ආසියානු බීච් වොලිබෝල් තරගාවලියට යන සංචිත නම් කෙරේ

430
mens and women teams for Asian Beach Volleyball tournament report

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන, වයස අවුරුදු 21න් පහළ ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය සඳහා කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම කණ්ඩායම් සහභාගී කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග ජනවාරි 22 වැනිදා හෙයියන්තුඩුව මාකොළ තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මග පෙන්වීම යටතේයි.

පිරිමි සංචිතය

  1. ඩී. කේ. රංග ප්‍රභාත්
  2. ජේ. එල්. අශේන් රෂ්මික
  3. තරිදු මධුසංඛ
  4. පි. ජී. මිහිරංග උදයකුමාර

පුහුණුකරු: එම්. ජේ. මහේෂ් පෙරේරා

කාන්තා සංචිතය

  1. එම්. එච්. හෂිනි මල්ෂා ප්‍රියමාලි
  2. ඒ. තාරකි නෙළුම් ප්‍රියදශනි
  3. ඩබ්. ෂෙහානි අසංගා
  4. ඩබ්. රමේෂා මධුෂානි පීරිස්

පුහුණුකරු: කේ. ඒ. සජිත් නන්දසිරි

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉකුත් 28 වැනිදා සිට තරගාවලියට සහභාගී වන තෙක් ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානය තුළ නේවාසිකව පුහුණු කිරීමට කටයුතු යොදා තිබේ. තරගාවලිය මාර්තු මස 02 වැනිදා සිට මාර්තු මස 04 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වෙනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට