නාවික හමුදා ක්‍රීඩා සමාජය පෙරමුණේ

272
SLC premier League 2016/17 tier B january 14th roundup

දින කිහිපයක විවේකයෙන් අනතුරුව අද (14) ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම පැවැත්විණි. එහිදී සුවන්ජි මදනායක කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

පසුගිය ලිපි: ඩිල්ශාන් මුණවීරට ද්විත්ව ශතකයක් මඟහැරෙයි

පොලිස් ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරඟය

B.R.C පිටියේදී කාසියේ වාසිය දිනූ කළුතර ‍භෞතික සංස්කෘතික සමාජය පළමුව පන්දු යවන ලදි. තරඟයේ පළමු දිනය අවසානයේ කළුතර භෞතික සංස්කෘතික සමාජය එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටියි.

සුවන්ජි මදනායකගේ මනරම් පිතිකරණයත් සමඟින් පොලිස් ක්‍රීඩා සමාජයේ පළමු ඉණිම වර්ණවත් විය. එහිදී මදනායක ලකුණු 96*ක් ලබා ගන්නා ලදි. ජස්දීප් සිං කඩුලු 4ක් දවාලමින් පොලිස් පිතිකරණය අඩාල කරවිය. අවසානයේදී මදනායකගේ ශතකය  ලබා ගැනීමට නොහැකි විය.

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 70.1): සුවන්ජි මදනායක 96*, සමිත් දුශ්ශන්ත 45, ජස්දීප් සිං 4/38, තෙනුක ධනංජය 3/47

කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී): එක් කඩුල්ලක් දැවී ලකුණු 39 (පන්දුවාර 17):

කළුතර භෞතික සංස්කෘතික සමාජය පොලිස් ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 196ක් පසුපසින් පසුවෙයි.


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර නගර සමාජය අතර තරඟය

මග්ගොන සරේ පිටියේදී ඇරඹුණු මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීම සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි. දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරන නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබාගෙන සිටියි.

කළුතර නගර සමාජයේ පළමු ඉණිමට තරිදු සිරිවර්ධනගේ ලකුණු 33 හැරෙන්නට වෙනත් පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකිරීමට නාවික හමුදා පන්දු යවන්නන් අවසර ලබාදුන්නේ නැත. සුදාරක දක්ෂින කඩුලු 4ක් දවාලමින් නාවික හමුදා පන්දුවේ සවිය පෙන්නුම් කරවිය.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම වෙනුවෙන් අශාන් රණසිංහ නොදැවී ලකුණු 66*ක් ලබාගෙන තරගයේ පළමු දිනය තුලම නාවික හමුදා ක්‍රීඩා සමාජයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබාදුන්නේය.

කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 42.4): තරිදු සිරිවර්ධන 33, ක්‍රිශේන් අපෝන්සු 22, සුදාරක දක්ෂින 4/09

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 167 (පන්දුවාර 45): අශාන් රණසිංහ 66*, මංගල කුමාර 4/37

නාවික හමුදා ක්‍රීඩා සමාජය කළුතර නගර සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 24ක්  පෙරමුණේ පසුවෙයි.


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

මත්තේගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනු මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ වරාය අධිකාරි සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. තරඟයේ පළමු දිනය අවසානයේ දී පළමු ඉණිම ක්‍රීඩා කරන ලංකන් ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 24ක්  ලබාගෙන සිටියි.

Photos: Lankan CC vs SL Ports Authority – SLC Premier League Tier ‘B’ Tournament

වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ පළමු ඉණිම වර්ණවත් කල ඉශාන් ‍රංගන ලකුණු 69ක් ලබාගෙන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය. නොදැවී ක්‍රීඩා කල චාමිකර එදිරිසිංහ ලකුණු 44*ක් ලබාගෙන රංගන හට සහය විය. රජීව වීරසිංහ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 4ක් දවාලන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 812): ඉශාන් රංගන 69, චාමිකර එදිරිසිංහ 44*, රජීව වීරසිංහ 4/87, ලක්ෂාන් රොද්‍රිගෝ 3/28

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 24 (පන්දුවාර 7): ශෙහාන් ප්‍රනාන්දු 20*

ලංකන් ක්‍රිකට් සමාජය වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 224ක් පසුපසින් පසුවෙයි

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට