February 9, 2017

විශ්මයජනක තාරකා ක්‍රියා නිරීක්ෂණය කිරීම.

මෙම දශකයේ හොඳම සොයා ගැනීම ලෙස සැලකෙන ගුරුත්වාකර්ෂණ තරංග සොයාගැනීම සඳහා යොදා ගත් අනාවරක දැන් විශ්මයජනක තාරකා හා ඒවායේ ක්‍රියාවන් ගැන වඩාත් නිරවද්‍යව නිරීක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.

ගුරුත්වාකර්ෂණ තරංග වැනි හෝ ඊටත් වඩා සුවිශාල තරංග සදහා සූදානම් වන මෙම ගුරුත්වාකර්ෂණ තරංග අනාවරක වොෂින්ටන් සහ ලුසියානා වල පිහිටුවා තිබේ. සුර්යා නිසා, පරිසර හානි නිසා, ග්‍රහ වස්තුන් නිසා පෘථිවිය විනාශ වන විද්‍යා ප්‍රබන්ධයන්ට ගුරුත්වාකර්ෂණ තරංගද එක්වනු ඇත.

කළුකුහර යුගල දෙකක් තම ජාලය තුල  එකිනෙක හා සිදු වූ ගැටීම සහ තවත් යුගලයන් දෙවනවර ගැටීම සඳහා යොමු වී තිබීම වැනි සිද්ධීන් වල පෙර නිරීක්ෂණ හැකියාව නොතිබූ  බලාපොරොත්තු නොවු තොරතුරු හා සිදුවීම් පිළිබඳව මෙම LIGO නම් ගුරුත්වාකර්ෂණ තරංග අනාවරක අවදියෙන් සිටියි. ඇමෙරිකානු භෞතික විද්‍යා සමාජය අනාවැකි පලකරමින් සුවිශාල තරංග සඳහා සුදානම් වන ලෙස දන්වා සිටියි.

යම් ස්කන්ධයක් චලනය වන විට ගුරුත්වාකර්ෂණ තරංග බිහිවේ. සරල උදාහරණයක් ලෙස කුහුඹුවන් (ස්කන්ධය) පොකුණක ජලය (කාල - අවකාශ නිර්මිතිය) මත ගමන් කිරීමේදී ජලයේ ඇති වන රැලි (තරංග) මඟින් මේ පිළිබඳව අදහසක් ලබාගත හැකිය. සියලු ස්කන්ධයන් කාල - අවකාශ නිර්මිතියේ රැලි නිර්මාණය කරයි. එකිනෙකා ගැටීමට පෙර සියලු කළු කුහර දැඩි දඟර තුල එකිනෙකා භ්‍රමණය වන විට ඒවායේ වේගය බලවත් වේ. මෙමගින් කාල - අවකාශයේ සංකෝචනයක් සිදුවේ. පෙර හඳුනා ගැනීමට නොහැකිව තිබුණද LIGO අනාවරකයට  යම් මට්ටමකට වඩා ප්‍රභල රැලි නැඟීම් හා කාල-අවකාශ සංකෝචන දැන් හඳුනගත හැකි බව වාර්තා වේ.
 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=CLeQtSR_hrA

0 comments:

Post a Comment