රාජකීය විද්‍යාලය පෙරමුණේ

481
Kavindu Madarasinghe

සිංගර් කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 19න් පහළ පළමු පෙල තවත් තරඟ 4ක පළමු දිනය අද (16) ආරම්භ විය. එහිදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් කවිදු මදරසිංහ ලබා ගන්නා ලද ශතකය දිනයේ වටිනාකම තවත් වැඩි කිරීමට සමත් විය.

පසුගිය ලිපි: මාරිස්ටෙලාවන්ට සහ පීතරයින්ට දැවැන්ත ජයක්

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අද (16) කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කලේය. තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 24ක් ලබාගෙන සිටියි.

සාන්ත මරියා විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 75ක් ලබාගෙන ඉණිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට අශේන් සේනාධීර සමත් විය. එම අලංකාරවත් ඉණිම සමගින් එක්වූ සජීව රංජිත් ලකුණු 43ක් ලබාගෙන අශේන් හට එම ඉණිම ගොඩනැංවීමට සහය දැක්වීය. එම ඉණිමේ දී සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් වෙනුවෙන් කඩුලු තුනක් දවාලීමට ප්‍රශේන් ප්‍රනාන්දුට හැකිවිය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 78): අශේන් සේනාධීර 75, සජීව රංජිත් 43, සුජිත් කුමාර 38, ප්‍රශේන් ප්‍රනාන්දු 3/43, ලසිත් පෙරේරා 2/06

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 24 (පන්දුවාර 7):

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සාන්ත මරියා විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 245ක් පසුපසින් පසුවෙයි.


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස රාජකීය පිටියේදී කාසියේ වාසිය උදාකරගත් සත්කාරක විද්‍යාලයේ නායකයා පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 290ක් ලකුණු පුවරුවට එක්කොට තිබුණි.

තම සහජ දක්ෂතා පෙන්නුම් කල කවිදු මදරසිංහ ලකුණු 111ක් සමගින් ශතකය ලබා ගන්නා ලදි. තෙවිදු සේනාරත්න ලකුණු 53ක් එක්කරමින් කවිදු සමඟ සාර්ථක සබඳතාවයක් ගොඩනංවීය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 8ක් දැවී ලකුණු 290 (පන්දුවාර 84): කවිදු මදරසිංහ 111, තෙවිදු සේනාරත්න 53, ලකිදු නානායක්කාර 37, පසිදු සූරියබණ්ඩාර 21, ඉමේෂ් ප්‍රනාන්දු 2/39


කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පළමු දිනය අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය ලබාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහරදුනි. දිනය අවසානයේ තම පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 23යි.

දසුන් දිමාශගේ අර්ධ ශතකය සමගින් ගොඩනැංවූනු ඩී. එස්. සේනානායක පළමු ඉණිමට විහාන් ගුණසේකර ලකුණු 45ක් ලබාගෙන තම විද්‍යාලයට සවියක් විය. තුසිත් ද සොයිසා කඩුලු 3ක් දවාලමින් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්විය.

ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 272 (පන්දුවාර 78): දසුන් දිමාශ 51, විහාන් ගුණසේකර 45, මත්සිත් ජයමාන්න 43, ශෙසාඩ් අමීන් 39, තුසිත් ද සොයිසා 3/64

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 23 (පන්දුවාර 10):

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ඩී.එස්.සේනානායක විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 249ක් පසුපසින් පසුවෙයි.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ තරගයක් ලෙසින් මාතර උයන්වත්ත පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. තරගයේ පළමු දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරන බණ්ඩාරනායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටියි.

සාන්ත සර්වේසස් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් කේසර නුවන්ත ලකුණු 65ක් එක් කල අතර ඔහුට සහය වූ ඉසුරු උදයංග ලකුණු 47ක් ලබා ගන්නා ලදි. හචිත නිර්මාල් ලකුණු 50කට කඩුලු 3ක් දවාලමින් බණ්ඩාරනායක විද්‍යාලයේ පන්දු යවන්නන්ට සහනයක් විය. තිලාන් ප්‍රශාන් බණ්ඩාරනායක විද්‍යාලයේ දෙවන ඉණිමේ ලකුණු 18ක් තුල කඩුලු 2ක් දවාලන ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 72.4): කේසර නුවන්ත 65, ඉසුරු උදයංග 47, සුපුන් කාවින්ද 35, හචිත තිමාල් 3/50, ජනිදු ජයවර්ධන 3/52

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 43 (පන්දුවාර 20): තිලාන් ප්‍රශාන් 2/18

බණ්ඩාරනායක විද්‍යාලය සාන්ත සර්වේසස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 164ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට