තරංග ODI නායකත්වයට; වීරක්කොඩි සහ මධුශංක ප්‍රථම වරට සංචිතයට

93
Tharanga named ODI captain; Weerakkody and Madushanka earn maiden call-ups

සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලබන ජනවාරි 28 වනදා ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වැඩ බලන එක්දින නායකයා ලෙස තේරීම් කමිටුව විසින් උපුල් තරංගව නම් කර ඇත.

සඳකැන් සහ මැතිව්ස් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරගුළු විවරකරයි

දීර්ඝ කාලයක සිට පැවති පරාජයේ ඉඩෝරය නිමා කරමින් අද (22) දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරට ජයග්‍රහණයේ වැසි පතිත විය. ඒ ශ්‍රී ලංකාව…

දෙවන විස්සයි විස්ස තරගය අතරතුරදී නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් කලව ආබාධයකට ලක්වීම හා පෞද්ගලික කාරණාවක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර ඔහුගෙන් හිස්වුනු නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි. නමුත් අත්දැකීම් අතින් වැඩි උපුල් තරංගට මෙවර එම අවස්ථාව හිමිව තිබේ. සිම්බාබ්වේ හිදී ඔක්තෝබර් මාසයේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියට චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනාම සහභාගි නොවුනු බැවින් එහිදී ද නායකත්වය දරන ලද්දේ උපුල් තරංග විසිනි.

එක්දින සංචිතය සඳහා නම්වනු ඇතැයි බලාපොරොත්තු වුනු පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයන්ට ලක්වීම නිසා මෙම සතිය මුලදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ.

එමෙන්ම වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චතුරංග ද සිල්වා ද ආදේශකයක් ලෙසින් සංචිතයට නම්කර ඇත. චතුරංග සිල්වා මේ වනවිට එක්දින තරග 6කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 2014 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ සංචිතයේද කොටස්කරුවෙකු බවට පත්විය. ඔහු මෙවර තරග වාරයේදී මුවර්ස් කණ්ඩායමේ සිට NCC කණ්ඩායමට පැමිණීමෙන් අනතුරුව තරග 6ක් තුලදී කඩුලු 35ක් දවාගෙන පිත්තෙන් ලකුණු 560ක් රැස්කලේ සාමාන්‍ය 50.90ක් ලෙස පවත්වා ගනිමිනි.

NCC පිළ නියෝජනය කරන 23 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ජාතික සංචිතයක් සඳහා ප්‍රථම වරට නම් වී ඇත්තේ CCC කණ්ඩායමේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ලහිරු මධුශංක සමගිනි.

වීරක්කොඩි මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුපිරි රිද්මයක පසුවූයේ සහභාගි වුනු තරග 6දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 530ක් රැස්කර ගනිමිනි. ඊට අමතරව ඔහු 100කට අධික පන්දුවට පහර දීමේ වේගයක්ද පවත්වාගෙන යාමට සමත් විය. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගැනුම ලැබූ මධුශංක, A කණ්ඩායම නියෝජනය කරමින් මේ වනවිට ක්‍රීඩා කර ඇත්තේ තරග 27ක් පමණක් වුවත් ගෙවුනු සතියේ පැවති සුපිරි 8 වටයේ සිව්දින තරගයක් අතරතුරදී ලකුණු 164ක් රැස් කරමින් කඩුලු 7ක් බිඳ දැමීමට සමත් විය.

විස්සයි විස්ස විශේෂඥයින් වන ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න සහ තික්ෂිල ද සිල්වා විස්සයි විස්ස තරගාවලිය නිමාවීමත් සමග නැවතත් ශ්‍රී ලංකාව බලා පිටත්වනු ඇති අතර පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එකතු වීම සඳහා දකුණු අප්‍රිකාව බලා ගමන් කරනු ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු මධුශංක, ලහිරු කුමාර, විකුම් සංජය,  සුරංග ලක්මාල්, නුවන් කුලසේකර.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

Tharanga named ODI captain; Weerakkody and Madushanka earn maiden call-ups