Tuesday, January 10, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ජෙජු පොලිසිය සහ අපේ පොලිසිය. (Jeju police & Ours)


ජෙජු පොලිසිය චීන බාෂාව උගනි. ඒ අපරාද සමග කටයුතු කිරීමේදී එයට සහයවීම පිණිසයි. එනම් අසල්වැසි රටින් පැමිණෙන පුද්ගලයින් සිදුකරන අපරාද ඉහල ගොස් ඇත. ඔවුන් මුලික චීන සංවාදය සහ චීන සංස්කෘතිය උගනි. 

2011 දී චීන අපරාද ගණන 58 කි. එය ගිය වසරේ 260 දක්වා ඉහල ගොස් තිබේ. ගිය වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා විදේශිකයින් ජෙජු දුපතේ සිදු කල අපරාද 558 න් 70% ක ප්‍රතිශතයක් චීන ජාතිකයින් විසින් සිදු කර ඇත. 

ලංකාවේ පොලිසිය කෙබදුද? ඔවුන් දෙමල ඉගෙන ගනීද? දමිලයින් ශ්‍රී ලංකාවේ සුළු ජාතිය වේ. ඔවුන් සහ මුස්ලිම් ජන කොටස් කතා කරන්නේ දෙමල බාෂාවයි. ශ්‍රී ලංකාවේ පොලිසියට දෙමල ඉගෙන ගැනීමට රජය විශාල මුදලක් වැය කරයි. නමුත් එයින් පලක් වී නැත. එයට ගැලපෙන්නේ නටපු තොවිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත යන කියමනයි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...