Microsoft Apps ගැන ඔබ කොතරම් දුරට දැනුවත් ද?

Microsoft Apps ගැන ඔබ කොතරම් දුරට දැනුවත් ද?

2494
0
SHARE

Microsoft සමාගම අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න apps ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා. ඒවයෙන් බොහෝ දෙනා දැනට පාවිච්චි කරන්නෙ Office Apps. අද පුංචි ළමයින් පවා MS Paint ගැන දන්නවා. MS Word, MS Excel , MS Access, MS Power point වගේ apps වලට අමතරව මෑතදි හඳුන්වලා දුන්න Office apps කිහිපයක් ගැන අපි දැනගනිමු. ඒවා ඔයාලාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න ගොඩක් උදව් වෙයි කියල අපි හිතනවා. අපි මුලින්ම බලමු මේ Office Apps මොනවද කියලා.

Outlook.com

අපිට වඩාත් වැදගත් වෙන emails, calendars වගේම contacts මොනවද කියල Outlook එකෙන් ලේසියෙන්ම දැනගන්න පුලුවන්.

Microsoft People

ඔයාට contacts save කරගන්න ඕන නම් මෙන්න තියෙනවා හොඳ app එකක්. අදාල කෙනාගෙ name එක වගේම email address එක, home address එකත් මේකෙන් save කරගන්න පුලුවන්.

One Calendar

 

One Calendar කියන්නෙ ගොඩක් ජනප්‍රිය calendar app එකක්. Google Calendar, Live/Outlook Calendar, Exchange/Office 365 Calendar වගේම Facebook events වුනත් මේ app එකෙන් බලාගන්න පුලුවන්. ඒ නිසා ඔයාට important events මතක තියා ගන්න වෙන කාගෙවත් උදව් ඕන වෙන්නෙ නැහැ.

One Drive

ඔයාගෙ වැදගත් documents, photos, videos වගේම ඕනෙම file එකක් ඔයා කැමති වෙලාවට access කරන්න ඔයාට ඕනෙද? එහෙනම් මෙන්න app එක. ඔයාගෙ mobile phone එකේ, PC එකේ, tablet එකේ වගේම වෙන ඕනෙම device එකක තියන data One Drive එකේ save කරගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. online storage එකක් හිමි වෙන නිසා ඔයාගේ data වල ආරක්ෂාව ගැන සහතික වෙන්නත් පුළුවන්. ඒ වගේම Word, Excel , Access, PowerPoint සහ OneNote වලින් වැඩ කරද්දි ඉක්මනින් open කරන්න වගේම save කරගන්නත් ඔයාලට මේ හරහා ලේසියෙන්ම පුළුවන්.

මේ වගේම තවත් apps ගණනාවක් Windows App Store එකේ තියනවා. අපි ඒ apps ගැන වගේම ඉහත apps ගැන වැඩිදුර තොරතුරුත් ඉදිරි ලිපි තුළින් ඔයාලා වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Reference: www.microsoft.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY