පරෙවියා ඉගෙන ගන්නෙත් ළදරුවන් වගේමද?

Share

Iowa සරසවියේ විද්‍යාඥයන් කණ්ඩායමක් පරෙවියන් හට ස්පර්ශ සන්වේදී පරිගණක භාවිතයට පුහුණු කර ඇත. මෙහිදී ඔවුන්ට ඡායාරූප 128ක් කාණ්ඩ 16කට වර්ගීකරණයට හැකියාව ලබා දීමට මෙම කණ්ඩායම සමත්ව ඇත. මෙම පරීක්ෂණයට යොදා ගත් පරෙවියන් මින් පෙර මෙවන් වැඩසටහනකට යොදා නොගත්තවුන් වන අතර මොවුන් පුහුණු කිරීමේදී නිවරදි පිලිතුරකට කුඩා ආහාර කොටසක් බැගින් පිරි නමා ඇත.

මෙසේ කාණ්ඩ කිරීම් උගෙනීමට මොවුන්ට දින 64 තරම් වූ කාලයක් ගත වී ඇති අතර මෙහිදී උගැන්වීමේ ක්‍රමවේදය දෙමාපියන් ළදරුවන්ට වචන උගැන්වීමේ ක්‍රමවේදයට අතිශය ආසන්න බව විද්‍යාඥයන් සඳහන් කරයි. නමුත් මෙහිදී පරෙවියන් හට පාඩම් වාර 45000 තරම් වූ ප්‍රමාණයක් සිදු කිරීමට අවශ්‍ය වූවද ඒ සඳහා සාමාන්‍ය මනුශ්‍යයකුට ගත වනුයේ පැයකට ආසන්න කාලයක් බවද ඔවුන් සඳහන් කරයි.

පුහුණුවෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් ඡායාරූප 128 ලබා දුන් පසුද ඇතැම් පරෙවියකු 80% තරම් නිරවද්‍යතාවකින් යුතුව කාණ්ඩ කිරීමට සමත්ව ඇත.

pigeon-school

මීට අමතරව කපුටන් යොදා ගනිමින් සිදු කරන ලද පරීක්ෂණයක් හරහා කපුටන් හට සංකීර්ණ ගැටළු පෙර පුහුණුවකින් තොරව 78% ආසන්න වූ නිරවද්‍යතාවකින් යුතුව විසඳීමේ හැකියාව ඇති බව ඔවුන් විසින් සොයා ගෙන ඇත.

Reference – http://www.dailymail.co.uk/sciencetech/article-2941062/Are-pigeons-like-CHILDREN-Study-shows-birds-identify-objects-way-infants-learning-words.html