Beach Volleyball

ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග එළඹෙන 22 වැනිදා හ‍ෙයියන්තුඩුව මාකොළ තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.

එහිදී කාණ්ඩ දෙකක් යටතේ මෙම තේරීම් තරග පැවැත්වීමට නියමිත වේ. ඒවා නම් විවෘත කාන්තා, පිරිමි හා වයස අවුරුදු 21න් පහළ ක‍ාන්තා පිරිමි ලෙසයි.

එම තේරීම් තරග පහත සටහනේ දැක්වෙන පරිදි සිදු කෙරේ.

තරගාවලිය පැවැත්වෙන දිනය ස්ථානය හා වේලාව
ආසියානු විවෘත බීච් වොලිබෝල් තරගාවලිය (කාන්තා/ පිරිමි) 2017 ජනවාරි 22 හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානය

පෙ.ව. 08.30

ආසියානු වයස අවුරුදු 21න් පහළ බීච් වොලිබෝල් තරගාවලිය     

( කාන්තා/ පිරිමා)

2017 ජනවාරි 22 හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානය

පෙ. ව. 08.30

ඒ වගේම බීච් වොලිබෝල් සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙක් තෝරා ගන්නා බවත් ඉහත පරීක්ෂණ සඳහා නියමිත වේලාවට ක්‍රීඩා ඇදුමින් සැරසී ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසටත්  ශ්‍රී ලංකා වෙලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ එස් නාලක මහතා පැවසුවේය.

වැඩි විස්තර  071 8257403 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට