ඉසිපතන විද්‍යාලයට එරෙහිව තරග වදින්නේ එය ජය ගැනීමට බොහෝ ඉඩ අවස්ථා ඇතුවයි.

තර්ස්ටන් විද්‍යාලයීය සංචිතය

Kකසුන් අබේරත්න (C), නිමේෂ් ලක්ෂාන්, චරණ නානායක්කාර, ප්‍රගීෂ මෙන්ඩිස්, දිනිත ලෝචන, නවෝද් සමරකෝන්, අයේෂ් හර්ෂණ, සවන් ප්‍රභාෂ්, නවීන් ගුණවර්ධන, නිපුන් ලක්ෂාන්, ඉමේෂ් විරංග, ජනුශ්ක ප්‍රනාන්දු, තිසර දේශාන්, තිනෙත්  ප්‍රබුද්ධ.