Sunday, January 8, 2017

හොරණ පොලීසියේ IP හෙට්ටිආරච්චි IGP පූජිත ට බය නැතිලූ.



ලීන් පුෂ්පකුමර 216.12.16 දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින්, හොරණ පොලීසිය තමාට පහරදී බරපතල තුවාල කළ පුද්ගලයන් ආරක්ෂා කරන බවත් නීතිය කි‍්‍රියාත්මක නොකරන බවත් කියා සිටීයේය.

තම පැමිණිල්ල ඔහු TELLIGP e - ලිපිනය ඔස්සේද පොලිස්පතිට දැණුම් දෙන ලදි. 
එම පැමිණිල්ල පොලිස්පති විසින් පානදුර කොට්ඨාශය බාර නිලධාරියා වෙත යොමු කර තිබිණ. 

මෙම පැමිණිල්ලට හොරණ පොලීසියට කැඳවූ පුෂ්ප කුමාරට එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. හෙට්ටිආරච්චි බොරු නඩු දමන බවට තර්ජනය කර, එකි පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තමාට දන්වා සිටින ලෙස කියා තිබේ.

එ් පිළිබඳව පුෂ්පකුමාර, පොලිස්පතිවරයාව දැණුවත් කර තිබේ.

පොලීසියට එරෙහිව පැමිණිලි කිරීම බොරු චෝදනාවලට ලක්වීමට හේතුවක් වෙයිද යයි ඔහු ප‍්‍රශ්න කර සිටී.


නලින් පුෂ්ප කුමාර පෙ.ප. ඇමතුලිපිය. 

2017.01.06 
ඔබගේ අංකය : TELLIGP 48/DEC/2016

පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

බරපතල අපරාධයක් සිදුකළ පුද්ගලයින්ව ආරක්ෂා කරමින්,
 නීතිමය පියවර ගැනීම මගහැරීම.

උක්ත පැමිණිල්ලට අනුව, 2016.12.26 දින කරන ලද කැඳවීම මත 2017.01.05 දින හොරණ පොලිස් ස්ථානයට උදේ 9.00 ට මමත් මාගේ බිරිඳත් ගියෙමි.

එ් අවස්ථාවේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. හෙට්ටිආරච්චි, පොලිස්පතිට පැමිණිලි කළේ ඇයිද යැයි අසමින් මටත් බරිඳටත් ෙදාස් පවරා උඹට ගංජා. කුඩු දම්මවන්න පු`ඵවන් බවත්, උස්සන්න පු`ඵවන් බවත් පවසමින් මා හා බිරිඳ බිය ගන්වමින් නින්දාවට පත් කරන ලදි.

මේ පොලීසියෙන් නොව වෙනත් පොලීසියකට කියලා තමයි මට බොරු නඩු පවරන්නේ යයි පවසමින්, ඔහු පානදුරයේ සිටි බවත්, කාටවත් බය නැති බවත්,  ඕන දෙයක් කරන්න පු`ඵවන් බවත් කියා සිටියා. මම කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න යැයි ද කියා සිටියා.

ඉන්පසු මාව හා බිරිඳව විවිධ පැමිණිලි අංශය වෙත ගෙනගොස් බාර දුන්නා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක් ලියා ගත්තා. 

එම පැමිණිල්ල ලියාගත් නිලධාරියා, ලොකු මහත්තයා කිව්ව විදියට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න, බේරිලා ගිය අන්තිමයා බවත් මීට ඉස්සරලා ගෙනාපු හැමෝටම කුඩු කෑල්ලක් හරි දාලා යැව්ව බවත් කියා සිටියා.

මා හා බිරිඳ පිටත්ව එන විට පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන කෝල් කරලා දන්වන්න යයි ඔහුගේ 077 2247118 අංකය මට ලියා දුන්නා.

මා ඉල්ලා සිටින්නේ, 

මේ පිලිබඳව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට හා මා හට ආරක්ෂාව සලසන ලෙසටය.

අ.ක/සිංගක්කාර ඉහළගේ නලින් පුෂ්ප කුමාර





No comments:

Post a Comment