සොලිඩ් පරදා ජයග්‍රහණය රිනවුන් ක්‍රීඩා සමාජයට

516

කැළණිය පාපන්දු පිටිය අදත් කාර්යබහුල කරවමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් පැවතියේ රිනවුන් ක්‍රීඩා සමාජය සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතරයි. එහිදි ප්‍රතිවාදීන් හට කිසිදු ගෝලයක පහස විඳගැනීමට ඉඩ නොතබමින් රිනවුන් ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කලේ ගෝල 04-00ක් ලෙසයි.

රතු කාඩ් සමඟින් උණුසුම් වූ තරගයක ජයග්‍රහණය කොළඹට

සර්වාන් ජොහාර් අවසන් මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමඟ ප්‍රභල යුධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ගෝල 02-01ක් ජයග්‍රහණය වාර්තා කරන්නට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ..

ආරම්භක සංඥාවේ අවසරයෙන් ක්‍රීඩකයෝ තරගය ආරම්භ කල අතර තරගයේ ප්‍රථම මිනිත්තු දෙක ඇතුලත ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් උදා කර ගත් රිනවුන් ක්‍රීඩක මොහොමඩ් ෆසාල් ට එය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

ප්‍රථම අර්ධය පුරාවටම දක්ෂ ලෙස සොලිඩ් ක්‍රීඩකයින් අවහිර කරමින් රිනවුන් ක්‍රීඩකයෝ තරග කරනු දක්නට හැකි විය.

තරගාරම්භයෙන් පැය භාගයක් පමණ වනතෙක් ගෝලයක් වාර්තා කරන්නට ක්‍රීඩකයින් අසමත් වූ අතර 31වැනි මිනිත්තුවේදී මොහොමඩ් මුජීබ් ප්‍රථම ගෝලය රිනවුන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කලේය.

ප්‍රථම අර්ධයේදී සොලිඩ් ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක්වීම නිසාවෙන් ප්‍රථමාධාර සඳහා තරගය මොහොතකට නතර කරනු ලැබීය.

මුජීබ් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට උත්සහා දැරූවත් එය ගෝලයෙන් එපිටට විසිවිය.

තරගයේ 44 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමට තිබුනු ඉතාමත් හොඳ අවස්ථාවක් ගිලිහී ගියේ ෆසාල් අතිනි.

තරගයේ ප්‍රථම අර්ධය නිමාවීමට මොහොතකට මත්තෙන් දඬුවම් පහර අවස්ථාවක් රිනවුන් කණ්ඩායමට ලැබුනු අතර ඒ සමඟින් ලකුණු සංඛ්‍යාව දෙගුණ කර ගැනීමට ෆසාල් සමත් විය.

ප්‍රථම අර්ධය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 02 රිනවුන් ක්‍රීඩා සමාජය

සොලිඩ් ක්‍රීඩා සමාජය ගෝල හඹා යෑම ආරම්භ කරමින් දෙවැනි අර්ධය ආරම්භ විය. දෙවැනි අර්ධයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකටම ගෝල රැස්කරගැනීමට තිබුණු අවස්ථාවන් කිහිපයක් මඟ හැරි ගියේය.

සොලිඩ් ක්‍රීඩා සමාජය කෙසේ හෝ ගෝලයක් වාර්තා කිරීමට සෑම උත්සාහයක්ම යොදවන අතරතුරදී රිනවුන් ක්‍රීඩා සමාජය තවත් ගෝලයක් වාර්තා කලේ 61වැනි මිනිත්තුවේදීය. එම ගෝලයට හිමිකම් කීවේ මොහොමඩ් රිෆ්නාස් ය.

ඉන් අනතුරුව තරගයේ ක්‍රීඩක ආදේශ කිරීම් කිහිපයක් කණ්ඩායම දෙකෙන්ම දක්නට ලැබුනි.

රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් 70 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමට තිබුණු අනඟි අවස්ථාවක් මඟ හැර ගත් නමුත් 75 වැනි මිනිත්තුවේදී එම ගෝලයේ පාඩුව පියවාගන්නේ ෆසාල් රැගෙන ආ පන්දුව දක්ෂ ලෙස දැල තුලට යොමු කරමිනි.

තරගයේ 89 වැනි මිනිත්තුවේදී සොලිඩ් කණ්ඩායමට නිදහස් පහරක් ලැබුනු නමුත් එය ලකුණු පුවරුව වෙනස් කිරීමට සමත් වූයේ නැත.

තරගය පුරාවටම ක්‍රීඩකයින් ඉතාමත් විනයානුකූලව තරගය කල අතර විනිසුරුවරයා අත තිබුනු කිසිදු කහ කාඩ්පතක් ක්‍රීඩකයෙකු දෙසට එසවූයේ නැත.

අවසන් ලකුණු තත්වය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 04 රිනවුන් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් මුජීබ් (රිනවුන්)

ගෝල ලබා ගැනීම්: මොහොමඩ් මුජීබ් 31’, මොහොමඩ් ෆසාල් 45+3’, මොහොමඩ් රිෆ්නාස් 57’, ජොබ් මයිකල් 74’

සොලිඩ් පුහුණුකරු මොහොමඩ් ජස්මින් ThePapare.com සමඟින් අදහස් දැක්විය,

මම හිතන්නේ අපිට අවස්ථාවන් කිහිපයක් තිබුනා නමුත් අපි ඒවා ලබා ගත්තේ නැහැ, ඒ වගේම ප්‍රතිවාදීන් අද දිනයේදී අපේ උපායන් නිවැරදිව තේරුම් ගනිමින් අපිව අඩපන කලා. මම හිතනවා ප්‍රතිවාදීන්ටත් අපි හොඳ තරගයක් ලබා දුන්නා කියලා. ඉදිරිය ගැන කල්පනා කරන විට මම බලාපොරොත්තුවෙනවා අපිට කණ්ඩායමේ ඉන්න සෑම ක්‍රීඩකයෙකුම නැවතත් පුහුණුවීම සඳහා ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපේ ක්‍රීඩකයෝ 5 දෙනෙක් මේ වෙලාවේ එලියේ ඉන්නේ, මම තමවත් හිතනවා මෙම තරගාවලියේ අරමුණු ඉටුකරගන්න පුළුවන් කියලා.”

රිනවුන් කණ්ඩායමේ නායක මොහොමඩ් රිෆ්නාස් මෙසේ අදහස් දැක්විය,

“විවේකයෙන් පසුව අපේ රිද්මය පොඩ්ඩක් අපි අතින් ගිලිහුනා. ඒ වගේම යුධ හමුදා ක්‍රීඩක ෆසාල් තරගයේදී අපිට ලොකු පීඩනයක් වුනා. කෙසේනමුත් තරග අතර තවත් විවේක කාලයක් තියෙනවා මෙවැනි දේ කණ්ඩායමේ ස්ථාවරත්වය අඩපන කිරීමට හේතු වෙනවා.”

   තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට