Windows 10 Creators Update සමග 3D කරලියට

Windows 10 Creators Update සමග 3D කරලියට

1911
0
SHARE

Windows 10 Anniversary Update එකෙන් පස්සෙ නිකුත් වෙන්න තියෙන ඊළග Update එක තමයි Windows 10 Creators Update කියල කියන්නෙ. Windows 10 අනෙකුත් Update වගේම මේකත් අළුත් features ගොඩක් එකතුවුණ නොමිලේ නිකුත් කෙරෙන update එකක් විදියට හදුන්වා දෙන්න පුළුවන්.Microsoft සමාගමේ නිවේදනයට අනුව මේ අවුරුද්දේ මුල් භාගයේදී Windows 10 Creators Update එක නිකුත් වෙන්න නියමිතයි. Update එකට එකතුවුණු features රාශිය අතරින් ගොඩක් දෙනාගේ අවධානය දිනාගත් feature එකක් තමයි 3D creativity කියන්නෙ. ඒ අනුව Windows 10 වලට අළුතෙන් හදුන්වා දෙන Paint 3D app 1 හරහා 3D models එක්ක move වෙන්න windows 10 පරිශීලකයන්ට ඉදිරියේදී ඉඩකඩ ලැබෙනවා. මේ නිසා windows capture 3D experience භාවිතයෙන් smart phone එකකින් scan කරගත් object එකක් paint 3D scene මගින් අවශ්‍ය විදියට modify කරගන්නත් Windows 10 Creators Update එකත් එක්ක එකතු වෙන ඔයාලට පුළුවන්. Microsoft සමාගම windows phone එකක් මේ වැඩේට පාවිච්චි කරත් iPhone, android පාවිච්චි කරන ඔයාට උනත් මේ පහසුකම භුක්ති විදින්න බාධාවක් නැහැ.
image 2
Creators Update සමග කරලියට එන paint 3D preview app ගැන කතා කරද්දි එකේ features කතානොකර බැරි තරම්. 2D object වලින් 3D object නිර්මාණය ඇතුලුව වේගවත් 3D object නිර්මාණයට මේ app එක ලබා දෙන්නේ හොඳ සහයෝගයක්.ඒ විතරක් නෙවෙයි වෙනත් කෙනෙක්ගේ නිර්මාණයක් modify කරලා තමන්ගේම නව නිර්මාණයකට හිමිකම් කියන්නත් මේ app එක පාවිච්චි කරන ඔයාට පුළුවන්. Creators Update release වෙනකම් බලන් ඉන්න ඔයාලා කැමති ඇති දැන ගන්න කොහොමද windows paint 3D preview හරහා ඔයා නිරමාණය කරපු 3D models අනිත් අයත් එක්ක share කරගන්නේ කියලා. ඒ වෙනුවෙන්ම තමයි Microsoft සමාගම Creators Update සමග Remix 3D preview community හදුන්වා දෙන්නේ. 3D models share කරන්න විතරක් නෙවෙයි Remix 3D preview community තුලින් 3D models download කරන්නත් හැකියාව තියෙනවා.
Windows 10 Creators Update නිසා 3D effect වලින් පොහොසත් වෙන තවත් program 2 ක් තමයි Edge browser සහ Microsoft power point. මේ නිසා Edge browser හරහා 3D models download කරන්න සහ upload කරන්න ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම Creators Update සමගින් ppt නිර්මාණවලට 3D models සහ cinematic 3D animation වල භාවිතය වැඩි ඈතක නෙවෙයි. Creators Update වලදී අවධානය Microsoft power point වල 3D creativity ගැන යොමුවුණත් ඊළග අවුරුද්ද වෙද්දී 3D features ගොඩක් office package එකට හදුන්වා දෙන එක තමයි Microsoft සමාගමේ බලාපොරොත්තුව. මෙන්න මේ විදියට Windows 10 Creators Update එක හරහා 3D features ගොන්නක්ම Microsoft සමාගම ඔයාලට තිලිණ කරන්න සූදානමිනුයි ඉන්නේ. විශේෂත්වය තමයි මේ 3D creativity අත්විදින්න ලැබෙන්නේ windows 10 පරිශීලක ඔයාටම විතරක් වීම.

source – http://www.howtogeek.com/278132/whats-new-in-windows-10s-creators-update
https://www.microsoft.com/en-us/windows/upcoming-features

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY