ගෙවුනු දවස ජනවාරි 23 – නාවිකයෝ ගුවනට පරාදයි

556
Sri Lanka Sports News last day summary January 24th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

පාපන්දු –

නාවික හමුදාව 01 – 00 ගුවන් හමුදාව

Sri Lanka Sports News last day summary January 24thPIc 1(6)ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සිව්වන සතියේ තවත් තරගයක් ඊයේ (23) කැළණිය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ නාවික හමුදා කණ්ඩායමත් ගුවන් හමුදා කණ්ඩායමත් අතරයි. එහිදී ප්‍රථම අර්ධයේදී හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් නාවික හමුදාව ගෝල 1-0ක් ලෙසින් සමස්ත තරගය ජයග්‍රහණය කරන ලදී.

පළමු අර්ධය – නාවික හමුදාව 1-0 ගුවන් හමුදාව

සම්පුර්ණ කාලය – නාවික හමුදාව 1-0 ගුවන් හමුදාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් – ධම්මික රත්නායක 41′ (නාවික හමුදාව)

රතු කාඩ්පත් –  චලන චමීර 88′ (නාවික හමුදාව)

කහ කාඩ්පත් – ධම්මික රත්නායක 24′ (නාවික හමුදාව), ලක්මාල් ගුණසිංහ 29′ (ගුවන් හමුදාව), රුවන් අරුණසිරි 39′ (ගුවන් හමුදාව), කෝලිත ලංකේශ්වර 70′ (ගුවන් හමුදාව).

සවිස්තර වාර්තාව: ප්‍රථම අර්ධයේ ගෝලයෙන් නාවිකයන්ට ජය


ක්‍රිකට් –

රාගමට සහ කොළඹට ජය

Sri Lanka Sports News last day summary January 24thජාත්‍යන්තරය කරා යා හැකි සුපිරි ක්‍රිකට් තරු සොයා යාමේ අදිටනින් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි 8 වටයේ තරග දෙකක් ඊයේ (23) නිමාව දුටුවේය. එහිදී NCC සහ ටැමිල් යූනියන් කණ්ඩායම් පරාජය කරමින් රාගම ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62): තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 47.3): සමීර ද සොයිසා 57, ෆර්වීස් මහරූෆ් 3/28, චතුරංග ද සිල්වා 4/21.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 53.5): චතුරංග ද සිල්වා 78, ජෙහාන් මුබාරක් 49, සඳුන් වීරක්කොඩි 32, ජනිත් ලියනගේ 2/41, තිලක්ෂ සුමනසිරි 3/28.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 352 (පන්දුවාර 136.3): ජනිත් ලියනගේ 87, ලහිරු මිලන්ත 59, සමීර ද සොයිසා 56, චතුර පීරිස් 51*, චතුරංග ද සිල්වා 3/84, තරිඳු කෞෂාල් 3/103, ෆර්වීස් මහරූෆ් 2/42.

සම්පූර්ණ වාර්තාව‍: රාගමට සහ කොළඹට සුපිරි 8 වටයේ ජයග්‍රහණ


ශෙහාන් සහ මනෝජ් ගෙන් අර්ධ ශතක

Singer U19 schools Cricketකළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය ඊයේ (23) ආරම්භ වූයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරගයක් ලෙසයි.  තරගයේ පළමු දිනය තුල මනෝජ් දේශප්‍රිය හා ගෙශාන් විමළධර්මගේ  පිතිකරණ සබඳතාවය දිනයේ අලංකාරවත් බව තව තවත් ඔපනැංවිය.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 8ක් දැවී ලකුණු 362 (පන්දුවාර 94): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 6/130

සම්පූර්ණ වාර්තාව: දේශප්‍රියගෙන් හා විමලධර්මගෙන් අර්ධ ශතක


නිමේෂ්ගෙන් ලකුණු 72ක්

Sri Lanka Sports News last day summary January 24thපාසල් ක්‍රිකට් පිටියේ තවත්  පළමු පෙළ ක්‍රිකට් තරග හතරක් ඊයේ (23) ආරම්භ විය. ඊයේ දිනය තුල සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නිමේෂ් බණ්ඩාර ලකුණු 76ක් ලබාගෙන දිනයේ වැඩිම ලකුණු ලාභියා වන විට, තවත් ලකුණු 72ක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක සමත් විය.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 39): මොහොමඩ් අජ්ෆාර් 47, සුනෙර ජයසිංහ 28, මොහොමඩ් අබ්සාර් 20, දිලීප ජයලත් 4/16, කවිශ්ක අංජුල 2/06, සුපුන් වරාගොඩ 2/40

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 81 (පන්දුවාර 16.3): සහන් සුරවීර 31*, කවිදු ගිම්හාන 27

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 34.1): නිමේෂ් බණ්ඩාර 76, මලින්ත පීරිස් 41, රැචික දංගල්ල 3/25, මොවින් සුභසිංහ 6/43

කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 107 (පන්දුවාර 48): මොවින් සුභසිංහ 31*, ශමෝද් ඇතුළත්මුදලි 28

සවිස්තර වාර්තාව: නිමේෂ් හා සන්තුෂ්ගෙන් විශිෂ්ට පිතිහරඹයක්

දිනයක අවසානය