Monday, January 30, 2017

අහංකාර නගරෙ

2005 අහංකාර නගරෙ ගීතය, College girl කෙනෙක්ට ගැයූවක් නම්, 2017 මධුවිතකින්, milf කෙනෙක් වෙනුවෙන් නොවේද?

Raniduගෙ 'අහංකාර නගරේ' හා 'මධුවිතකින්' ගීත දෙක අතර ඇති සම්බන්ධය මතුපිටින් බැලුවිට ඇති දේට වඩා ගැඹුරු සම්බන්ධයක් ඇති බව මේ ගීත දෙක මාරුවෙන් මාරුවට අහනකොට මට තේරුම්ගත හැකි විය. එම සම්බන්ධය සැකැවින් මෙසේයි.

1996 ක්‍රිකට් ලෝක කුසාලනය දිනා වසර 10කට ආසන්න කාලයකදි, එනම් 2005 වසරේදි නිකුත් වුනු අහංකාර නගරේ නම් ගීතයෙන් කියවෙන ආකාරයටම හිරිමල් යොවුන්වියේ පසුවන තරුණයෙකුගෙ හිතෙ මෝදු වු කුලුඳුල් ප්‍රේමය, එනම් සෑම නිරෝගි තරුණයෙකුගේම ප්‍රථම ප්‍රේමය, හොට් & සෙක්සි කෑල්ලක් කෙරේම යොමු වීම සාමාන්‍යයෙන් සිදු වන අතර මේ තරුණයාටත් එය එසේම වී ඇත

"අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනෙ...
තරමට ඉඟත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ළඳුනෙ..."

ගීතයෙ මුල්ම පද පේළි වලින්ම ඒ බව මනාව පැහැදිලි වී ඇති අතර,

" නුඹෙ වයස මටම ගැලපෙයිනම් මව්පියන් හිතට සතුටුයි නම්...
මට සිත දී සනසලා විල කලඹලා රැයම සරසලා..."

මෙම පද පේළි වලින් පෙනෙන පරිදි මෙම තරුණයා ආතල් එකට කරන පෙමක් නොවන බව මව්පියන්ගේ ආශිර්වාදය අගයන ආකාරයෙන් පෙනෙන අතර සාම්ප්‍රදායන්ට ගරු කරමින් වයස් පරතර පිළිබඳ අවදානය යොමු කර ඇති බවත් පැහැදිලි වේ.

මෙසේ මෝදු වු පෙම එම තරුණයා එම අදාළ ගැහැණු ළමයාට පවසා ඇති අතර මා කැට තියා ඔට්ටු අල්ලන්නම් ඇය අනිවාර්යයෙන්ම "අපි යාලුවො වගෙ ඉමු, ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි" ලෙස පවසන්නට ඇත. මෙයින් සිත් තැවුලට පත් තරුණයා විදේශ රටකට ගොස් අවුරුදු කිහිපයක් බයිලා(tronic) ගසා ජිවිතය නසරානි වි නැවත්ත මෙරටට පැමිණ ඇත.

අපි හැමෝටම පරිදි පළමු ප්‍රේමය හිමිත් නැත, අමතකත් නැත. ඉතිං සබඳ මේ ලෝක න්‍යාය මේ තරුණයාට පමණක් වෙනස් වන්නේ කෙසේද? ඔහුට මෙරටට ආ පසු ඇය ගැන සිහි වී ඇය පිළිබඳ සොයා බලා ඇත.

වසරට 10කට පෙර සිටි ඒ amature යුවතිය දැන් බොහෝ විට milf වී සිටිය යුතුය. ඇය ගැන සොයා බැලුවිට තමාගෙ පරම පිවිතුරු අකලංක ප්‍රේමය ඉවත දා තමාට ලොකු සීන් දමා කැමති නොවු යුවතිය අදත් එසේමය. එදා ගිය වටේ තාම ගමන් කරමින් සිටියි. ඒ බව,

 "තහනම් ගෙඩි කෑමුත් නුඹ රහසේ, බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ...
නැළවෙන උකුලේ පිරිපුන් ලමදේ හිඳි සුව සිහිවන විට සිත පිබිදේ..."

අලුත්ම ගීතයෙ මෙම පද පේළියෙන් මනාව පැහැදිලිව පෙනී යයි.

"නිදි නැති රෑ තුන්‍ යම රඟනා, රතු දෙතොලින් රහසේ කොඳුරා...
සලෙලුන් හිත මංමත් කරනා, මල් සර හී වරුසා වැටුනා..."

සල්ලාලයන් ගැන මෙහි දක්වා ඇති අතර එමඟින් gangbang එකක්දෝ යන්න ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ඇතත්, ඒ සමඟින්ම 'මල් සර හී වරුසා' වැටුන  බව සඳහන් කර ඇත. මල් සර හී වරුසා මොනාද කියලා තාමත් වැටහෙන්නෙ නැත්නම් අනුකම්පා ලිස්ට් එකට නම දාගෙනම යනමෙන් ඉල්ලා සිටිමි.
වසර කිහිපයකින් තම ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැකි වු තරුණයා නුඹ අපි හැමෝම පරිදි මධුවිතකින්ම ප්‍රශ්නය ඉවර කිරිමට තීරණය කර ඇත.

පිටපත සටහන
මහාචාර්ය Kadz 😁

ඔරිජිනල් පෝස්ටෙක ---->
 https://m.facebook.com/story.php?story_fbid=1373393042724532&id=100001615479257



No comments:

Post a Comment