Windows 10 Cloud අලුත්ම Operating System එක

Windows 10 Cloud අලුත්ම Operating System එක

1955
0
SHARE

Microsoft සමාගම විසින් මේ දිනවල PC makersලා chrome OS වලින් සහ consumers ලා apple’s iPad alternatives වලින් ඈත් කිරීමේ උත්සාහයක යෙදෙමින් සිටිනවා. ඔවුන් කලින් හඳුන්වා දුන් Windows RT බොහෝ වාර ගණනක් fail වුනා. එලෙසම Windows 8.1 with Bing OS එකත් ගොඩක් දෙනා අතරට ගියේ නෑ.ඒ නිසා ඒකත් බහුලව භාවිතා වුනේ නෑ. එම නිසා Microsoft සමාගම විසින් අලුත්ම operating system එකක් විදියට, ඒ වගේම low-cost version එකක් විදියට Windows 10 Cloud කියන එක හඳුන්වා දීමට නියමිතයි.

Mary Jo Foley කියන reporter එයාගෙ reports වල සඳහන් කරල තියෙනවා, Windows 10 cloud කියන්නෙ Windows 10 වලම තවත් simple version එකක් කියලා.ඒක design කරල තියෙන්නෙ windows store එකේ තියෙන Microsoft’s Universal apps, run කරන්න කියලා. ඒ වගේ ගොඩක් සරල windows 10 version එකක්, chrome OS වලට alternative එකක් විදියට භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම PC makersලට low cost එකට හෝ එහෙම නැත්නම් free, use කරන්න දෙන්න පුලුවන්.

Microsoft සමාගම විසින් නිශ්චිතවම මේ OS එක out කරන දිනයක් ගැන සඳහන් කරල නෑ.නමුත් අප්‍රේල් මුල වගේ එයාලා මේක out කරන්න බලාපොරොත්තු වෙනවා . ඒ වගේම අලුත්ම OS එක test කරලා මේ අවුරුද්දෙ අන්තිම deliver කරන්න තමයි ඔවුන් සැලසුම් කරල තියෙන්නෙ.

Microsoft සමාගම මේ අලුත් OS එක ගැන තවම කතා කරල නෑ. ඒ වගේම windows 10 cloud කියලා නම තිබුනා කියලා, ඒකෙ තේරුම මේක cloud එකට සම්බන්ධයි කියන එක නෙවෙයි.ඒ වගේම ඔවුන්,ඔවුන්ගේ key services, default විදියට දෙන්න බලාපොරොත්තු වෙනවා. එමගින් ඔවුන්ගේ consumers සියලුදෙනාම, software and services වල ecosystem තුල තබාගැනිම තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ.

Microsoft සමාගම පහුගිය මාසෙ සඳහන් කලා, එයාලගෙ windows desktop apps ටික, mobile ARM processers වලට ගේන්න සැලසුම් කරනවා කියලා. ARM chips වලටත්, ඒ variant, deliver කරන්න සමාගම සැලසුම් කලහොත්, ඒකෙන් ලොකු advantage එකක්, cloud OS එකටත් ගන්න පුලුවන්.

Source: theverge.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY