ඇසුණු ගමන් නමට බයවෙන Office 365 Cloud Computing කියන්නෙ මොකද්ද?

ඇසුණු ගමන් නමට බයවෙන Office 365 Cloud Computing කියන්නෙ මොකද්ද?

1962
0
SHARE

Cloud කියලා කියන්නෙ internet සඳහාම අපි භාවිතා කරන උපමාවක් කිව්වොත් හරි. ඇත්තටම අපි නමට බය වෙනවා, මොකද්ද මේ cloud computing කියන්නෙ කියලා.Cloud Computing පාවිච්චි කරලා Office 365 application එක හෝ software එක, ඒ වගේම data හෝ computing needs, Internet හරහා access කරන්නත් store කරන්නත් අපිට පුළුවන්.

මේ තියෙන්නෙ Cloud Computing Deployment Model එක.

මේක ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. Private Cloud, Public Cloud සහ Hybrid Cloud කියලා.
Private Cloud වලදි එක organization එකක් තමන්ගේ high secure එකත් private network එකත් නියමාකාරයෙන් තිර කරනවා.
Hybrid Cloud කියන්නෙ Private Cloud සහ Public Cloud වල එකතුවක්.උදාහරණයක් විදියට Hybrid Cloud applications වලදි ඒක run වෙන්නෙ public cloud වල.නමුත් customer information store කරන්නේ private cloud එකේ තියන database වල.

ඒ වගේම Cloud Computing වල වාසියක් තමයි ඔබට ඔබේ business applications outsource කරද්දි ඒකේ capacity එකට මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නෙ නැති වීම.මොකද ඔබ මොන software එක use කරත් ඒක හැම මොහොතෙම latest version එකට update වෙනවා.ඒ නිසා ඔබට එය anytime, anywhere access කරන්න පුළුවන්. ඔබට පුළුවන් online hosted software එකක් භාවිතා කරලා documents, media files වගේ දේවල් create කරන්න. ඒ files ඔබේ hard drive එකේ නැතිව internet එකේ යම් තැනක store කර ගන්න.එසේම අපිට ලැබෙන ලොකුම වාසිය තමයි ඔබේ files අනික් අය අතරේ ඉතාම පහසුවෙන් share කර ගන්න පුළුවන් වීම.

Cloud Computing වල තියෙන වාසි මෙතෙකයි කියලා නිම කරන්න බැහැ. small companies, big companies විතරක් නෙමෙයි individual end usersලටත්, consumersලටත් Cloud Computing සෑහෙන්න ප්‍රයෝජනවත්. Cloud Computing කියන වචනෙට බය වුණු අපි අද Cloud Computing කියන්නෙ මොකද්ද කියලා දැන ගත්තා.මේ වගේම තවත් අපි වචනෙට බය වෙලා තේරුම් නොගන්න දෙයක් එක්ක ආයෙත් ළඟදීම මුණගැහෙමු.

Source:www.dummies.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY