Thursday, January 12, 2017

නැදුන්ගමුවේ රාජා


අපි ශිෂ්ටද? මහනුවර පෙරහරේ කරඩුව 11 වන වරටත් වැඩම කරවූ අත් රජුට ගම බලා ඒමේදී මග දිගට හරසර පිදු බව වාර්තා විය. උගේ ඇගේ පිරිත් නුල්ද ගැට ගැසිනි. නමුත් මේ සතාගේ නිදහස අහිමිය. පිරිත් නුල් ගැට ගැසෙන්නේ ඇගේ එල්ලූ දම් වැල් මතය. කලබලයක් වුවහොත් මට්ටු කිරීමට හෙන්ඩුව ඇත. මේ සත්ව කෘරත්වය මිස අන් කවරක්ද? මෙසේ කියනවිට බවුද්දයින්ට කේන්ති යාහැක. නමුත් අපි අපවම රවටා ගෙන අවසන්ය. පිරිත් නුල් ගැට ගසා අපි නිදහස අහිමි කල සතාගෙන් සමාව බජනය කරමුද? උට කතා කිරීමට හැකිනම් මේ පීඩාවේ සත්‍ය දැන ගත හැක. 

සත්ව කෘරත්වය ගැන ලංකාවේ නීති ඇත. නමුත් එය පැරණිය. ඒ 1907 අංක 13 දරන සත්ව කෘරත්වය වැළැක්වීමේ අඥා පනත වේ. එහි වැරදිකරුවකු වන අයට දඩුවම රුපියල් 100 දක්වා දඩයක් හෝ මාස තුනක සිරදඩුවමක් වේ. මෙය අදට නොගැලපේ.

මේ අවස්ථාවේ සත්ව සුබසාදක පනත් කෙටුම්පත සම්මත කිරීම ගැන සාකච්චා වේ. යහ පාලන ආණ්ඩු සමයේ අලි හොරුන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව මේ පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර අලුත් නීතියක් මගින් සත්ව හිංසනය වැළැක්වීම අනිවාර්ය වේ. 






No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...