ගෙවුනු දවස පෙබරවාරි 14 – අළු ගසා නැගී සිටි A කණ්ඩායම

494
Sri Lanka sports news last day summary February 14th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

ජයග්‍රහණය ආනන්ද විද්‍යාලයට

Singer U19 Schools Cricketආනන්ද විද්‍යාලය කඩුලු 9ක සමඟින් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගනිමින් සිංගර් කුසාලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (14) සාර්ථකව නිමාවට පත් විය.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (47.2): මුදිත ලක්ෂාන් 50, ශෙසාඩ් අමීන් 37,  මෙත්සිත් ජයමාන්න 30, ලොහාන් ද සොයිසා 3/33, කවිඳු අදීශන 3/41, උශාන් ඉමන්ත 2/40

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 313 (73.5): රවිදු රශන්ත 124,  කසුන් මදුරංග  40, උශාන් ඉමන්ත 31, ලොහාන් ද සොයිසා 30, කවිඳු නදීශාන් 27*, හර්ෂජිත් රෙශාන් 21, ශෙහාන් ඩැනියල් 6/85, මුදිත ලක්ෂාන් 2/93

ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 26/3 (7.5)

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 178 (47.3): දේශාන් හෙට්ටිආරච්චි 51, මලිදු මදුරංග 28, කවිඳු මුණසිංහ 21, කෙවින් කෙමිත 3/34, පසිදු දේශාන් 2/12, නිපුන් මාලිංග 2/36

මහින්ද විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 147 (73.4): රවිදු හංසික 39, විනුර හිරන්ජිත් 28, පැතුම් බොතේජු 2/16

මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 93/2 (27): පවන් රත්නායක 46*, කවිදු මුණසිංහ 42*

සම්පූර්ණ ලකුණු සටහන: ආනන්ද විද්‍යාලයට කඩුලු 9ක ජයක්


වනිදුගෙන් කඩුලු 5ක්

SLC Premier League - Tier Aදේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින්ට තම නිසඟ හැකියාවන් විදහා දැක්විය හැකි තෝතැන්නක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග 4ක් ඊයේ (14) ආරම්භ විය. එහිදී මේ වන විට තරග තුන බැගින් ජයගෙන ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන හලාවත මේරියන්ස් සහ SSC කණ්ඩායම් දෙක ප්‍රතිවාදී පන්දු යැවීම හමුවේ යම් තරමක පීඩනයකට ලක්වුනු අතර වනිඳු හසරංග, දුලාංජන මෙන්ඩිස් සහ නිලංක ප්‍රේමරත්න ඊයේ කඩුලු 5 බැගින් බිඳ හෙලූ ක්‍රීඩකයින් තිදෙනා බවට පත්විය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 47): කවිඳු කුලසේකර 43, කෞෂාල් සිල්වා 47, මිනෝද් භානුක 24, වනිඳු හසරංග 5/15, රනිත ලියනාරච්චි 2/35.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 89 (පන්දුවාර 20.2): රොෂාන් අනුරුද්ධ 25*, ඩිල්ශාන් අබේසිංහ 3/44, සචිත්‍ර සේනානායක 2/14.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 41.4): මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 5/41, සහන් නානායක්කාර 2/18.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 86 (පන්දුවාර 30): සමින්ද ප්‍රනාන්දු 50*.

සම්පූර්ණ ලකුණු සටහන: වනිඳුගේ දඟ පන්දුව ප්‍රබල SSC පිළ මවිත කරයි


තරගය ජය පරාජයෙන් තොරයි

Sri Lanka President's XI v England lions practice match day 3 reportශ්‍රී ලංකා A කණ්ඩායම සහ සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නුදුරේදීම ආරම්භ වීමට නියමිත නිල නොවන ටෙස්ට් තරග දෙකටත්, එක්දින තරග පහටත් පූර්ව සූදානමක් වශයෙන් පැවැත්වුනු තුන්දින පුහුණු තරගය ඊයේ (14) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. විශේෂත්වය වන්නේ තරගයේ ප්‍රථම දිනයේ වාසිය මුළුමනින්ම එංගලන්ත ලයන්ස් පිළ සතු වූවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතිරි දින දෙකේදී අළු ගසා දමා නැවතත් විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණ වීමයි.

සම්පූර්ණ තරග වාර්තාව: යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්තයේ ජය මාවත අහුරයි


පාපන්දු –

කොළඹ 03 – 01 නාවික හමුදාව

Colombo FC Vs Navy Footballඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පස්වැනි සතියේ අවසන් තරගය ඊයේ (14) පැවැත්වුණේ කොළඹ පාපන්දු සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය අතරයි. එහි දී ගෝල 3-1ක් ලෙස ජය ලබා ගත්තේ කොළඹ පාපන්දු සමාජයයි.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 3-0 නාවික හමුදා ක්‍රීඩා සමාජය.

සම්පුර්ණ කාලය: කොළඹ පාපන්දු සමාජය 3-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය.

සම්පූර්ණ තරග වාර්තාව: නාගුර් මීරා කොළඹට ජය ගෙනෙයි

දිනයක අවසානය