Volvo සහ Nissan සදහා එළි දැක්වෙන Car-tana

Volvo සහ Nissan සදහා එළි දැක්වෙන Car-tana

2221
0
SHARE

පසුගිය දිනකදී Volvo සමාගම ඔවුන්ගේ අලුත්ම 90 Series වාහන සදහා Microsoft සමාගම සමඟ හවුල්වී Skype for Business අන්තර්ගත කරන බව නිවේදනය කරනු ලැබුවා. තවදුරටත් මෙම සමාගම් එකතුවී අනාගතයේදී  Volvo වාහන සදහා Microsoftහි digital assistant සමග Cortana අන්තර්ගත කිරීම සම්බන්ධයෙන්  පරීක්ෂණ කරන බවයි ආරංචි වෙන්නේ.

තවත් දැවැන්ත ජපන් නිෂ්පාදන සමාගමක් වන Nissan සමාගම ද Twitter වෙබ්අඩවිය මගින් Cortana භාවිතා කරන අකාරය සම්බන්ධ වීඩියෝවක් පළකර තිබුනා.

වාහනයෙහි අන්තර්ගත වන Cortana, පරිශීලකයාගේ ඉල්ලීමට අනුව calendar පරික්ෂා කර තොරතුරු ලබාදෙන ආකාරය මෙම වීඩියෝවෙහි දැක් වෙනවා. ඒ වගේම Cortana භාවිතා කර reminder set කරන ආකාරය මෙම වීඩියෝවෙන් දැකගන්න පුළුවන්. මෙහි Microsoft ලෝගෝ එක සහ #microsoft, #cortana, #microsoftai hashtags අඩංගු වීමත් සමග මෙම සමාගම් දෙකෙහි හවුල්වීමෙන් අලුත් නිෂ්පාදනයක් බලපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Neowin

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY