මොකක්ද මේ Microsoft Power BI කියන්නේ?

මොකක්ද මේ Microsoft Power BI කියන්නේ?

1817
0
SHARE

Microsoft Power BI කියන්නේ සරලවම කිවුවොතින් cloud based data analysis tool එකක්. Business ලෝකයට මේක ගොඩක් වටින tool එකක්. අපි ඒ ඇයි කියලා බලමු.

ඕනම කෙනෙකුට වැඩි වේගයකින්, කාර්යක්ෂමතාවයකින් සහ හොඳ අවබෝධයකින් තමන්ගේ දත්ත visualize කරලා analyze කරලා බලන්න Microsoft Power BI හරහා අවස්තාව ලබාදෙනවා. මුලින්ම අලුත් user කෙනෙක් නම් මේ සේවාව සඳහා Sign Up වෙන්න ඕන. මේ Microsoft Power BI වල Live Dashboard එකක් තියෙනවා. මේ dashboard එක හරහා අපිට අපේ business එක අංශක 360 ක view එකකින් බලන්න අවස්තාව ලබාදෙනවා.

 

Power BI Mobile app එක හරහා අපිට ඕනම තැනක සිට අපේ data සහ reports, access කරන්න පුලුවන්. ඒ වගේම data, monitor කරන්න පුලුවන්. අපේ requirements අනුව data real time update කරලා, ඒ වෙලාවෙම share කරන්නත් පුලුවන්. Drag and Drop feature එකත් Microsoft Power BI වල තියෙන තවත් special feature එකක්. simple questions අහලා අපිට අපේ සියලුම data සහ information, explore කරන්නත් පුලුවන්.

Power BI Desktop කියන්නෙත් data mash-up සහ report authoring tool එකක්. මෙමගින් data combine කරනවා. ඒ කියන්නේ databases, files, web services වලින් data අරගෙන combine කරලා, issues automatically fix කරලා, පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියේ output එකක් විදියට reports ලබාදෙනවා.

 

මුලින් සඳහන් කරපු විදියට මේ Power BI service එක හරහා organization එකක reports ගොඩක් ආරක්‍ෂිත විදියට publish කරන්න පුලුවන්. ඒ වගේම real time update වෙන නිසා හැමෝටම අලුත්ම තොරතුරු ලබාගන්න පුලුවන්.

Gateways හරහා තමයි cloud services වලට මේ Power BI සේවාව connect වෙන්නේ. Gateway එකක් download කරගෙන, ඊටපස්සේ එය install කරගැනීම අවශ්‍ය වෙනවා. Organization එකේ account එක හරහා cloud services භාවිතා කරන්න පුලුවන් වන ආකාරයට gateway එක register කරගැනීමත් අවශ්‍ය වෙනවා.

Power BI එක සහ gateway එක අතර data transfer එක වෙන්නේ Azure service bus එක මගින්. Cloud එක තුලදි data වල ආරක්ෂාව ගැන හිතලා gateway administrator දෙන credentials, encrypt කරනවා. ආපහු ඒවා decrypt කරන්න පුලුවන් වෙන්නේ gateway machine  එකේදි විතරයි. ඉතින් Power BI කියන්නේ business ලෝකයට ඉතාමත් වටිනා, ඒ වගේම ගොඩක් ආරක්‍ෂිත data analytical tool එකක් කියලා ඔයාලටත් පැහැදිලි ඇති.

Source: microsoft.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY