Blogger Tricks Blogger Tricks

Sunday, January 29, 2017

ගම්මානේ - 3



කදමලු එහෙම අරගෙන ලොකු අම්මාට
පසුදින උදෑසන කඩමණ්ඩිය ලඟට
සේපාලිකා ආවා ටවුමට යන්ට
ටවුමෙන් ගන්නවා බස් එක දුම්බරට

නගා උදේ යන බව මට කිව් හින්දා
ආවා බලන්නට නුඹ දුර යන හින්දා
ප්‍රවෙසමට යන්නට ඕනා හින්දා
එන්නද මමත් ටවුමට යනකන් කැන්දා

සිරිල් අයියා තකහනියක් මේ උදයේ
ආවේ අපරාදෙ මේ කලබලයේ
යන්නට බැරිද මේ ටික දුර මට තනියේ
කලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේ

තාමත් මුරණ්ඩුව අඩු නැහැ නේද
හරි ආඩම්බරයි ඉස්සර වාගේම
මට ආදරේ හිතුනේ මේවට නේද
නොකියා කියන බහ රසයකි පෙරසේම

අයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේ
මම නැහැ තවම බහ දීලා දීගේ
තව දුර හිතන්නට තියනවා වාගේ
අයියා හොඳින් ඉන්නකෝ මේ ගම්මානේ

නගාගෙ කැමැත්තට මම ඉඩ දෙනවා
ඉල්ලපු දෑ අවුරුද්ද තව මම ඉවසනවා
එතකන් බහ දෙනකන් ලත වෙනවා
තේ වත්තේ වැඩත් ළඟ ළඟටම එනවා

එහෙනම් අයියේ මම බසයට යනවා
තව තව හොඳින් වැඩ කටයුතු කරවා
අයියා දස්සයනේ ඕවට හරි කරලා
අම්මට කියනවද මම යනවා කියලා

දුර සිට බලන් සිටි අපෙ සුදු බණ්ඩාර
ඉන්නවා දුක්බරව  දැක්කේ අන්තිමට
එක වචනයක් දුර යනු පෙර පවසන්ට
පුළුවන් කමක් ලැබුනේ නෑ හරි ආකාර

ලඟට එන්න බැරිමුත් අයියේ නුඹට
දනිමි නුඹේ සෙනෙහෙස ඇති මගෙ නමට
පොඩි සන්දියේ ඉඳන් අපි ආගිය ගිං වැවට
යන්නට හිතයි නුඹ එක්කල හවසකට

මතකයි අපි දෙන්න ඉස්සර වැව ඉවුරේ
සෙල්ලම් කළා එනකං ගොම්මන් අඳුරේ
සිරිල් දුරින් බලලා අපේ සෙල්ලම රහසේ
යනවා අම්මා එක්කල නොදුටුවා සේ

කියන්න වදන් තිබ්බත් හිත පිරෙන්නට
ඉඩ නැහැ අයියණ්ඩි නුඹ ළඟ මට තව ඉන්ට
හිටියොත් ගමේ තව මම සති කීපෙකට
කරනවා සිරිල් කරකාරේ  හරි ජයට

එහෙනම් අයියේ මම දුර යනවා යන්ට
එනවද මා බලන්නට නුඹ දුම්බරට
අරගෙන මම ආස පැණි වලලුත් බරට
මම මග බලමි එනකන් නුඹ දකින්නට

ලොකු නිහැඬියාවකින් පස්සේ ගම්මානේ ආයේ ලියන්න හිතුනා. කලින් කොටස් මෙතනින් බලන්න පුළුවන්.

ගම්මානේ
ගම්මානේ - 2

4 comments:

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....