පොලිස් පන්දු යවන්නන් තරඟයේ ලකුණු සමකරයි

296
SLC Premier League

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ 3ක අවසන් දිනය ක්‍රියාත්මක වූ අද (16) දිනයේදී, කාගේත් අවධානයට ලක්වූ තරගයක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරගය හැඳින්විය හැක්කේ, දෙපිලේම ලකුණු සමමට්ටමක පැවතීම නිසාවෙනි. තවද එම තරගයේදී සුවන්ජි මදනායකගේ දස්කම් ද කැපීපෙනුනි.

පසුගිය ලිපි: පොලිසිය නොසිතූ ලෙස ඇදවැට්ටූ පන්දු යැවීම

පොලිස් ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරඟය

B.R.C පිටියේදී කාසියේ වාසිය දිනූ කළුතර ‍භෞතික සංස්කෘතික සමාජය, පළමුව පන්දු යවන ලදි.

තරගයේ දෙවන දිනය අවසානයේ දී කළුතර භෞතික සංස්කෘතික සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබාගෙන සිටි අතර දමිදු අශාන් ලකුණු 56ක් ලබා ගනිමින් හොඳින් ක්‍රීඩා කරන ලදි. නමුත් තරගයේ ජයග්‍රහණය තම සමාජයට ලබා ගැනීමට ආසන්නව තිබියදී සුවන්ජි මදනායක එවූ දක්ෂ පන්දුවකට තම කඩුල්ල පූජා කිරීමට දමිදුට සිදුවිය. සුවන්ජි මදනායකගේ ප්‍රවේගකාරී පන්දු යැවීම හමුවේ කළුතර භෞතික සංස්කෘතික සමාජයට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව සම ලකුණු මට්ටමකින් නිමාවට පත්විය. මදනායක කඩුලු 7යි.

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 70.1): සුවන්ජි මදනායක 96*, සමිත් දුශ්ශන්ත 45, ජස්දීප් සිං 4/38, තෙනුක ධනංජය 3/47

කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 67): දමිදු අශාන් 34, සුවන්ජි මදනායක 3/37, කල්‍යාණ රත්නප්‍රිය 3/45, මංජුල ජයවර්ධන 2/09

පොලිස් ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 25.3): තරිදු ඩිල්ශාන් 27, මංජුල ජයවර්ධන 26*, රුචිර තරිදු 7/31, ජසී ජයසිංහ 2/29

කළුතර භෞතික සංස්කෘතික සමාජ දෙවන ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 41.1): දමිදු අශාන් 56, රසික ප්‍රනාන්දු 43, ජස්දීප් සිං 26, සුවන්ජි මදනායක 7/70


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර නගර සමාජය අතර තරඟය

මග්ගොන සරේ පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීම සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි. මෙම තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිවිය.

දෙවන දිනය සඳහා තරගය නතර කරන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කල කළුතර නගර සමාජය, කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබාගෙන සිටි අතර සුදාරක දක්ෂින කඩුලු 4ක් දවාලමින් දස්කම් දැක්වූ එම ඉණිමේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක පහසු ඉලක්කයක් හිමිවිය. පන්දුවාර දෙකක් තුල එම ඉලක්කයට ලගාවෙමින් තම ප්‍රසාද ලකුණු පුවරුවට තවත් ජයග්‍රහණයක් එකතු කරගැනීමට නාවික ක්‍රීඩකයෝ සමත් වූහ.

කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 42.4): තරිදු සිරිවර්ධන 33, ක්‍රිශේන් අපෝන්සු 22, සුදාරක දක්ෂින 4/09

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 350 (පන්දුවාර 85.2): දිනුශ්ක මාලන් 113, ඉශාන් අබේසේකර 80, අශාන් රණසිංහ 79 , මංගල කුමාර 7/98  

කළුතර නගර සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 59.4): නිපුණ ගමගේ 50, තරිදු සිරිවර්ධන 45, යොහාන් ද සිල්වා 31, සුදාරක දක්ෂින 4/67

නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 10 (පන්දුවාර 1.3):


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

මත්තේගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ වරාය අධිකාරි සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරගයෙන් ලකුණු 252ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සමත්විය.

දෙවන දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 228ක් ලෙස වරාය අධිකාරි සමාජයේ දෙවන ඉණිම සටහන් වී තිබුනි. ලකුණු 508ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින් තම දෙවන ඉණිම අත්හිටුවූ වරාය අධිකාරි ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රිකට් සමාජයේ ලාල් කුමාරට පමණක් අර්ධ ශතක ඉණිමක් ලබා දෙමින් තම ජයග්‍රහණය සටහන් කරගෙන තරගයේ තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව උදාකරගන්නා ලදි. රනේශ් පෙරේරා හා චානක රුවන්සිරි කඩුලු 3 බැගින් දවාලමින් දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 812): ඉශාන් රංගන 69, චාමිකර එදිරිසිංහ 44*, රජීව වීරසිංහ 4/87, ලක්ෂාන් රොද්‍රිගෝ 3/28

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 37.3): චානක රුවන්සිරි 43, ශෙහාන් ප්‍රනාන්දු 34, චානක කොමසාරු  4/16, චමින්ද බණ්ඩාර  3/53

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය දෙවන ඉණිම  – කඩුලු 6ක් දැවී ලකුණු 259 dec (පන්දුවාර 65.4): යොහාන් ද සිල්වා 90, ඉශාන් රංගන  70, ගිහාන් රූපසිංහ 40 , නවීන් කවිකාර 2/65, චානක රුවන්සිරි 2/65

ලංකන් ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 30.3): ලාල් කුමාර 53, රනේශ් පෙරේරා 3/28, චානක කොමසාරු 3/44

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට