බංගලාදේශය ශ්‍රී ලංකාවේ සංචාරයක

1156
Bangladesh tour of Sri Lanka 2017 – Tour Itinerary released

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන මස මුල් සතියේ ආරම්භ වීමට නියමිත බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල තරග කාලසටහන ඊයේ (17) මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

එංගලන්ත සිංහයින් ශ්‍රී ලංකා A කණ්ඩායම වටළයි

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය අද (17) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්…

මෙම තරගාවලිය සඳහා දෙ දින පුහුණු තරගයක් හා එක්දින පුහුණු තරගයක් අන්තර්ගත වන අතර,  ප්‍රධාන තරගාවලියේ දී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මව්බිමේ ක්‍රීඩා කල අවසන් ටෙස්ට් තරගාවලිය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව 3-0 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත කණ්ඩායමට එදිරිව ලකුණු 22කින් එක් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කල අතර, එම තරගාවලියේ දීම එක්දින තරගයක් ද එංගලන්තයට එදිරිව ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම 2014 වර්ෂයේ දී අවසන් වරට ටෙස්ට් තරගාවලියකට මුහුණ දුන් අතර පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 248කින් ජයග්‍රහණය කල අතර දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. එසේම එම තරගාවලියේ එක්දින තරග 3ම හා විස්සයි විස්ස තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

තරග කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මාර්තු මස 2 3 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ දී
  • පළමු ටෙස්ට් තරගය මාර්තු 7– 11 ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී
  • දෙවන ටෙස්ට් තරගය – මාර්තු 15 – 19 කොළඹ පී.සරා ඕවල් පිටියේ දී
  • එක්දින පුහුණු තරගය මාර්තු 22 කොළඹ දී
  • පළමු එක්දින තරගය මාර්තු 25 රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී  (දිවා/රාත්‍රි)
  • දෙවන එක්දින තරගය – මාර්තු 28 රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී (දිවා/රාත්‍රි)
  • තෙවන එක්දින තරගය – අප්‍රේල් 1 එස්.එස්.සී ක්‍රීඩා පිටියේ දී
  • පළමු විස්සයි විස්ස තරගය – අප්‍රේල් 4 ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී
  • දෙවන විස්සයි විස්ස තරගය අප්‍රේල් 6 ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට