DRL 2016/17 Week 03

ඩයලොග් රග්බි ලීගයේ 10 වැනි සතියේ තරඟ, අද (13) සිට එළඹෙන ඉරිදා දක්වා පැවැත්වේ. ප්‍රථම වටයේ නාවිකයන්ට එරෙහිව ලද පරාජයෙන් අනතුරුව, පසුගිය වසරේ ශූරයන් වන මහනුවර ක්‍රීඩකයන් මෙවර නාවිකයන් සමඟ කරට කර සටනකට පැමිණේ.

පසුගිය ලිපි: ඩයලොග් රග්බි ලීග් 9 වැනි සතිය: ස්ථාන කිහිපයක් සඳහා දැඩි සටනක්

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

  • දිනය : 2017-01-13.
  • ස්ථානය : රත්මලාන.
  • වෙලාව : සවස 4.00

Air Force SC v Police SC

ගුවන් හමුදා කණ්ඩායමත් පොලිස් කණ්ඩායමත් මේ වසරේදී සිය ක්‍රීඩා ශෛලීන් වෙනස් කර ඇත. කෙසේනමුත් ප්‍රථම වටයේදී පොලිස් පිටියේ පැවති තරඟයෙන් 22-12ක් ලෙස ජයගත්තේ ගුවන් හමුදාවයි. චරිත් සෙනවිරත්න එහිදී දැක්වූ දස්කම් කැපී පෙනිණි. මෙවර තරඟය සිය නිජබිමේ වාසියත් සමඟින් ක්‍රීඩා කරන ඔවුන්ගේ කණ්ඩායම සුපිරි තරු වලින් සමන්විත නොවූවත්, ලෙනාඩ් ද සිල්වාගේ පුහුණුකාරීත්වයෙන් ඉදිරියට පැමිණීමට ඔවුනට හැකිවිය.

පොලිස් කණ්ඩායමට පැවරී ඇත්තේ තම අභිමානය රැකගැනීමේ රාජකාරියයි. තරඟ අටෙන් එකක් පමණක් ජයගත්, සුදත් සම්පත්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් ඔවුන්ට තරඟාවලිය පහසු එකක් නොවීය. මෙවර තරඟය, ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය මැනබැලීමට ඔවුනට ලැබෙන අවස්ථාවකි.

තරඟ තහනමක් හේතුවෙන් පෙර තරඟය අහිමිවූ රධීෂ සෙනවිරත්න, මේ තරඟයට එක්වෙයි. සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන මුෂින් ෆලීල්ද ඔහුට සහය වනු ඇත. ඉකුත් තරඟයේදී හොඳින් ක්‍රීඩා කළ චාල්ස් ප්‍රවීන් ආබාධයක් හේතුවෙන් මෙම තරඟයට සහභාගී නොවේ.


CH&FC v CR&FC

CR & FC කණ්ඩායමට එරෙහිව CH & FC කණ්ඩායම

  • දිනය : 2017-01-14.
  • ස්ථානය : ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනය.
  • වෙලාව : සවස 4.00

ලකුණු සටහනේ අවසන් ස්ථානය තෙක් පහත වැටී සිටින CH කණ්ඩායමට එරෙහිව CR කණ්ඩායමට තනි අශ්වයකුගේ ධාවනයක් සිදුකරන්නට හැකිය. මහනුවර කණ්ඩායමට එරෙහිව පෙර සතියේදී සටන්කාමී ක්‍රීඩා ශෛලියක් පෙන්වූ CR කණ්ඩායම, ශක්තිමත් මානසික මට්ටමක පසුවනු ඇත. CH කණ්ඩායමට එරෙහි පෙර තරඟයේදී 83-13ක් ලෙස ජයගත් CR කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් දිස්වනු ඇති අතර, මුල් වටයට පසුව CR කණ්ඩායම වඩා දියුණු වී ඇති බව පෙනේ. දැනට ලකුණු සටහනේ සිව්වන ස්ථානය ඔවුන් සන්තකයේ පවතී.


යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය.

  • දිනය : 2017-01-15.
  • ස්ථානය : රත්මලාන.
  • වෙලාව : සවස 4.00

Army SC v Havelock SC

37-26ක් ලෙස මුල් වටයේ තරඟයෙන් ජයගත්තේ හැව්ලොක් කණ්ඩායම වුවත්, මහනුවර කණ්ඩායමේ ප්‍රේක්ෂකයන් මේ වනවිට ජයඝෝෂා නගනු ඇත්තේ යුධ හමුදා ජයග්‍රහණයක් පතා ය. කෙසේ නමුත් රොනී ඊබ්‍රාහිම්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් හැව්ලොක් ක්‍රීඩකයන් ශක්තියෙන් නම් කිසිදු අඩුවක් නොපෙන්වයි. ආරක්ෂක ක්‍රීඩාවේ දස්කම් පා ඇති යුධ හමුදා ක්‍රීඩකයන්ට එහිදී තර්ජනාත්මක අභියෝගයක් එල්ල වේ.

පෞද්ගලික ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින දුලාජ් පෙරේරා, පා පන්දු දස්කම් වලට අමතරව උත්සාහක දිනුම් කිහිපයක්ද වාර්තා කළේය. දුෂ්මන්ත ප්‍රියදර්ශනගේ සාර්ථක නායකත්වය යටතේ ෂාරෝ ප්‍රනාන්දු සහ සුදර්ශන මුතුතන්ත්‍රී ඉතා හොඳින් ක්‍රීඩා කරයි.

යුධ හමුදාවේ ඉමංක ආරියපාල සහ අශේන් බණ්ඩාර යන දෙදෙනාම ඉකුත් ඉරිදා දිනයේදී ඉහල දස්කම් දැක්වූවේය. හිටපු නායකයෙකු ද වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක අශෝක ජයලාල්, තවමත් ඉහල ශාරීරික යෝග්‍යතාවකින් පසුවෙයි. නායක මනෝජ් සිල්වා, යුධ හමුදාව වෙනුවෙන් උපරිම ශක්තිය යොදා ක්‍රීඩා කළ අතර නිවැරදි තීරණයන් ගත යුතු වෙයි.


මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය.

  • දිනය : 2017-01-15.
  • ස්ථානය : නිත්තවෙල.
  • වෙලාව : සවස 4.00

පෙර වසරේ ශූරයන් වන මහනුවර කණ්ඩායම 37-32ක් ලෙස ප්‍රථම වටයේදී පරාජය කළ නාවිකයන්ට මෙවර මහනුවර බලකොටුවේදී තරඟයට එළඹෙන්නට සිදුවෙයි. මීට දෙවසරකට පෙර මහනුවර කණ්ඩායම මහනුවරදී පරාජය කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය  වූයේ අන්තර් සමාජ පිටිය තුළ විදේශික ක්‍රීඩකයන්ට ඉඩ කඩ වෙන්වූ අවධියේදීය. මහනුවර කණ්ඩායමට තවත් නිජබිම තරඟ දෙකකට අවස්ථාව හිමිවන අතර ඒ දෙකම මුල් වටයේදී ඔවුන් පරාජයට ලක්වූ කණ්ඩායම් වලට එරෙහිවය.

නාවික හමුදාව මේ තරඟාවලියේදී හොඳ විශ්වාසයකින් පසුවෙයි. හැව්ලොක් කණ්ඩායමට පමණක් එක්වරක් පරාජය වූ ඔවුන් පෙර පෙළ හා පසුපෙළ මනා සම්බන්ධයක් සහිතව හොඳින් ක්‍රීඩා කරමින් සිටියි. අත්දැකීම් සහිත සජිත් සාරංග, ධනුෂ්ක පෙරේරා, දුලංජන විජේසිංහ, නිවංක ප්‍රසාද් පෙරපෙළ බලය හසුරුවන අතර චානක චන්දිමාල් සහ තිලිණ වීරසිංහ පා පන්දු දක්ෂතාවන් රග්බි පිටිය තුළ ප්‍රදර්ශනය කරනු ඇත.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩා කරන රිචී සහ රිචඩ් ධර්මපාල සොහොයුරන් කෙසේ ක්‍රීඩා කරනු ඇත්දැයි යන වගද වැදගත්ය. මහනුවර අංක 8 ක්‍රීඩක බුවනෙක උදන්ගමුව ඉතාමත් හොඳ ක්‍රීඩා ශෛලියක පසුවෙයි. සුහිරු ඇන්තනී සහ ෂෙහාන් පතිරණ පෙර සතියේදී ක්‍රීඩා කළ ආකාරයද ප්‍රශංසනීය ය. හුකර් ක්‍රීඩක දමිත් දිසානායක ද මහනුවර කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයෙකි. ධනුෂ්ක රන්ජන්, වැඩිම උත්සාහක දිනුම් ලාභියා වන අතර ඔහුද ගයාන් වීරරත්න ද එක්වූ කල ඔවුනට අභියෝගයක් වන්නට අන් සෙන්ටර් ක්‍රීඩකයන් යුගලයක් නැත. නායක රොෂාන් වීරරත්න, බෙල්ලේ ආබාධයකට ලක්වී සිටියත් නායකත්වයේ වගකීම දරනු ඇත. මේ සියළුදෙනාම සමඟින් ෆුල් බැක් ස්ථානයේ ක්‍රීඩා කරන තිලිණ විජේසිංහ, අවධානයට ලක්වෙන ක්‍රීඩකයෙකි.