ප්‍රථම අර්ධයේ ගෝලයෙන් නාවිකයන්ට ජය

379
AF v Navy

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සිව්වන සතියේ තවත් තරගයක් අද (23) කැළණිය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ නාවික හමුදා කණ්ඩායමත් ගුවන් හමුදා කණ්ඩායමත් අතරයි. එහිදී ප්‍රථම අර්ධයේදී හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් නාවික හමුදාව ගෝල 1-0ක් ලෙසින් සමස්ත තරගය ජයග්‍රහණය කරන ලදී.

බ්ලූ ස්ටාර් අතින් නිව් යංග්ස් පරාජය වේ

බ්ලූ ස්ටාර් කණ්ඩායම තම ශූරතා සිහිනය තව දුරටත් රඳවා ගනිමින් නිව් යංග්ස් පිලට එරෙහිව සියුම් ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (22) සමත්විය. තරමක් මන්දගාමී ස්වරූපයකින් ඇදී ගිය තරඟයේ පළමු අර්ධයේදී ඉදිරියෙන් සිටීමට ඇෆොන්ජා ජිබෝලාගේ විශ්මයජනක ගෝලයත් සමඟ කළුතර කණ්ඩායමට හැකි වූවත් දෙවන අර්ධයේදී ගෝල රැස් කිරීමට අපොහොසත් වීම නිසා තරගය වඩාත් තරගකාරි මුහුණුවරක් ගැනිනි.

මෙරට දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම් ලත් කණ්ඩායම් දෙක ඉතාමත් උද්‍යෝගයෙන් තරගයට එක්වූ අතර පන්දු පාලනයේ වැඩි අයිතිය ගුවන් හමුදා ක්‍රීඩකයන් සතුකර ගනිද්දී ජයග්‍රහණය හිමිවුණේ ගෝලයක පරතරය රැකගත් නාවික හමුදාවටයි.

මුල් අර්ධයේදීම දෙපිලෙන්ම දිස්වූයේ පන්දුව රැගෙන පෙරට යාමකි. උණුසුම වැඩිවීම නිසාම නීති රීති උල්ලංඝනය කිරීම් කිහිපයක්ම දැකගත හැකිවිය. ඉන් ගුවන් හමුදාවට වේදනාකාරීම අත්දැකීම හිමිවූයේ තරගයේ 39 වන මිනිත්තුවේදී ඔවුන්ගේ ගෝල රකින්නා වන රුවන් අරුණසිරිට කහ කාඩ්පතක් හිමිවීමත් සමගය. ඔවුන් කබලෙන් ලිපට ඇදවැටුණේ එහිදී ලද දඬුවම් පහර සාර්ථක කරගත් ධම්මික රත්නායක, නාවික හමුදාවට ගෝලයක් ලබා දීමත් සමඟය.

පළමු අර්ධය – නාවික හමුදාව 1-0 ගුවන් හමුදාව

දෙවන අර්ධයේ මුල් භාගයේදීම තරගයේ උණුසුම කෙමෙන් වැඩිවන්නට විය. එහිදී නාවික හමුදාවේ සුදර්ශන සහ ගුවන් හමුදාවේ වෙල්ගමගේ අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවූ නමුත් තත්වය පාලනය කරගැනීමට විනිසුරුට හැකිවිය.

තරගයේ 62 වන මිනිත්තුවේදී තර්ජනාත්මකව ඉදිරියට පැමිණි ගුවන් හමුදාවේ කවිඳු ඉෂාන්ව සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවේ ආරක්ෂකයන් සමත් විය. 65 වන මිනිත්තුවේදී නාවික හමුදාව වෙතින් එල්ල වූ ප්‍රහාරයක් ගුවන් හමුදා ගෝලයට ඉහළින් ඇදී ගියේය.

73 වන මිනිත්තුවේදී නාවික හමුදාවෙන් ගුවන් හමුදා ගෝල රකින ක්‍රීඩක අරුණසිරි වෙත දැඩි අභියෝගයක් එල්ලවූ අතර දෙවරක් උත්සාහ කිරීමෙන් පසු පන්දුව නවත්වා ගැනීමට ඔහුට හැකිවිය.

තරගය අතරතුර කහ කාඩ්පතක් ලබා සිටි චලන චමීරට, 89 වන මිනිත්තුවේදී තවත් කහ කාඩ්පතක් හිමිවීමෙන් අනතුරුව ඔහුව පිටියෙන් ඉවත් කරන ලදී. ඉන්පසු නාවික හමුදාවට සිදුවූයේ ක්‍රීඩකයන් දසදෙනෙකු යොදාගෙන ක්‍රීඩා කිරීමටයි. එනමුත් සාර්ථකව එම අභියෝගයට මුහුණ දෙන්නට ඔවුනට හැකිවූ අතර ගුවන් හමුදාවෙන් එල්ලවූ සෑම තර්ජනයක්ම ඔවුන් විසින් පාලනය මනාව පාලනය කරගැනීමට සමත් විය.

ආබාධ සඳහා වෙන්කළ අතිරේක කාලය වශයෙන් මිනිත්තු 5ක් තරගට එක්කළ ද ගුවන් හමුදාවට ගෝලයක් වාර්තා කිරීමට නොහැකිවීම නිසා ජය හිමිවූයේ නාවික හමුදාවටයි.

තරඟයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වීමට නාවික හමුදා පුහුණුකරු ධම්මික අතුකෝරාල එක්විය.

“මෙය අපට අවශ්‍යව තිබූ ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ආරක්ෂක සේවා කණ්ඩායමකට එරෙහිව. අද අපි වැරදි කළේ අඩුවෙන්, එය අපට ලොකු පිටිවහලක් වුණා. අපි ප්‍රතිආක්‍රමණයේ තමයි යෙදුණේ අපට ක්‍රීඩකයන්ගේ මදිකමක් තිබුණු නිසා. ඊළඟ තරග වට 3ට සහ තරගාවලි වලට මේ පන්නරය ඉතා වැදගත්.”

සම්පුර්ණ කාලය – නාවික හමුදාව 1-0 ගුවන් හමුදාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් – ධම්මික රත්නායක 41′ (නාවික හමුදාව)

රතු කාඩ්පත් –  චලන චමීර 88′ (නාවික හමුදාව)

කහ කාඩ්පත් – ධම්මික රත්නායක 24′ (නාවික හමුදාව), ලක්මාල් ගුණසිංහ 29′ (ගුවන් හමුදාව), රුවන් අරුණසිරි 39′ (ගුවන් හමුදාව), කෝලිත ලංකේශ්වර 70′ (ගුවන් හමුදාව).

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට