විශ්ව චතුරංගගේ සුපිරි පිතිකරණය නිසා ශ්‍රී ලංකාවට තවත් ජයක්

2218
Sri Lanka U19s cruise to seven wicket win

මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන යොවුන් කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියේ පස්වන තරගය අද (20) බෝලන්ඩ් පාක් හිදී ක්‍රියාත්මක විය. ඒ ශ්‍රී ලංකා යොවුන් පිළ සහ සිම්බාබ්වේ යොවුන් පිළ අතරයි. එහිදී ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිවිය.

ශ්‍රී ලංකා යෞවනයින්ට දකුණු අප්‍රිකාවේදී දැවැන්ත ජයක්

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 19න් පහළ තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (16) පැවති තරගයෙන් කඩුලු…

කලින් තරගයේදී මෙන්ම කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් නායක අවිශ්ක ප්‍රනාන්දු මුලින්ම පන්දුවට පහර දීමට සිම්බාබ්වේ පිළට ආරාධනා කළේ ඔවුන්ව අඩු ලකුණු ගණනකට සීමා කිරීමේ අරමුණ ඇතිවයි. එය සැබෑවක් බවට පත් කරමින් සාර්ථක පන්දු යැවීමක යෙදුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිම්බාබ්වේ යෞවනයින්ව ලකුණු 192කට සීමා කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස්, තිසරු ඩිල්ශාන් සහ නිපුන් රංසික කඩුලු 2 බැගින් බිඳ හෙලමින් දස්කම් දැක්වීය. දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික මේ වනවිට තරග තුනකදී කඩුලු 9ක් බිඳ හෙලමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර ඉදිරියෙන්ම පසුවේ.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඩැනියෙල් විඩ්සායි රැස්කල ලකුණු 34 ඉනිමේ වැඩිම ලකුණු ගණන ලෙස සටහන් විය. සමස්ථයක් වශයෙන් සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 50ම ක්‍රීඩා කලද තරග ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් වන තරමේ ලකුණු වේගයක් පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමිවූ පහසු ඉලක්කය පන්දුවාර 33ක් පමණක් වැය කරමින් සපුරාගත් ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ප්‍රසාද ලකුණු 5කට අද හිමිකම් කීවේය. ඒ අනුව මේ වනවිට ඔවුන් සමස්ථ ප්‍රසාද ලකුණු 10 බැගින් ලබමින් සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් පිළ සමගින් සම තත්වයේ පසුවෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පිතිකරණයක යෙදුනු කඩුලු රකින පිතිකරු විශ්ව චතුරංග අද හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 90ක් රැස් කළේය. මීට අමතරව නායක අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 48ක් ලබා ගත්තේය. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ජයග්‍රහණය ස්ථිර කිරීමට උරදුන් විශ්ව චතුරංග දිනා ගත්තේය.

තරගාවලියේ මීළඟ තරගය සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් පිළ සමග හෙට (21) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. කණ්ඩායම් දෙකම මේ වනවිට සම ප්‍රසාද ලකුණු හිමි කරගෙන සිටින නිසා ලකුණු සටහනේ පෙරමුණ ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම ක්‍රිකට් සටන අතිශයින්ම උද්වේගකර වනු ඇත.

සිම්බාබ්වේ යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 192 (පන්දුවාර 50): ඩැනියෙල් විඩ්සායි 34, ලියාම් රෝචි 32,
ටනුනුර්වා මාකෝනි 30, ඩියෝන් මැසවිඩ්සා 25, කමිඳු මෙන්ඩිස් 2/23, තිසරු ඩිල්ශාන් 2/25, නිපුන් රංසික 2/51.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 194 (පන්දුවාර 33): විශ්ව චතුරංග 90, අවිශ්ක ප්‍රනාන්දු 48, කමිඳු මෙන්ඩිස් 33*, ලියාම් රෝචි 1/30, ඩියෝන් මැසවිඩ්සා 1/37.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට