Wednesday, January 25, 2017

ජනතා අදිකරණය (88);- සරත් කුමාර නයිදොෂ් නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 608/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු පිළියන්ද පදිංචි සරත් කුමාර නයිදොස්ය. වගයුත්තරකරුවන් වුවේ මොරටුව පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නීතිපතිවරයාය. 

මෙය අගවිනිසුරු කේ ශ්‍රීපවන් විනිසුරු ප්‍රියන්ත ජයවර්දන විනිසුරු අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එමිසා ටිගොල් වගයුත්තරකරුවන්  වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර නීතිඥ කාමිල් මද්දුමගේ රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2017.01.19 වැනිදාය.

පෙත්සම්කරු මේසන් බාස් කෙනෙකි. විවාහක පියෙකි. ඔහු මිට පෙර ගංජා නඩුවකට වරදකරු වූ බව පිළිගැනේ. මිට අමතරව ඔහුට වෙනත් අපරාද නඩු නැත. ඔහු තමන්ට ඉහත මොරටුව පොලිසියේ වගයුත්තරාකාර නිලදාරීන් වදහිංසා කර කෘර අමානුෂික පහත්කොට සැලකිමකට ලක් කල බව කියා සිටි.

මොරටුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ සොරකමකට සැක කොටය. ඔහුට මොරටුව පොලිසියේදී අමානුෂික ලෙස වදහිංසා පම්නුවනු ලැබිය. ඒ අතර එල්ලා පහරදීමද විය. ඔහුව බැලීමට පැමිණි බිරිද ඇතුළු ඥාතීනට තමනට වදහිංසා පැමිණවූ බව කියා සිටියේය. ඔවුන් අදිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කල අතර ඒවා තීන්දුවට ඉතා තීරණාත්මක ලෙස බලපාන ලදී. පොලිස් නිලදාරීන් ඔහුට තර්ජනය කලේ බෝම්බයක් දමා දිගු කලකට බන්දනාගාර ගත කරන බවයි. ඔහුව පොලිසියේ රදවා සිටියදී නීතිඥවරියන් දේපලක් ඔහුව බැලීමට පැමිණි අතර එක නීතිඥවරියක් අදිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.

පෙත්සම්කරුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. ඔහුට විරුද්දව මොරටුව පොලිසිය නඩු දෙකක් ඉදිරිපත් කර තිබිණි. ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. මින් එක් නඩුවක් සොරකමක් සම්බන්දයෙන් වන අතර අනෙක හෙරොයින් නඩුවකි. වගයුත්තරාකාර පොලිස් නිලදාරියා එම නඩු වලදී අදිකරණයට අසත්‍ය සාක්ෂි දුන් බව තහවරු විය. මහේස්ත්‍රාත් වරයා පහත නිගමනයන් සිදු කළේය. එනම් ඔහුව 2008.07.05 දින සිට 2008.07.13 දක්වා නීතිවිරෝදී ලෙස රදවා ගැනීමෙන් පසු වදහිංසා පැමිණවූ බවය.

ශේශ්‍රදිකරණය ඔහුගේ 1978 ආණ්ඩු ක්‍රම ව්වස්ථාවෙන් සහතික කර ඇති අංක 11 සහ 13 (1) වගන්තින් වල සදහන් මුලික අයිතීන්උල්ලංගනය වූ බව නිගමනය කළේය. පළමු සහ දෙවන වගයුත්තරකරුවන් ඔහුට වන්දි ලෙස වෙන වෙනම රුපියල් ලක්ෂය බැගින් වන්දිද රජය රුපියල් ලක්ෂයක වන්දියක්ද ඒ අනුව මුළු වන්දිය ලෙස රුපියල් ලක්ෂ තුනක්ද ඔහුට ගෙවීමට නියම කල අතර එය මෙම තීන්දුවේ සිට සති 04 ක කාලයකදී ගෙවිය යුතු බවත් තීරණය කෙරිණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. 


මෙය පානදුර ජනසන්සදයට වාර්තා වූ සිද්දියකි.

ජනසංසදය 

0773201270
0382231419

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...