වයස අවුරුදු 15න් පහල දකුණු පළාත් කලාපීය පාසල් පැසිපන්දු තරගාවලියේ තුන්වන සහ අවසන් දිනය අද (29) සාර්ථකව පැවැත්විය.

ලීග් ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ තරග සියල්ලම ජය ගනිමින් ප්‍රථම ස්ථානය  දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක බාලිකා කණ්ඩායම සමත් විය.

තරගාවලියේ දෙවන ජයත් ධම්සෝ ක්‍රීඩිකාවන්ට

වසය අවුරුදු 15න් පහළ දකුණු පළාත් කලාපීය පාසල් පැසිපන්දු තරගාවලියේ දෙවැනි දිනය අද (28) ක්‍රියාත්මක විය.

අද දිනයේ ප්‍රථම තරගය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය තරග බිමට පිවිසියේය.

මෙම තරගාවලියේ ආරම්භයේ සිටම පෙරමුණ ගත් 15න් පහළ ධර්මාශෝක බාලිකාවෝ මෙම තරගයද දක්ෂ ලෙස ජයග්‍රහණය කරන ලදී.

ධර්මාශෝක විද්‍යාලයේ නෙත්මි තත්සරා පෙර තරග වලදී මෙන්ම මෙම තරගයේදීද කැපී පෙනුනේ, කිහිපවරක්ම තමන්ට ලැබුණු අවස්ථාවන් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරගත් නිසාවෙනි.

ඊට නොදෙවනි අයුරින් ක්‍රීඩා කල සෙනුරි ප්‍රමෝද්‍යා පළමු අර්ධයේ අවස්ථාවන් දෙකකදී පන්දුව නිසි ඉලක්කය වෙත යොමු කරමින් කණ්ඩායමට ශක්තියක් වූ අතර, මුතූෂා මන්දාරි හා සනාතනී රසංජනා පන්දුව මනා අවබෝධයකින් යුතුව හුවමාරු කරමින් ලකුණු රැස් කිරීමට සමත් විය.  

ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17 – 06ක් ලෙස ධර්මාශෝක බාලිකාවෝ පෙරමුණ ගෙන සිටියහ.

පළමු අර්ධය: ධර්මා‍ශෝක විද්‍යාලය 17 – පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය 06

කුලරත්න විද්‍යාලය වෙනුවෙන් බර කරට ගත් ශෙහානි කිහිපවරක්ම තම කණ්ඩායමට ලකුණු එකතු කිරීමට සමත් වූ නමුත්, එය ධම්සෝ ක්‍රීඩිකාවන් අභිබවා යෑමට තරම් ප්‍රමාණවත් නොවුණි.

දෙවන අර්ධයේ පළමු හා දෙවන කාර්තු තුළදී කුලරත්න බාලිකාවන් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 03ක් පමණි.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 33 – පී.ඩී. එස්. කුලරත්න විද්‍යාලය 09

ධර්මාශෝක විද්‍යාලය පී.ඩී. එස්. කුලරත්න විද්‍යාලය
පළමු කාර්තුව 13 04
දෙවන කාර්තුව 04 02
තෙවන කාර්තුව 06 00
සිව්වන කාර්තුව 10 03

දිනයේ දෙවන තරගයේදී මාතර සුජාතා බාලිකා විද්‍යාලයට එදිරිව ගිංතොට මහා විද්‍යාලය තරග වැදුනි.

එහිදී ගිංතොට මහා විද්‍යාලයේ බාලිකාවන් පිටිය මැද අසරණ කරමින් පන්දුව සුජාතාවන් සතු කරගත්තේ තරගයේ සම්පූර්ණ අයිතිය ද තමන්ගේ කරගනිමිනි. ඒ අනුව ලකුණු 18 – 08ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සුජාතා බාලිකාවන් සමත් විය.

සුජාතාවන් වෙනුවෙන් ටිෂානි දක්ෂ ලෙස තම කණ්ඩායමට ලකුණු එක් කරන විට රසාන්දි හා නුවනි එක්ව ප්‍රතිවාදීන් අතරින් පන්දුව මාරුවෙන් මාරුවට සීරුමාරු කරමින් ලකුණු රැස් කරන ලදී.

පළමු අර්ධයේ පළමු හා දෙවන කාර්තු තුළ පිළිවෙලින් සුජාතා බාලිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි. ගිංතොට බාලිකාවන් එම කාර්තු දෙක තුළ ලකුණු 04ක් ලබා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: සුජාතා බාලිකා විද්‍යාලය 12 – ගිංතොට මහා විද්‍යාලය 04

දෙවන අර්ධයේදී සුජාතාවන් තවත් ලකුණු 06ක් එකතු කරගනිමින් තම කණ්ඩායමේ ජය තහවුරු කරගන්නා ලදී. එහෙත් සුජාතා ක්‍රීඩිකාවන්ගේ ප්‍රබල අභියෝගය හමුවේ ගිංතොට බාලිකාවන් හට ලබා ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 04ක් පමණි.

සම්පූර්ණ ලකුණු: සුජාතා බාලිකා විද්‍යාලය 18 – ගිංතොට මහා විද්‍යාලය 08

සුජාතා බාලිකා විද්‍යාලය ගිංතොට මහා විද්‍යාලය
පළමු කාර්තුව 12 02
දෙවන කාර්තුව 00 02
තෙවන කාර්තුව 04 02
සිව්වන කාර්තුව 02 02

දිනයේ තුන්වන තරගය පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය හා සුජාතා බාලිකා විද්‍යාලය අතර පැවැති අතර එම තරගය ලකුණු 28 – 17ක් ලෙස ජය ගන්නට සුජාතා බාලිකාවන් සමත් විය.

එහිදී සුජාතාවන්ට ජය ගෙන එන්නට නුවනි දැක්වු සහයෝගය කැපීපෙනුනි. ඊට අමතරව පමාලි හා ටිෂානි උදෑසන තරගයේ දී මෙන්ම මෙහිදී ද ලකුණු ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට හිසරදයක් විය.

පළමු අර්ධය: සුජාතා බාලිකා විද්‍යාලය 18 – පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය 07

දෙවන අර්ධයේ පළමු කාර්තුව තුළ කුලරත්න විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ශෙහානි අවස්ථාවන් කිහිපයකදී ලකුණු ලබා ගත් අතර එම නිසා සුජාතාවන්ට සාපේක්ෂව එම කාර්තුව තුළ ලකුණු 03ක් වැඩිපුර ලබා ගැනීමට ඔවුන් සමත් විය.

එහෙත් නැවතත් ක්‍රියාත්මක වූ සුජාතාවන් අවසන් කාර්තුව තුළ ලකුණු 08ක් එකතු කර ගත්තේ සමස්ථ ලකුණු සංඛ්‍යාව 28ක් බවට පත් කරගනිමිනි.

සම්පූර්ණ ලකුණු: සුජාතා බාලිකා විද්‍යාලය 28 – පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය 17

සුජාතා බාලිකා විද්‍යාලය පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය
පළමු කාර්තුව 12 05
දෙවන කාර්තුව 06 02
තෙවන කාර්තුව 02 05
සිව්වන කාර්තුව 08 05

මෙම තරගාවලියේ අවසන් තරගය පැවැත්වූයේ ගිංතො‍ට මහා විද්‍යාලය හා අනුලා දේවි බාලිකා විද්‍යාලය අතරයි.

මෙහිදී ගිංතොට බාලිකාවන් ආරම්භ‍යේ සිටම අසරණ කරමින් ලකුණු 38 – 02ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට අනුලා දේවි බාලිකාවන් සමත් විය.

පළමු කාර්තු දෙක තුළ පිළිවෙලින් ලකුණු 14ක් හා 10ක් අනුලා බාලිකාවන් ලබා ගන්නේ කිසිදු අභියෝගයක් නොමැතිවයි. එම කාර්තු දෙක තුළ ගිංතොට බාලිකාවන් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 02ක් පමණි. එම ලකුණු 02 තරගය අවසන් වන තෙක් වැඩි කර ගැනීමට ඔවුන් උත්සහ ගත්තද එ් සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට අනුලා බාලිකාවෝ සමත් වූහ.

පළමු අර්ධය: අනුලා දේවි බාලිකා විද්‍යාලය 24 – ගිංතොට මහා විද්‍යාලය 02

අනුලා දේවි බාලිකා කණ්ඩායමේ ටෂිලා ප්‍රබුද්ධි මෙම ජයග්‍රහණයට විශාල ‍ලෙස දායක වූ අතර ඇය වරින් වර ගෝල කණුව අක්‍රමණය කරමින් ලකුණු ලබා ගත්තාය. තරින්දි ශාක්‍යා හා තරුෂි ප්‍රසංශා හුවමාරු කරගනිමින් තිබූ පන්දුව නයනි මදුෂිකා ලබා ගෙන එය ලකුණු බවට පරිවර්තනය කළ අවස්ථා කිහිපයක්ම මෙම තරගයේදී දැක ගන්නට හැකිවිය.

සම්පූර්ණ ලකුණු:  අනුලා දේවි බාලිකා විද්‍යාලය 38 – ගිංතොට මහා විද්‍යාලය 02

අනුලා දේවි බාලිකා විද්‍යාලය ගිංතොට මහා විද්‍යාලය
පළමු කාර්තුව 14 00
දෙවන කාර්තුව 10 02
තෙවන කාර්තුව 08 00
සිව්වන කාර්තුව 06 00

ලීග් තරගාවලියක් ලෙස පැවැති වයස අවුරුදු 15න් පහල දකුණු පළාත් කලාපීය පාසල් පැසිපන්දු තරගාවලියේ පළමු තැන ධර්මාශෝක විද්‍යාලය දිනා ගන්නා විට දෙවන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා වූ ස්ථාන පහත පරිදී තීරණය විය.

  • ‍පළමු ස්ථානය – අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • දෙවන ස්ථානය – මාතර සුජාතා බාලිකා විද්‍යාලය
  • තෙවන ස්ථානය – අනුලා දේවි බාලිකා විද්‍යාලය
  • සිව්වන ස්ථානය – පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය
  • පස්වන ස්ථානය – ගිංතොට මහා විද්‍යාලය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<