Cortanaට අළුත් වෙනසක්…..

Cortanaට අළුත් වෙනසක්…..

2138
0
SHARE

Windows 10 පාවිච්චි කරන ඔයාලට Cortana කියන්නේ නුපුරුදු වචනයක් වෙන්න නම් බැහැ. Cortana කියලා කියන්නෙ Windows 10 පරිශීලක ඔයාට උදව් කරන voice activated personal assistant කෙනෙක්. Cortana, Apple වල යොදා ගැනෙන apple personal digital assistant, Siri ටම සමාන උනත් විශේෂත්වය වෙන්නේ Cortana තුලින් කාලගුණ අනාවැකි ලබාගන්න, email යවන්න, reminder පාවිච්චි කරන්න file search කරන්න වගේම internet search කරන්නත් පුළුවන් වීමයි. Microsoft සමාගම කියන විදියට Windows 10 creators update සමග Cortanaට අළුත් voice commands රාශියක් එකතු වෙනවා. මේ අළුතෙන් එකතු වෙන voice commands නිසා PC එක turn off කරන්න, restart කරන්න, Sleep කරන්න වගේම lock කරන්න ඔයාලා දෙන voice command එකක් හොදටම ප්‍රමාණවත්. මීට අමතරව Microsoft සමාගම Cortana ට එකතු කරන තවත් feature එකක් තමයි sound සහ voice controlling. මේ නිසා voice command එකක් හරහා system එකේ volume අඩු වැඩි කරන්න පුළුවන් වගේම iHeartRadio, TuneIn වගේ  apps වල voice playback controlling වලට Cortana ගෙන් ලැබෙන්නේ හොද සහයෝගයක්. දැන් play වෙන සිංදුව මොකක්ද කියලා Cortana ගෙන් ඇහුවොත් නිවැරදි පිළිතුර දෙන්න පුළුවන් තරමට creators update  සමගින් එන Cortana දියුණුයි.

Creators update නිසා Cortana ට එකතු වෙන සමහර features app developers ලට නම් හොද ආරංචියකක්. හේතුව තමයි Creators update හරහා Cortana commands ලේසියෙන්ම application වලට එකතු කරගන්න ඉදිරියේදී පුළුවන්කම ලැබෙන එක. උදාහරණයක් විදියට Netflix movie එකක් play කරගන්න ඔයාට ඕන නම් කරදර වෙන්න දෙයක් නැහැ. Cortana voice command එක දෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. Cortana ගේ තවත් අරුම පුදුම වැඩක් තමයි PC එක lock වෙලා තියෙන වෙලාවට එහෙම නැත්නම් mouse එකයි keyboard එකයි අවම වශයෙන් තත්පර10 ක කාලයක් පාවිච්චි නොකර හිටපු අවස්ථාවක Hey Cortana කියලා කිව්වොත් Cortana full-screen එකේම දිස් වෙන එක. හැබැයි මෙහෙම වෙන්න නම් Hey Cortana enable කරලා තියන්න අමතක කරන්න එපා.Cortanaට එකතු වෙන features අතරින් app synchronization කියන්නෙ කතා නොකරම බැරි feature එකක්. Apple Continuity feature එකටම සමාන concept එකක් තමයි මේකෙදි පාවිච්චි වෙන්නේ. Phone එකේ open කරපු tab ටිකම PC එකෙන් open කරගන්න මේ නිසා ඔයාලට පුළුවන්. අළුත් වෙන Cortana නිසා phone එකේ notification PC එකේ පෙන්නනවා වගේම PC එකේ notification phone එකට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි PC එකක් phone එකකින් unlock කරන්න, devices අතරේ දත්ත copy කරන්න voice command එකක් විතරයි ඕන වෙන්නේ. ඉතින් ළගදීම නිකුත්වෙන creators update එක්ක එකතු උනොත් මේ කියපු දේවල් වගේම මේ වෙද්දී Microsoft සමාගම නිවේදනය නොකරපු cortanaගේ අළුත් වෙනස්කම් රැසකුත් අත්විදින්න ඔයාටත් අවස්ථාව ලැබේවි.

source : http://www.howtogeek.com/278132/whats-new-in-windows-10s-creators-update/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY