Thursday 2 February 2017

SAITM නඩුවෙන් වත් ඉගෙන ගනිමු....

අධිකරණය SAITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන තීන්දුව දී අවසානය. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන හොඳ හෝ නරක ගැන දැන් ඕනෑවටත් වඩා කතා කර ඇත. නමුත් අවසාන ප්‍රථිපල ය වුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගන්නා ලෙස අධිකරණ නියෝගය ලබාදීම ය. මෙය ඉහල උසාවියකදී අභියෝගයකට ලක් විය හැකිය. එවිට මේ තීන්දුව වෙනස් වීමටද පුළුවන. නමුත් මෙහෙමෙ වූ යේ ඇයි.

අපි විශිෂ්ට ඉතිහාසයක් හා සංස්කෘතිය කට උරුම කම් කීවද අපගේ චින්තනය පසුගාමිය. සැබවින්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාව තුල ඇරඹීමට තිබුනේ මීට වසර තිහකට පමණ පෙරය. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නැවතුනේ විශාල ලේ ගංගාවක් සමගනි. ලංකාව වැනි රටක රජයකට අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු සමජ අවශ්‍යතා තනිව කල නොහැක. රජයක් ආදායම් ලබන්නේ බදු, දඩ හා භාණ්ඩාගාර බිල්පත් විකිනිමෙන්ය. එසේ නොමැති නම් රජය ලාභ ලැබීම උදෙසා ව්‍යාපාර වල යෙදිය යුතුය. උදාහරණ ලෙස ගුවන් සේවා, වරයා හා නාවික කටයුතු, රක්ෂණ ආදිය සැලකිය හැක. ව්‍යාපාර වලදී ලාභය මුල් තැන දුන්නද රජයක් ව්‍යාපාර කිරීමේදී මුල් තැන ලැබෙනුයේ සේවක අභිවෘධිය ය. මේ නිසා ව්‍යාපාර වල තරගයක් ලබා දීමට නම් විශ්ෂිත වූ කළමනාකරණය ක්‍රම උපයෝගී කර ගත යුතුය. නමුත් පසුගාමී රජයේ සේවක පිරිසක් සමග මෙය කිරීමට අපහසුය. පුද්ගලික අංශය ලාභය පරමාර්ථ කරගෙන වැඩ කරන නිසා සේවාව නිසි ආකාරයෙන් නොලැබෙනු ඇත.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව පුද්ගලික අංශය දායකත්වය දෙන අනෙකුත් සියලු සේවාවන්ද පුද්ගලික අංශයට ලබා දුන්නේ නියමිත කාල වකවානුවේ නොවේ. උදාහරණ ලෙස ප්‍රවාහනය, පාසල් අධ්‍යාපනය, රෝහල් සේවය සැලකිය හැක. නියමිත කාලයේදී රජය විසින් නිසි ප්‍රතිපත්ත්මය තීරණයක් ගත්තේ නම් පුද්ගලික අංශය නියාමනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදා ගැනීමට හැකියාවක් තිබුණි. දැන් බස් මුදලාලිලා සතුය. පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නැත. හරි හමන් සේවාවක් ලැබෙන්නේද නැත. පාසල් ද මුදලාලිලා සතුය. අනාගත පරපුර නිර්මාණය කරන්නේ ඔවුන්ය. ඒ ඔවුන්ට ඕනනේ ආකාරයටය. රෝහල් ද මෙසේමය. මොන දොස්තරද, මොන බෙහෙත්ද යන්න තීරණය කරනුයේ මුදලාලිය. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ පුද්ගලික අංශයට මේ සේවාවන් වලට ඇතුළු වීමට ඉඩ දුන්නේ නම් සපයන සේවාවේ ගුණාත්මක බව මිට වඩා තහවුරු කරගැනීමට ක්‍රම වේදයන් යොදා ගැනීමට තිබුණි. ඉහත සදහන් කර සේවාවන් පමණක් නොව අනෙකුත් පුද්ගලික අංශය සම්බන්ධ සේවාවන් වලටද පුද්ගලික අංශයට එක්වන්නට ලැබෙන්නේ ඒ සේවාව නිසි ආකාරයට සැපයීමට රජයට නොහැකි අවස්ථාවට ලඟා වූ විටය. ව්‍යාපාරිකයන් පැමිණෙන්නේ බොර දියේ මාළු බැමටය. එවිට 'උන්නා විදිහට මලා මදැයි' කියන්නා සේ මුදලාලිලා පැමිණ මඩිය තර කර ගනී.

මට මතක ආකාරයට නිසි කාලයේදී පුද්ගලික අංශයට සම්බන්ධ වීමට ලැබුණු එකකි IT degree ලබා දීම. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ICT ආයතනය BIT ආරම්භ කර අතර ඒ සමග තව ආයතන ගණනාවක් IT උපාධි ආයතන ආරම්භ කරන ලදී. මුල් කාලයේදී ඒවායේ ගුණාත්මක බව ගැන ප්‍රශ්න තිබුනද දැන් එම ආයතන වලින් උපාධි ලබාගත් බොහෝ පිරිස් විවිධ ආයතන වල රැකියා කරයි. එදා මෙන්  IT උපාධිය කොළඹ හා මොරටුව විශ්විද්‍යාලය වලට පමණක් සිමා වුයේ නම් ලංකාවේ IT ක්ෂේත්‍රය අද විශාල අර්බුදයකට පත්වනු ඇත. තවමත් පුද්ගලික උපාධි ආයතන නියාමනය කිරීමට ප්‍රමාණවත් ආයතනයක් හෝ  ක්‍රමවේදයක් නැත. විශ්ව විද්යාල කොමිෂන් සභාව උපාධිය නියාමනය කලත් ආයතනික වශයෙන් සිසුන් ප්‍රමාණය, අවශ්‍ය පහසුකම්, මිළ, විෂය මාලා ගැන සොයන්න කිසිවෙක් නැත. ඒ උපාධි ආයතනය වල ගුණ අගුණ ගැන දැන ගන්න ලබනුයේ ඊට පෙර ඉගෙන ගත සිසුවෙකුගෙන් හෝ එම ආයතන විසින්ම සපයන තොරතුරු වලින් පමණි.

මේ  නිසා බොහෝ විට අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර සඳහා වෙනත් මොඩලයක් යොදා ගත යුතුය. සමහර රටවල රජය සමග එක්වී පුද්ගලික ආයත මේ ක්ෂේත්‍ර වල ක්‍රියා කරන අතර තවත් රටවල ලාභ නොලබන ආයතන (not-for-profit) ලෙස ක්‍රියා කරයි. මෙහිදී සේවකයන්ට වැටුප් හා  අනෙකුත් දීමනා නිසි පරිදි ලැබෙන අතර, අයතනයේ නඩත්තු කිරීම සඳහා සේවාවට යම් මිලක් නියම කරයි. ඉතිරි වන මුදල්ද යොදවනුයේ ආයතනයේ උන්නතිය සඳහාය. මේ ක්‍රමය මගින් ලෝකයේ විශ්ව විද්‍යාල සීග්‍ර දියුණුවක් ලබාගෙන ඇත. ඔවුන් ශිෂ්‍යයන්ගෙන් මුදල් ය කරයි. කථිකාචාර්ය වරුන්ට  හා සේවකයන්ට වැටුප් ගෙවයි. විවිධ පර්යේෂණ සඳහා මුදල් යොදවයි. විශ්ව විද්‍යාලයේ සියළු බරපැන ඔවුන් විස්න්ම සොයා ගත යුතුය. විශ්ව විද්‍යාලයේ ranking වගේම උපාධියේ මිලද ඔවුන් තීරණය කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා රජයට මිට කාලයකට ඉහතදී තිබුනේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට අවශ්‍ය නිර්ණායක ලබා දීමය. එවිට ඒ අවශ්‍ය කාරනා සපුරන ඕනෑම කෙනෙකුට හෝ ආයතනයකට වෛද්‍ය විද්යාල ආරම්භ කල හැක. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය දැනුනු විට එය ආරම්භ කිරීමට මාන බලන්නේ ව්‍යාපාරිකයන් ලාභය සඳහා මිස ගුණාත්මක බව රැකීමට නොවේ. පුද්ගලික බස් සේවාව මගින් ප්‍රවාහන සේවයට ලැබුණු දෙයම පුද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා සෞඛ්‍ය සේවයට ද ළඟදීම ලැබෙනු ඇත.  එපමණක් නොව ඉදිරියට පුද්ගලික අංශයට ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථා ලැබේ යි අනුමාන කල හැකි දුම්රිය සේවයටද සිදුවන්නේ මේ නැස්පත්තියමය. දැන්වත් 'මට නැති නම් උබටත් නැහැ..' සංකල්පයෙන් මිදී වඩා පුළුල් මනසකින් ප්‍රශ්න දෙස බැලීමට සිතන්නේ නම් යහපත්ය.

No comments:

Post a Comment