51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවය නිල වශයෙන් ආරම්භ වී සතියකට අධික කාලයක් ගෙවී යද්දී මේ විමසා බැලීම, තරගාවලියේ ප්‍රථම මට්ටමේ පිරිමි අංශයේ තරග වදින ගම්පහ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම පිළිබඳවයි.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team.

ශ්‍රී ලංකාව තුල පැසිපන්දු ක්‍රීඩාවේ අනාදිමත් කාලයක සිට දක්ෂ ක්‍රීඩා සමාජ දෙකක් ලෙස ප්‍රකට දෝන බොස්කෝ හා වත්තල ක්‍රීඩා සමාජ මුලික කොට ගම්පහ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම නිර්මාණය වේ. සියවසකට අසන්න කාලයක් ශ්‍රී ලංකා පැසිපන්දු ඉතිහාසයේ මෙම ක්‍රීඩා සමාජ දෙකෙන් දායාද කල දක්ෂ ක්‍රීඩකයින් ගණන බොහෝමයි. ගම්පහ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායමේ ඉතිහාසය දෙස බැලීමේදී ඔවුන්ගේ දක්ෂතා මානව පිළිඹිබු වේ.

2000 වසරේ දී ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගත් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සමාජය, ඉන් සිව් වසරකට පසු කනිෂ්ඨ පැසිපන්දු ශූරතාවලියේ කිරුල දිනා ගන්නේ තම කණ්ඩායමේ දක්ෂතාවයන් මානව පිළිඹිබු කරමිනි.

එයින් නොනැවතුනු ඔවුන් 2007 වසරේ පැවැත්වුණු ලීග් ශූරතා පැසිපන්දු  තරගාවලියේ ශූරයන් වන්නේ තම කණ්ඩායමේ අනාගතය සුබ දායක බව හඟවමිනි.

එහෙත් අද වන විට මෙම ක්‍රීඩා සමාජවලින් පැසිපන්දු ක්‍රීඩාවට අත්පොත් තබන ක්‍රීඩකයින් කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ක්‍රීඩා සමාජවලට අනුයුක්ත වීම සුලබව දක්නට ලැබෙන්නකි.

ගම්පහ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායමේ දක්ෂතාවන්ට ප්‍රධානම හේතුව වන කණ්ඩායමේ පුහුණුකරු ජයන්ත රණවන මහතා ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

Gampaha BC roundup Coach“වසර 20කට අසන්න කාලයක් මුළුල්ලේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම ජයග්‍රහණයන් කරා ගෙන යාමට හැකි වීම ගැන සතුට පත්වෙනවා. කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩකයින් දීර්ඝ කාලයක් මුළුල්ලේ තරගාවලීන් වලට සහභාගී වීම නිසා කණ්ඩායම් මානසිකත්වය අතින් ඔවුන් ඉහල ස්ථායක සිටිනවා. “

තවදුරටත් අදහස් දක්වමින් ජයන්ත රණවන මහතා ප්‍රකාශ කර සිටියේ,

සතියේ දිනයන් හි  කණ්ඩායමේ ක්‍රීඩකයින් රැකියාවන් සඳහා කොළඹ නගරයේ රැදෙන බැවින් පුහුණුවීම් සඳහා කාලය වෙන් කරගැනීම ප්‍රධානතම ගැටලුව වී ඇති බවයි. එසේම පුහුණුවීම් වල යෙදෙන වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩා පිටියේ ආලෝක කණු නොමැති වීම නිසා සවස් කාලයේ පුහුණුවීම් වල නිරත වීම සිමා සහිත බවයි.

මෙවර තරගාවලියට එක්වන ගම්පහ කණ්ඩායමෙහි ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම දායකත්වය ඔවුන්ට අහිමි වී යන්නේ එම ක්‍රීඩකයින් හම්බන්තොට හා ශ්‍රී ලංකා යුධ හමුදා පැසිපන්දු කණ්ඩායම් ඔස්සේ  තරගාවලියට එක්වීම හේතුවෙනුයි.

අභියෝග රැසක් හමුවේ තරගාවලියට එක්වන මෙම කණ්ඩායමේ නායකත්වය මෙවර හිමිවී ඇත්තේ ජීවන් ප්‍රියංකර හටයි. කණ්ඩායමේ නායකයා වශයෙන් තම කණ්ඩායම පිළබඳව ඔහු අප හට මෙසේ අදහස් දැක්විය.

Gampaha BC roundup Captain“කණ්ඩායමක් වශයෙන් අපිට තරගාවලියට සුදානම් වීමට විශාල කාලයක් වෙන් කරන්නට බැරි වුනා. කණ්ඩායමක් ලෙස මූලික සැලසුම් මත ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. තරගාවලියේ සහභාගි වන පළමු තරගයේ සිටම ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා, ඒ වගේම ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් වීමට අපේ කණ්ඩායම සූදානම්.”

කණ්ඩායමේ ප්‍රධානතම අවිය වනුයේ ලකුණු 3 විසිකිරීම් වන අතර කණ්ඩායම් හැඟීමෙන් ඉහල කණ්ඩායමක් මෙන්ම, තරගාවලිය තුල අත්දැකීම් බහුල කණ්ඩායමක් වීම ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට විශාල වාසියක් වනු නොඅනුමනය. නමුත් ආරක්ෂාකාරී අන්තයේ නැවත ලබා ගැනීම් ප්‍රතිශතය අඩු වීම හා පසු පෙළ එතරම් ශක්තිමත් නොවීම ඔවුන්ගේ ඉදිරි ගමනට හානි කරනු ඇත.

ගම්පහ දිස්ත්රික්ක පැසිපන්දු කණ්ඩයමේ ඡායාරූප ඇල්බමය

තරගාවලියට එක්වන කණ්ඩායම් මෙසේය,

ජීවන් ප්‍රියංකර (නායක), ඩිලාන් පෙරේරා, මිලාන් චතුරංග, නිරෝෂන් දනුෂ, ප්‍රදීප් පුෂ්පකුමාර, සංකේත ජයරත්න, ප්‍රගීත් පුෂ්පකුමාර, ජෙයිකුමර් දිව්‍යරුබන්, ෂේන් නිකි,  විරාන් ප්‍රනාන්දු, ලහිරු දිල්ෂාන්, අකිල සේනාල් , ජයන්ත රණවන(ප්‍රධන පුහුණුකරු), ඇන්ටන් නිරෝෂන් (සහය පුහුණුකරු)