Office Insider වැඩසටහන දැන් iPhone සහ iPad වලටත්

Office Insider වැඩසටහන දැන් iPhone සහ iPad වලටත්

1459
0
SHARE

Microsoft ආයතනය විසින් පසුගිය අවුරුද්දේ දී Office Insider වැඩසටහන Windows, mac සහ Android සදහා නිකුත් කළා.Office Insider වැඩසටහන සහ Windows Insider වැඩසටහන වැඩ කරන විදිහ එකිනෙකට ගොඩක් සමානයි, මොකද අලුතෙන් එන්න තියෙන features අනිත් හැමෝටම කලින් මේක පාවිච්චි කරන අයට අත්විදින්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාට එන updates නිසා සමහර වෙලාවට app එක හරියට වැඩ කරන එකක් නැති වෙයි.

ඉතින් Microsoft ආයතනය හඳුන්වා දෙන Office Insider වැඩසටහන හරහා iPhone සහ iPad භාවිතා කරන IOS පරිශීලකයන්ට මේ අලුතින් එන්න තියෙන updates ගැන කලින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.

Microsoft ආයතනය කියන විදිහට එයාල හරිම නොඉවසිල්ලෙන් ඉන්නෙ iPhone සහ iPad වලට Office Insider වැඩසටහන හඳුන්වා දෙන්න.එමගින් Word, Excel, PowerPoint සහ OneNote සමඟ ඉතා පහසුවෙන් වැඩ කිරීමටත් පුලුවන්කම ලැබෙනවා.පවතින සීමිත ඉඩකඩ නිසා පළමුව අයදුම් කරන උද්යෝගිමත් Office පරිශීලකයන්ට සහ iPhone, iPad apps පරීක්ෂා කර ප්‍රතිචාර ලබා දීමට කැමති අයට ඉඩකඩ ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ වගේම මේ සඳහා ක්‍රියාශීලීව සහභාගි නොවන අය ඉවත් කර ඒ සඳහා වෙන්කර ඇති සම්පත් වෙනත් කණ්ඩායම් සඳහා ලබා දෙන බවත් ඔවුන් වැඩි දුරටත් පවසනවා.

Office Insider වැඩසටහනට එකතු වෙන්න කැමති නං මෙතනින් sign-up වෙන්න.Insider වැඩසටහනේ තියෙන්නේ ඉතාම සීමිත ඉඩ ප්‍රමාණයක් නිසා පුළුවන් ඉක්මනින් අයදුම් කරන්න.

Source: mspoweruser.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY