Microsoft .NET සිය 15 වන ජන්ම දිනය සමරයි.

Microsoft .NET සිය 15 වන ජන්ම දිනය සමරයි.

1789
0
SHARE

.NET මේ පෙබරවාරි මාසයේ 13 වනදා සිය පහළොස්වන ජන්ම දිනය සමරනු ලැබුවා. .NET හි පළමු අනුවාදය එළිදැක්වුණේ 2002 වසරේ පෙබරවාරි මස 13 වනදා Visual Studio හි කොටසක් ලෙසයි.2002 වසරේ ආරම්භයේ සිටම developersලාට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් windows desktop මෙන්ම වෙබ් යෙදවුම් සකස් කරන්නට .NET සහාය දැක්වුවා. ඒ වගේම ASP.NET හදුන්වාදීමත් සමඟ windows applications මෙන්ම වෙබ් පිටු සකස් කිරීමට නව පරිගණක භාෂාවක් ලෙස c# හදුන්වා දෙනු ලැබුවා. එය .NET හි වැදගත් පියවරක් ලෙස මතක් කරන්නට පුළුවන්.

පසුගිය වසර 15 මුළුල්ලේම .NET framework එක විවිධාකාර වූ පරිගණක සංවර්ධකයන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට අවශ්‍ය ලෙස වැඩිදියුණු වෙමින් ව්‍යාප්ත වූ බව දකින්නට ලැබෙනවා. තාක්ෂණයේ වෙනස්වීම් හමුවේ .NET පරිණාමය වූ බව .NET හි විකාශනය දෙස බලන ඕනිම කෙනෙකුට වැටහෙන දෙයක්. .NET භාවිතා කරමින් ඔබට cross-platform වෙබ් පිටු, cloud services, ජංගම උපාංග යෙදවුම්, ක්‍රීඩා සහ තවත් බොහෝ යෙදවුම් සකස් කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ වසරේ මාර්තු 17 වනදාට සිය විසිවන සංවස්තරය වෙනුවෙන් එළිදැක්වීමට නියමිත Visual Studio 2017 අනුවාදය සමඟ .NET core tools 1.0 දක්වා ලඟාවීමට නියමිතයි. දින කිහිපයකට ඉහතදී .NET හි ජන්ම සැමරුම වෙනුවෙන් පැවති හමුවකදී c# පරිගණක භාෂාවේ පියා වන Anders Hejlsberg සමගින් කරන ලද කතාබහකදි .NET පිළබඳ පැරණි මතකයන් මෙන්ම තවත් සිතුවිලිද හුවමාරු කර ගන්නට ලැබුණා.

.NET හි ජන්ම සංවස්තරය වෙනුවෙන් .NET කණ්ඩායම සියල්ලන්ටම ස්තුති කරමින් බ්ලොග් සටහනක් තබා තිබෙනු දකින්නට ලැබුණා. එහි වර්තමාන .NET කණඩායම් සාමාජිකයින්ට ,හිටපු සාමාජිකයින්ට මෙන්ම .NET භාවිත කරමින් තොරතුරු තාක්ෂණ වෙළඳපොලේ වෙනසක් කල සියලුම සංවර්ධකයින් හට ස්තුති කර තිබුණා.
මේ බ්ලොග් සටහන තුලින් ඔවුන් කදිම යෝජනාවක් කර තිබෙනු දකින්නට ලැබුණා. ඒ තමයි .NET හා Visual Studio හා බැඳුනු ඔබේ කතාව #MyVSstory #dotnet hash tags සමඟ share කරන ලෙස ඉල්ලා තිබිම.ඒ වගේම ඔබේ .NET අභිමානය t-shirt, sticker,හෝ mug එකක් ලෙස එළිදක්වන ලෙසට ඉල්ලන අතරම තවත් සිත්ගන්නා සුළු ඉල්ලීමක් කර තිබුණා. ඒ ඔබේ කණ්ඩායම සමඟ එකතුවී .NET cake එකක් රසවිඳින ලෙස කල ඉල්ලීමයි.එය @dotnet twitter පිටුව සමඟ බෙදාගන්නට අමතක කරන්න එපා යනුවෙන් කල ඔවුන්ගේ ඉල්ලීම කොහොම නම් අමතක කරන්නද?

පහළොස් වන ජන්ම දිනය සමරන .NET Framework එක වෙනුවෙන් සුභ පැතුමක් එක් කරන්නට windows geek අපිත් සුදානම්.

Happy 15th Birthday .NET!

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY