2017-01-31

22. ජනවාරි තිස් එක...


ලංකාවේ හැටියට ඉපදෙන්ට තියෙන වාසනාවන්තම දවස තමයි
"ජනවාරි තිස් එක"
කියන්නේ. ඒකට හේතුව තමයි ලංකාවේ ඉගෙනුම් ක්‍රමය අනුව ඉතාම ඉක්මණින්ම ඉගෙනුම අවසන් කරන්ට පුළුවන් ඒ දවසේ ඉපදිච්ච කෙනෙක්ට වීම...
ඇත්තටම ඒක වාසනාවක් නෙමෙයි ද හැබෑට???
කලින් අවුරුද්දේ පෙබරවාරි එක ඉපදිච්ච කෙනෙක් අවුරුද්දක් වැඩිමල් වුණත්, එයා එක්කම ඉගෙනුම් වැඩ පටන් ගන්ටත් ඉවර කරන්ටත්  මේ අවුරුද්දේ "ජනවාරි තිස් එක" ඉපදිච්ච කෙනෙක් ට පුළුවන්...
ඒ වගේම තමයි පෙබරවාරි එක දවසට කේන්දරය තියෙන අය ඉන්නවා "ජනවාරි තිස් එක" ඉපදුණ විදිහට උප්පැන්නය, හැඳුනුම්පත හදාගෙන ඉන්න.
ඒකට හේතුව කේන්දරයේ ඇත්ත උපන් දිනය තියෙන්ට ඕනේ වීමත්,
පෙබරවාරි එක කියන එක උප්පැන්නයට ආවොත් අවුරුද්දක් ඉගෙනීම පරක්කු වීමත් කියන එක...
ඉතින් ඇත්තටම උපන් දිනය "ජනවාරි තිස් එක" නොවෙන අයත් "ජනවාරි තිස් එක" විදිහට රඟපානවා ඔන්න ඔය සිද්ධිය නිසා...





ඔන්න ඔය කියන එකී මෙකී සිද්ධි ටික මතක් වුණේත් පොඩි හේතුවක් නිසා.
මීට අවුරුදු 25 කට කලින් "ජනවාරි තිස් එක" කියන දවසේ ඉපදිච්ච කෙනෙක්ව හදිස්සියේම මතක් වුණා.
සාමාන්‍යයෙන් සුබ පැතුම් කරන්ට අකමැති වුණත් නිකමට වගේ සුබ පැතීමක් කරන්ට හිතුණේ ඒ පොර ජීවිතයට පට්ට වැදගත් කෙනෙක් නිසා. ඇත්තටමත් හරිම හොඳ කෙනෙක්. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන්ට උත්සාහ දරණ කෙනෙක්...
එයාත් එක්ක තියෙන සම්බන්ධය නම්
එයා තමයි අම්මාගේ ලොකු පුතා...
ඒ කියන්නේ පවුලට ඉස් ඉස්සෙල්ලාම එකතු වෙච්ච කෙනා...
"ජනවාරි තිස් එක" ඉපදුණු එකට පට්ට ආඩම්බරයෙන් ඉන්න එයාට සුබ උපන්දිනයක් වේවා කියලා පතන්ට හිතුණා...
සුබ පතපු පලියටම උපන් දිනය සුබ වෙයිද දන්නේ නැති වුණත් ඔන්න සුබ පැතුවා ඕනේ එකක් කියලා...

අම්මාගේ ලොකු පුතාට, පවුලට මුලින්ම එකතු වුණ කෙනාට 
සුබම සුබ උපන් දිනයක් වේවා...!!!

(මල්ලිලා දෙන්නෙක් විතරයි.ඉන්නෙත්... ඒ දෙන්නාත් මේ සුබ පැතීමට එකතු වෙයි එයාලා දන්නවා නම්......)


4 comments:

  1. මාත් ජනවාරි නූලෙන් ගියේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජනවාරි ද???
      පෙබරවාරි ද???

      Delete
  2. සුබ උපන්දිනයක් වේවා...අපි වගේ නැතුව දිගටම ලියන්න.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි...
      ලියමු ලියමු නේ???

      Delete