ගෙවුනු දවස ජනවාරි 12 – ප්‍රථම දිනයේ වාසිය දකුණු අප්‍රිකාවට

430

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

  ක්‍රිකට්  

චරණගෙන් අර්ධ ශතකයක්

Sri Lanka Sports News last day summary January 12thසිංගර් අවුරුදු 19න් පහළ පළමු පෙල ක්‍රිකට් තරඟ කිහිපයක ඊයේ (12) දිනය නිමාවූයේ අර්ධ ශතක 4ක් සමඟිනි. එහිදී කඩුලු 5ක් ලබා ගත් කෞමල් නානායක්කාර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් ඊයේ දක්ෂ පන්දු යැවීමක නිරත විය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 23.5): චමෝද් වික්‍රමසූරිය 60, සොහාන් අනුරුද්ධ 3/34

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 65): අංජන රුක්මාල් 64, නෙරන්ජන් රොද්‍රිගෝ 58, ගිහාන් අබේරත්න 33, සසික ලියනගේ 4/49

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී): එක් කඩුල්ලක් දැවී ලකුණු 10 (පන්දුවාර 2):

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 56.3): චරණ නානායක්කාර 51, ජනුශ්ක ප්‍රනාන්දු 33, සවන ප්‍රභාශ් 29, ඉමේෂ් විරංග 26, කෞමල් නානායක්කාර 5/37

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 7ක් දැවී ලකුණු 43 (පන්දුවාර 17): සඳුන් ප්‍රනාන්දු 21*, ‍යෙශාන් වික්‍රමාරච්චි 4/20, චරණ නානායක්කාර 2/13

සවිස්තර වාර්තාව: අර්ධ ශතක හතරක් සමඟින් පළමු දිනය නිමාවෙයි


ජයග්‍රහණය බදුරලියට?

NCC vs Badureliya - Day 2ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරඟ මාලාවේ NCC සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟයේ දෙවැනි දිනය ඊයේ (12) නිමාවට පත්විය. එහිදී ප්‍රථම දිනයේ දුවිඳු තිලකරත්නගේ සුපිරි පන්දු යැවීම හමුවේ ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගත් බදුරලිය ක්‍රීඩා සමාජයට අද දිනයේදී පූර්ණ තරඟ ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇත.

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4): පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, දුවිඳු තිලකරත්න 6/78.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 330 (පන්දුවාර 85.5): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 86, සහන් විජේරත්න 79, ඉමාල් ලියනගේ 27, තරිඳු කෞෂාල් 5/86, චතුරංග ද සිල්වා 4/139.

NCC (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 202 (පන්දුවාර 45): පවන් වික්‍රමසිංහ 41, ලහිරු උදාර 34, නිමේෂ ගුණසිංහ 30, චතුරංග ද සිල්වා 27, තරිඳු කෞෂාල් 24*, දුවිඳු තිලකරත්න 5/68, අලංකාර අසංක 2/65

සවිස්තර වාර්තාව: බදුරලිය ක්‍රීඩා සමාජය පෙරළිකාර ජයක් ආසන්නයේ


අම්ලා නොදැවී 125

Hashim Amlaදකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (12) ආරම්භ වුනු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය, දකුණත් පිතිකරු හෂීම් අම්ලාට සුවිශේෂ තරඟයක් බවට පත්විය. ඒ ඔහු සහභාගි වන සියවන ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එය වූ බැවිනි. තාක්ෂණයත්, සංයමයත් මැනවින් කැටිවුනු 33 වියැති මෙම සුපිරි පිතිකරුවා අද තම සියවැනි ටෙස්ට් තරඟයේ සතුට සැමරුවේ නොදැවී ශතකයක් වාර්තා කරමිනි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 338 (පන්දුවාර 90): පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 125*, ඩීන් එල්ගාර් 27, ස්ටීවන් කුක් 10, ලහිරු කුමාර 2/79, ඇන්ජෙලෝ මැතිව්ස් 1/25.

සවිස්තර වාර්තාව: තම සියවැනි ටෙස්ට් තරගයේදී හෂීම් අම්ලාගෙන් ශතකයක්

දිනයක අවසානය