සොලිඩ් සහ නිව් යංග්ස් ගැටුම සමව නිමාවෙයි

394
DCL week 3

කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ තෙවැනි තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත්වූයේ නිව් යංග්ස් කණ්ඩායම හඹා එමින් ඉස්මෙයිල් අබුමේර් ලබා ගත් ගෝලයත් සමඟිනි.

රිනවුන් කණ්ඩායම යුධ හමුදාවේ අත්අඩංගුවට

රිනවුන් කණ්ඩායමට කිසිදු ගෝලයක පහස විඳගැනීමට ඉඩනොදෙමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී නිමාව දුටුවේ, ගෝල 03-00ක් ලෙස යුධ හමුදා කණ්ඩායම ආධිපත්‍ය පතුරවමිනි.

කණ්ඩායම් දෙකම තරග ආරම්භයේදී මදක් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කලද සුළු මොහොතක් යෑමට මත්තෙන් නියමිත තරග රටාවට කණ්ඩායම් දෙකම පිවිසෙමින් පන්දුව පසුපස හඹා ගියේ ප්‍රථම ගෝලයේ වාර්තාව සිය කණ්ඩායමට ලබා ගැනීමට වෙර දරමිනි.

එහිදි තරගයේ ගෝලයක් ලබා ගැනීමට තිබුනු ප්‍රථම අවස්ථාව උදාවූයේ නිව් යංග්ස් කණ්ඩායමට වුවත් එය සාර්ථක වූයේ නැත.

ඉන්පසුව නිව් යංග්ස් ක්‍රීඩක ෆොස්ටර් අමාඩි ගෝලයක් වාර්තා කිරීමට ඉතාමත් ආසන්න වුවත් එම අවස්ථාවත් ගිලිහි ගියේ නිවැරදි ඉලක්කයට පන්දුව යොමු නොවීම හේතුවෙනි.

තරමක් මන්දගාමී ක්‍රීඩා විලාසයක් දැක්වූ සොලිඩ් ක්‍රීඩා සමාජයද තරගයට අවතීර්ණ වෙමින් දක්ෂ ලෙස ලකුණු හඹා යෑම ආරම්භ කරන ආකාරය දක්නට ලැබුනි.

මිනිත්තු 14ක් පුරාවට ක්‍රීඩකයින් පන්දුවට පහර දෙමින් ගෝලයක් වාර්තා කරන්නට උත්සහා දැරූවත් ප්‍රථම ගෝලය සාර්ථක කරගත්තේ නිව් යංග්ස් ක්‍රීඩක හසිත ප්‍රියංකර විසිනි.

තරගය අතරතුරදී තිලිණ බණ්ඩාරගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු වෙනුවට ඉෂාන් ඩැනියෙල් ආදේශ කරන්නට නිව් යංග්ස් පුහුණකරු තීරණය කලේය.

සොලිඩ් ක්‍රීඩා සමාජය ලකුණු මට්ටම සම කරගැනීමට පාද මෙහෙයවනු දක්නට ලැබුනු නමුත් ප්‍රථම අර්ධය නිමාවන තෙක්ම ඔවුන්ට සාර්ථක වීමට අවකාශයක් ලැබුනේ නම් නැත.

ප්‍රථම අර්ධයේ අවසානයට මිනිත්තු දෙකකට පෙර විනිසුරුවරයා තිලංක ප්‍රියදර්ශණ හට කහ කාඩ්පත් නිකුත් කිරීම තරගය උණුසුම් කරන්නට සමත් වූ තීරණයක් බවට පත්විය.

කෙසේනමුත් එම උණුසුම මධ්‍යයේම ප්‍රථම අර්ධය නිමාවූයේ නිව් යංග්ස් කණ්ඩායමට වැඩි ගෞරවය අත්කර දෙමිනි.

ප්‍රථම අර්ධය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 01 – 00 සොලිඩ් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ පටන්ම සොලිඩ් ක්‍රීඩකයෝ දැඩි අධිෂ්ඨානයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබුනු අතර නිව් යංග්ස් ක්‍රීඩකයෝද සිය ලකුණු ගොන්න තවත් වැඩි කර ගන්නට උත්සහ දැරීය.

කෙසේනමුත් තරගයේ 62 වැනි මිනිත්තුවේදී එඩිසන් ෆිගුරාඩෝගෙන් ලැබුනු පන්දුව ඉස්මෙයිල් අබුමේර්ගේ පාදයෙන් දැල තුලට ඇතුළු කිරීමෙන් තරගයේ ලකුණු මට්ටම සම කලේ ප්‍රතිවාදීන් ද මවිත කරමිනි.

සම්පූර්ණ ලකුණු තත්වය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 01 – 01 සොලිඩ් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: අරුබ් ඉෂාන් ඩැනියෙල් (සොලිඩ්)

රත්නම් සමාජයේ පුහුණුකරු ජස්මින්,

“අවසන් වරට ක්‍රීඩා කල තරගය හා සංසන්දනය කිරීමෙදි කණ්ඩායම හොඳට දක්ෂතා දැක්වුවා. අපි අද තරගයට හොඳින් සූදානම් වෙලා හිටියා. තරගය සමව නිමා කරන්නට වීම කනගාටුවට කරුණක්, මොකද අපිට තිබුනු අවස්ථාවන් ගෝලයන් බවට හරවා ගන්න බැරිවෙච්ච නිසා. අපි ඉදිරි තරග සඳහා තවත් හොඳින් සූදානම් වෙනවා,”

කෝපාවිශ්ඨව අදහස් දැක්වූ නිව් යංග්ස් පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු,

“විනිසුරුවරයා විසින් අපිව පහලට ඇදලා දැම්මා, තරගය දිනන්න බැරිවෙච්ච ප්‍රධාන හේතුව තමයි ඒක. කහ කාඩ්පත අවවාදයක් නෙවෙයි, ඔහු අවවාද කලේ නැහැ දෙවන අර්ධයේදී තෙවතාවක් සිදුවුනු මෙවැනිම අභියෝග වලට. අපිට තිලංකට ඊලඟ තරගය මඟ හැරෙන එක ප්‍රශ්නයක් නෙමෙයි, ඔහුගේ අඩුපාඩුව සම්පූර්ණ කරගන්න විකල්ප අපි ගාව තියෙනවා. තවත් පෙරපෙල ක්‍රීඩකයෙක් ආබාධයන්ගෙන් පසුව නැවතත් කණ්ඩායම සමඟ එක්වෙනවා ඉතිං ඒක අපිට තවත් අවස්ථාවක් වේවි. මම සතුටුවෙනවා කණ්ඩායම සෙල්ලම් කල විදිහ ගැන.”

ගෝල වාර්තා  කිරීම්:

  • නිව් යංග්ස්: හසිත ප්‍රියංකර 15’
  • සොලිඩ්: ඉස්මෙයිල් අබුමේර් 63’

කහ කාඩ්පත්:

  • නිව් යංග්ස්: තිලංක ප්‍රියදර්ශණ 43’

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට