Wednesday, January 18, 2017

දෙමල ජනයාට ප්‍රශ්නයක් ඇත.



දෙමළ ජනයාට ප්‍රශ්නයක් නැති බවට මහාචාර්ය නලින් ද සිල්වාට සහ ජාතිවාදී අතලොස්සට කෑමොර දිය හැක. ඉස්කෝලේ මිස් මගෙ කනින් ඇද්ද විට රිදෙන්නේ මටය. එහෙත් බලා ඉන්න අයට එය සුළු දෙයක් ලෙස පෙනි යා හැක. දෙමල ජනයාටද එසේමය. ඔවුන්ට තම ඥාතීන් මරා දැමීම වදහිංසා පැමිණවීම අතුරුදහන් කිරීම ආදී වශයෙන් බරපතල ගැටළු රැසක් තිබේ. මේ පිලිබදව පරීක්ෂණ පවත්වා වින්දිතයින්ට යුක්තිය ඉටු කල යුතුය. එසේ නොවුවහොත් ඉතිහාසය නැවත රාව ප්‍රතිරාව දෙනු නොවැලැක්විය හැක.

වත්මන් ආණ්ඩුවේ දුර්වලතා රැසක් ඇත. නමුත් ඒවා පිළිසකර කර ගැනීමට අසීරු ඒවා නොවේ. හිටපු ජනාදිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරන තුංග කිවේ මේ ආණ්ඩුවේ ඉහලම දෙන්නා සොරකම් නොකරන බවයි. මෙය ඉතා හොද තත්වයකි. ඒ අනුව සියලු ජනයාට නිතිය මත පාලනය බෙදා හැරීමට ඔවුන්ට හැකියාව ඇත. එයට සොරකම් නොකිරීම ඉතා විශාල රුකුලක් වේ.

ආනන්දී ශෂිදරන් මහත්මිය උපවාසයක් අරඹන බව කියා සිටි. මා මෙය දකින්නේ ඉතා යහපත් දෙයක් ලෙසයි. පවතින යහපාලන ආණ්ඩුව මේ පිලිබදව සාදාරන විසදුමක් ලබා දිය යුතුව තිබේ.

''යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වී අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් ලබන ඉරිදා (22) මාරාන්තික උපවාසයක් අරඹන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදහන්ව සිටින  තම සැමියා ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය කිසිදු සැලකිල්ලක් නොදක්වීම තම මාරාන්තික උපවාසයට හේතු වූ බවද ඇය කියා සිටින්නීය.

කොටි සංවිධානයේ ත්‍රීකුණාමලය බාර නායකයාව සිටි සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ද අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර වූ බවත් ඔහු අදට පවා අතුරුදහන්ව සිටින බවත් විශේෂයෙන් ඔහු පිළිබද දැනගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටින්නීය.''

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...