Monday, January 30, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- අද්‍යාපනය (Education in South Korea)


දකුණු කොරියාවේ රජයේ පාසල් සහ පුද්ගලික පාසල් යනුවෙන් පාසල් දෙවර්ගයක් ඇත. මේ දෙවර්ගයටම ආදාර ලබා දෙන්නේ ආණ්ඩුවයි. රජයේ පාසල් වලට වඩා පුද්ගලික පාසල් වලට ලැබෙන ආදාර ප්‍රමාණය අඩුය. දකුණු කොරියාවට ආර්ථික සහයෝගිතා සහ සංවර්දන සංවිදානයේ රටවල් අතරින් ඉතා ඉහල ස්ථානයක් සාක්ෂරතාවය අතින් හිමි වේ. එහි අද්යාපන උණක් ඇතැයි පැවසීමට තරම් අද්‍යාපනයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ආර්ථික සහයෝගිතා සහ සංවර්දන සංවිදානයට අනුව 2014 ගණිතය සහ විද්‍යාව ලබා ගත් ලකුණු ප්‍රමාණයට අනුව දකුණු කොරියාව දෙවැනි වුයේ සිංගප්පුරුවට පමණි.

දකුණු කොරියානු සමාජයේ උසස් අද්‍යාපනය යන්න ඉතා ඉහල මෙන්ම බරපතල කරුණක් වේ. එය ජන ජිවිතයේ සංදිස්ථානයක් බවටද පත්වී අවසන්ය. අද්යාපන  සාර්ථකත්වය පවුලකට ආඩම්බරයකි. එය දකුණු කොරියානු මද්යම පන්තියට පිවුසුමෙහිලා දොරටු විවුර්ත කිරීමකි. එය හොද රැකියාවක් ලැබීමට උසස් විවාහයකට අවතීර්ණ වීමටද බලපාන කරුණක් වේ. යමෙකුට විශ්ව විද්‍යාල උපාදියක් නොතිබීම සමාජයේ වෙනස් කොට සැලකීමට මෙන්ම අනෙක් අය පහත් ලෙස තමන්ට සැලකීමටද හේතුවකි.

2015 දී රටේ දල දේශීය නිෂ්පාදනයෙන් 4.7% ක් අද්යපනයේ සැම මට්ටමකටම යොදවනු ලැබිණි. රටේ ඉහලම විශ්ව විද්‍යාල 03 ක් තිබේ. ඒ සියෝල් ජාතික විශ්ව විද්‍යාලය, කොරියානු විශ්ව විද්‍යාලය සහ යෝන්සි විශ්ව විද්‍යාලය  වේ. දකුණු කොරියානු අද්‍යාපනය එක්සත් ජනපද හිටපු ජනපති බැරක් ඔබාමාගේ පැසසුමටද ලක්වුණි. 

රටේ දැඩි අද්යාපන තරගකාරී බවක් තිබේ. මේ තත්වය සියදිවි නසා ගැනීම් සදහාද හේතු වේ, ඒ අද්යාපන විද්‍යාල වලට ඇතුළු වීමේ ඇති දැඩි තරගකාරිත්වය හේතුවෙනි. එක් ගුරුවරියක් ප්‍රකාශ කලේ රටේ අද්‍යාපනය ළමුන් අතවරයට ලක් කරන බවත් එය වහා ප්‍රතිසංස්කරණය සහ ප්‍රති විවුහගත කිරීම කල යුතු බවය. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...