මෙම සතියේ තරග 3ක් සෙනසුරාදා දින ද එක් තරගයක් ඉරිදා දින ද පැවැත්වීමට සූදානම්. ගියවර ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය පළමු වටයේ දී තරග දෙකක් පරාජය වූ නමුත්, මෙවරද තම කිරුළ  රැක ගත හැකි ස්ථානයක සිටිනු දක්නට ලැබේ.

ඩයලොග් රග්බි ලීග් 10 වැනි සතිය: මහනුවර සහ නාවික හමුදාව අතර ද්වන්ධ සටනක්

ඩයලොග් රග්බි ලීගයේ 10 වැනි සතියේ තරඟ, අද (13) සිට එළඹෙන ඉරිදා දක්වා පැවැත්වේ. ප්‍රථම වටයේ නාවිකයන්ට එරෙහිව ලද පරාජයෙන් අනතුරුව, පසුගිය වසරේ ශූරයන් වන මහනුවර ක්‍රීඩකයන් මෙවර නාවිකයන් සමඟ කරට කර සටනකට පැමිණේ.

පොලිස් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය

21.01.2017 – සවස 4.00 – පොලිස් ක්‍රීඩාංගණය

PSC v KSC - Week 12

රොෂාන් වීරරත්න නායකත්වය දරන මහනුවර පිල පසුගිය සතියේ නාවිකයන්ට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද, ඔවුන්ගේ නායකයාට ආබාධයක් හේතුවෙන් මෙම සතියේ තරගය අහිමි වී යාමේ සේයාවක් දක්නට ඇත. එනමුත් මහනුවර කණ්ඩායම සතුව එම පුරප්පාඩුව පිරවීම සඳහා ඕනෑ තරම් සුපිරි දස්කම් දක්වන අතිරික්ත ක්‍රීඩකයින් සිටින බැවින් ඔවුන් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරනු අපේක්ෂා කල හැකිය. කෙසේ වෙතත් ඔවුන්ට මෙම තරග වාරයේ පළමු අදියර සංචාරක ක්‍රීඩකයින් ලෙස හොඳ ප්‍රතිඵල අත්කර නොදුන් අතර පොලිස් කණ්ඩායම යම්කිසි ආකාරයකට අලුත්වැඩියා කරනු ලැබූ ආකාරයක් දක්නට ලැබුණු නමුත් පසුගිය සතියේ දී ලද තියුණු පරාජය ඔවුන් තුල යම් ව්‍යාකූලත්වයක් ඇති කිරීමට සමත් බව කිව හැකිය.

පොලිස් කණ්ඩායමට ප්‍රොප් ක්‍රීඩක උදාර ගයාන්ගේ සේවය අහිමි වන බවක් දක්නට ඇත. ඒ ඔහු ඩෙංගු රෝගයෙන් පෙලෙන බැවිනි. එමෙන්ම ඔවුනගේ loose forward ක්‍රීඩක රදීශ සෙනෙවිරත්න ද ඉතා හොඳින් ක්‍රීඩා කරන නමුත් ජාතික තේරීම් කමිටුව ඔහුව ජාතික කණ්ඩායමට තෝරාගනීදැයි ප්‍රශ්නාර්ථයක් ඇත. Full back ක්‍රීඩක රජිත සන්සෝනි ද තම පන්දුව එල්ල කිරීමේ දක්ෂතා තවත් තීව්‍ර කරගෙන ඇති බව පෙනෙන්නට ඇත. නමුත් ඔවුනගේ Center ක්‍රීඩකයින් වන මුශින් ෆලීල් සහ රීසා රෆායඩීන් මහනුවර කණ්ඩායමේ Center ක්‍රීඩකයන් නැවැත්වීමට අසමත් වුවහොත් පොලිස් කණ්ඩායමට ජයග්‍රහණය සිහිනයක් ම පමණක් වනු ඇත.

මහනුවර කණ්ඩායම තමන්ට සුපුරුදු තරග විලාසයෙන් ක්‍රීඩා කරනු ඇත. ඉතා ඉහල දස්කම් අතර සිටින රිචඩ් ධර්මපාල මෙම තරගයේ දී ද ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇත. නමුත් මහනුවර කණ්ඩායමේ නිහඬ වීරයා Full back ක්‍රීඩක තිලිණ විජේසිංහ බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි. ඔහුගේ සුපිරි දස්කම් හේතුවෙන් දනුශ් දයාන්හට තවදුරටත් අතිරික්ත ක්‍රීඩකයෙකු ලෙසම සිටීමට සිදුව ඇත. එසේම ආබාධයකට ලක්ව සිටින නයිජල් රත්වත්ත ද ආබාධය සුව වීමෙන් පසු ක්‍රීඩා කරන ආකාරය ඉතාමත් වැදගත් වනු ඇත.

පළමු වටයේ ප්‍රතිඵල – මහනුවර පිල  34-09 පොලිස් පිල


CH&FC v NSC - Week 12

CH&FC සහ නාවික හමුදාව

21.01.2017  – සවස 4.00 –  ලොන්ඩන් පෙදස (CR&FC ක්‍රීඩාපිටිය )

පසුගිය සතියේ ලද පරාජයත් සමඟ නාවිකයන්ගේ ශූරතාවය පිලිබඳ වූ බලාපොරොත්තු බිඳ වැටුණු බව කිව හැකිය. නමුත් මෙම සතියේ තරග සටහන දෙස බැලූ විට නාවික හමුදා කණ්ඩායමට තවමත් බලාපොරොත්තු තබා ගත හැකි බව පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම නාවික හමුදා Center ක්‍රීඩක ලහිරු හේරත්, ලී කීගල් සමඟ එක්ව මහත් වැඩ කොටසක් ඉටු කිරීම කැපී පෙනේ. නාවික හමුදා කණ්ඩායමේ අතිරික්ත ක්‍රීඩකයින්ගෙන් 70%ක පමණ ප්‍රමාණයක් නවක වයස අවු 20න් පහල ක්‍රීඩකයින් වීම ද විශේෂයකි. එමෙන්ම විද්‍යා විද්‍යාලීය ක්‍රීඩකයන් වන සුපුන් දිල්ශාන් හා තනුජ මධුරංග ද නිත්තවෙල ක්‍රීඩාංගනයේදී දහස් ගණනක් ප්‍රේක්ෂකයන් මැද ක්‍රීඩා කර අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වේ. මෙම සතියේ දී නාවික හමුදා පුහුණුකරු මෝතිලාල් ජයතිලක නවකයින්ට වැඩි අවස්ථාවක් දෙනු ඇති බවට සිතිය හැක.

CH&FC කණ්ඩායමට තරගයක් වෙනස් කල හැකි ක්‍රීඩකයින් නොසිටීම ඔවුනට පාඩුවක් බවට පත්ව ඇත. රෝහිත රාජපක්ෂ අංක10 ස්ථානයට මාරු වී ක්‍රීඩා කිරීම තරමක් සාර්ථක බව පසුගිය තරගයේ දී පෙනෙන්නට තිබිණි. නමුත් මෙම තරගය CH කණ්ඩායම ජයග්‍රහණය කිරීම බොහෝ දුරට සිදු නොවනු ඇති අතර ඔවුන්ට ලකුණු ලබා ගැනීමට වඩා ආරක්ෂාකාරී පිලිවෙතක් අනුගමනය කිරීම යෝග්‍ය වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

පළමු වටයේ ප්‍රතිඵල – CH&FC 03 – 55 නාවික හමුදාව


හැව්ලොක් කණ්ඩායම සහ ගුවන් හමුදාව

21.01.2017 – සවස 6.30 – හැව්ලොක් ක්‍රීඩා පිටිය

HSC v AFSC - Week 12

පසුගිය තරගයේ පොලිස් පිල හමුවේ පළමු අර්ධයේ දී ලකුණු 8-0ක් ලෙස පසුබෑමකට ලක්වූ ගුවන් හමුදා පිල දෙවන අර්ධයේ දී මනාව තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 15-13ක් ලෙස ජයග්‍රහණය කිරීම ඔවුනගේ මානසික මට්ටම ඉහලින් පවත්වා ගැනීමට ඉවහල් වනු ඇත. විශේෂයෙන්ම මෙම තරග සමයේ ඉහල දස්කම් දැක්වූ දිනේෂ් වීරරත්න හා සූර්ය ක්‍රිශාන් මෙන්ම නායක ගයන්ත ඉද්දමල්ගොඩ සමඟ නුවන් පෙරේරාගේ පා පහර මෙම තරගයේ දී හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව නොඅනුමානයි.

හැව්ලොක් කණ්ඩායමේ හිරන්ත පෙරේරා හා නිශෝන් පෙරේරාගේ සුසංයෝගය ඔවුන්ගේ කණ්ඩයමට ඉතා වැදගත් වේ. නිරෝශාන් ප්‍රනාන්දු හා මිතුන් හපුගොඩ තවමත් අබාධ වලින් සුව වෙමින් පවතින නමුත් මෙවර තරග සමයේ වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයා වන දුලාජ් පෙරේරා ද හැව්ලොක් කණ්ඩායමේ ප්‍රබල අවියකි. නමුත් හැව්ලොක් කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයින් පසුගිය සතියේ දී උත්සාහක දිනුමක් වාර්තා නොකිරීමද කැපී පෙනෙන සිදු වීමකි.

පසුගිය තරගයේ ප්‍රතිඵල – හැව්ලොක් කණ්ඩායම 29-05 ගුවන් හමුදාව


CR&FC v ASC - Week 12

CR&FC කණ්ඩායම සහ යුධ හමුදාව

22.01.2017 – සවස 4.00 – ලොන්ඩන් පෙදෙස (CR&FC ක්‍රීඩා පිටිය )

CR&FC කණ්ඩායම සහ යුධ හමුදාව අතර පළමු අදියරේ තරගය මෙවර තරග සටහනේ පළමු තරගය ද විය.

ලකුණු සටහන දෙස බලන විට CR කණ්ඩායමට තවමත් සමස්ථ සටහනේ දෙවනි ස්ථානය අත්කරගැනීමට අවස්ථාවක් ඇති බව පෙනේ. එ් ඔවුන් තම ඉතිරි තරග හතරම බෝනස් ලකුණක් සමඟ (63 ලකුණු) ජයගතහොත් හා නාවික හමුදා හා හැව්ලොක් කණ්ඩායම් තරග 2 බැගින් පරාජය වුවහොත් පමණි. එය පෙනුමට අසීරු වුවත් එළැඹෙන සති වලදී තත්ත්වය වෙනස් වී CR කණ්ඩායම පෙරමුණට පැමිණිය හැක.

පලමු වටයේ තරගයේ දී ලද තියුණු පරාජයේ පාඩුව ගැනීමට යුධ හමුදා ක්‍රීඩකයින් උත්සාහ දරනු නො අනුමානයි. නමුත් CR කණ්ඩායම මෙම දෙවන අදියරේ දී වඩාත් සංවර්ධනය වූ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන බැවින් පසු ගිය තරගයේ මෙන් නොවී ආරක්ෂාකාරීව මනා සැලසුමකට යටත්ව ක්‍රීඩා කිරීමට යුධ හමුදා කණ්ඩායමට සිදුවේ.

Wing ක්‍රීඩක ඉරංග ආරියපාල සහ Outside half අශාන් බණ්ඩාර යුධ හමුදා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයින් වනු ඇත. එමෙන්ම කවිඳු ද කොස්තා හා රීසා මුබාරක්ගේ සුසංයෝගය CR&FC පිලට ජය ගෙන දෙනු ඇත.

පළමු වටයේ ප්‍රතිඵල – යුධ හමුදාව 24-25 CR&FC