83 වැනි ‘සාන්තුවරයන්ගේ සටනට’ ඩයලොග් සවිය

314
Dialog to power 83rd Battle of the Saints

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයත්, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත් අතර පැවැත්වෙන 83 වැනි ‘සාන්තුවරයන්ගේ සටන’, එළඹෙන මාර්තු 04 සහ 05 යන දිනයන් වලදී පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (16) කොළඹ – 07, ජෙට්වින්ග් හෝටලයේදී පැවැත්විය. ඩයලොග් ආසිආටා සමාගම, පිට පිටම දෙවන වසරටත් මෙම තරගයට අනුග්‍රාහකත්වය සපයයි.

ඇන්ජෙලෝගේ පිතිකරණ දක්ෂතා NCC පිළට ජය ගෙනෙයි

මෙවර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිත්තෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා මේ වනවිට වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන ඇන්ජෙලෝ…

පෙර පැවති තරග 82 තුළ දී සාන්ත පීතර කණ්ඩායම 10 වරකුත්, සාන්ත ජෝසප් කණ්ඩායම 12 වරකුත් ජය වාර්තා කොට ඇත. “ශුද්ධ වූ මොරිස් ලේ ගොක්” ශූරතාවය මේ වන විට පවතින්නේ සාන්ත පීතර කණ්ඩායම සතුව වන අතර ඔවුන් පසුගිය වසරේ දී එය ජයග්‍රහණය කළේ විනූ මොහොට්ටිගේ නායකත්වයෙනි. ජෝසප් කණ්ඩායම අවසන් වරට එය ජයග්‍රහණය කර ඇත්තේ 2008 වසරේ දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ යටතේය.

මේ වසරේ දී මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයන් වෙනුවෙන් නායකත්වය දරන්නේ හරීන් කුරේ විසින් වන අතර පීතරයන්ට නායකත්වය සපයන්නේ කැපීපෙනෙන මැදපෙළ පිතිකරු ලක්ෂිණ රොද්‍රිගෝ විසිනි.

මේ දක්වා වන ඉතිහාසයේ දී කණ්ඩායම් දෙකම ජාතික ක්‍රීඩකයන් රැසක්ම බිහිකර ඇත. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩෝට් ආදීන් ජෝසප් කණ්ඩායමෙන් ද, රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනෝල්ඩ්, විනෝදන් ජෝන්, අමල් සිල්වා, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් පීතර විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ය.

Photos: 83rd Battle of Saints Press Briefing

සුපුරුදු පරිදි පළමු ඉනිම දෙක, පන්දු ඕවර 60කට සීමා වන අතර ඒකාබද්ධ කමිටුව විසින් මෙවර තීරණය කොට ඇත්තේ  තේ විවේකය මිනිත්තු 15කට සීමා කිරීමටයි. ඉතිහාසයේ පළමු වතාවට තරග තීරකවරයෙක් මෙවර තරගයට යොදා ගැනේ. දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල චරිතයක් වන නල්ලයියා දේවරාජන්, එම කටයුත්තට පණ පෙවීමට නියමිතයි.

කමිටුවේ තවත් තීරණයක් ලෙස ආරක්ෂාව තරකර ඇත්තේ තරගයට අනවශ්‍ය අතපෙවීම් සිදු නොවනු පිණිසය. කණ්ඩායම් දෙකම, මෙතෙක් ආදර්ශමත් මිතුදමක් පවත්වාගෙන ඇති අතර කමිටුවේ අදහස වී ඇත්තේ එය තවදුරටත් සවිමත් කිරීමයි.

මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සාන්ත පීතර විද්‍යාලයීය භාරකාර, ශුද්ධ වූ ට්‍රෙවර් මාටින් පියතුමන් ප්‍රකාශ කර සිටියේ,

සාන්තුවරුන්ගේ සටන ගැන කතා කිරීමේ දී අපි හොඳ මට්ටමක් පවත්වාගෙන ගොස් තිබෙනවා. අපි කියනවා ඒක මිත්‍රශීලී ගැටුමක් කියලා. අපි හැමෝම මිතුරෝ. ඔබ දකිනවා ඇති තරගයේ දී පාසල් දෙකම කොතරම් මුසුවෙලා ඉන්නවද කියලා.” යනුවෙනි.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය දෙවන භාරකාර, ශුද්ධ වූ ඇන්ටන් රන්ජිත් පියතුමන් පවසා සිටියේ,

“අපේ මහා ක්‍රිකට් තරගය නරඹන්නන් විසින් නරඹන්නේ විනෝදය තකාම නොවෙයි, ක්‍රිස්තියානුවන්ගේ හැදියාව පිළිබඳවත් ඉගෙන ගන්නයි. ඉතින් ඒ උරුමයන් රැක ගැනීම අපේ රාජකාරියක් වෙනවා.”

සාන්ත ජෝසප් – සාන්ත පීතර සීමිත ඕවර ක්‍රිකට් තරගය මෙරට දීර්ඝතම කාලයක් තුළ පැවැත්වෙන පාසල් සීමිත ඕවර තරගයයි. ශුද්ධ වූ පීටර්.ඒ.පිල්ලේ ශූරතාවය සඳහා පැවැත්වෙන මෙම තරගය එළඹෙන මාර්තු 25 වැනිදා SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. මෙම තරගය SSC ක්‍රීඩාංගණයට යළි පැමිණෙන්නේ 1994 වර්ෂයෙන් පසුවය. උණුසුම් තරගයක් සඳහා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබේ යැයි පාසල් දෙකම බලාපොරොත්තුවෙන් පසුවෙයි.

සාන්තුවරුන්ගේ සටනසඳහා නොකඩවාම දෙවන වසරටත් අනුග්‍රාහකත්වය සපයන ඩයලොග් ආසිආටා සමාගම වෙනුවෙන්, ඩයලොග් ව්‍යවසායකත්ව අංශ ප්‍රධානී ජෙරමි හක්ස්ටබල් මහතා විසින් අනුග්‍රාහක චෙක්පත විද්‍යාල දෙකේම භාරකරුවන් අතට පිරිනැමීම සිදු කරන ලදී. සම අනුග්‍රාහකයන් වන්නේ එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට්, නෙස්ලේ සහ ජෙට්වින්ග් යන සමාගම්ය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට