ශ්‍රී ලංකා යෞවනයින්ට දකුණු අප්‍රිකාවේදී දැවැන්ත ජයක්

2048
Sri Lanka U19 v South Africa U19 2nd ODI report

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 19න් පහළ තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (16) පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිළ සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 5ක් මෙන්ම තම දළ ලකුණු වේගය ඉහළ දමා ගැනීමටද අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 128ක පරාජයක්

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (15) කේප්ටවුන් හිදී පැවැත්විණි.

අද කේප්ටවුන් තණතිල්ල මතදී කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දු මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ පිළට ලබා දුන්නේ තම පන්දු යවන්නන් පිලිබඳ පූර්ණ විශ්වාසය තබමිනි. එය අකුරටම සුරැකි ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නෝ ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 66ක් තුලදී නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් ගන්වන්නට සමත් වූහ.

අගනා පන්දු යැවීමක නිරත වුනු නිපුන් රංසික තම දකුණත් වේග පන්දුවේ බල මහිමයෙන් ලකුණු 25කට කඩුලු 4ක්ම දවාලීය. මීට අමතරව තිසරු ඩිල්ශාන්, ජෙහාන් ඩැනියෙල් සහ ප්‍රවීන් ජයවික්‍රම සිම්බාබ්වේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. අන්ත අසරණ වුනු සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් ලබා ගැනීමට පවා සමත් වූයේ පිතිකරුවන් සිව් දෙනෙකු පමණි. ඒ අතරින් ලකුණු 15 බැගින් රැස් කල රයන් මුරේ සහ කිරාන් රොබින්සන් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්විය. සිම්බාබ්වේ ඉනිම මුළුමනින්ම බිඳ දැමීම සඳහා ශ්‍රී ලංකා යෞවනයින්ට අවශ්‍ය වූයේ පන්දුවාර 29යි පන්දු 4ක් පමණි.

පන්දුවාර 50ක් තුලදී ලකුණු 67ක සුවපහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 13ක් ගතවීමට මත්තෙන් අදාළ ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් නායක අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 27ක් රැස් කරමින් දායක විය. වමත් පිතිකරු විශ්ව චතුරංග ලකුණු 19යි. මෙම ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා පිළේ කඩුලු 2ක් බිඳ වැටුනු අතර එම කඩුලු දෙක ඩෙක්ලාන් ඔල්ඩ්‍රිව් සහ වෙස්ලි මදිවර් අතරේ බෙදී ගියේය. සිම්බාබ්වේ පන්දු යවන්නන් ක්‍රියාත්මක කල පන්දුවාර 13ට ඔවුන් වයිඩ් පන්දු 16ක්ම යැවීමද ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් විය.

තම දකුණත් වේග පන්දුවෙන් සිම්බාබ්වේ පිතිකරුවන් අන්දමන්ද කළ තවමත් 17 වැනි වියේ පසුවන නිපුන් රංසික තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මේ වනවිට සහභාගි වූ තරග දෙකේදී කඩුලු 7ක් බිඳ හෙලමින් මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරගය ජනවාරි 20 වැනිදා සිම්බාබ්වේ යෞවනයින්ට එරෙහිව බෝලන්ඩ් පාර්ක් හිදී පැවැත්වේ.

සිම්බාබ්වේ යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 66 (පන්දුවාර 29.4)
රයන් මුරේ 15, කිරාන් රොබින්සන් 15, ස්ටීවන් මසාවිඩ්සා 12*, ජොනතන් කොනොලි 11, නිපුන් රංසික 4/25, තිසරු ඩිල්ශාන් 2/12, ජෙහාන් ඩැනියෙල් 2/12, ප්‍රවීන් ජයවික්‍රම 2/17.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 2ක් දැවී ලකුණු 68 (පන්දුවාර 12.5)
අවිශ්ක ප්‍රනාන්දු 27*, විශ්ව චතුරංග 19, ඩෙක්ලාන් ඔල්ඩ්‍රිව් 1/24, වෙස්ලි මදිවර් 1/25.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට