ගෙවුනු දවස ජනවාරි 3 – දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකාව බය කරයි

550
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

උදාවූ නව වසරේ ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවන, නිදුක්, නීරෝගී ශ්‍රී සුභ නව වසරක් වේවා යැයි, ගෙවුනු දවසේ ප්‍රාර්ථනයයි!

 ක්‍රිකට් 

ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්වෙයිද?

Sri Lanka vs South Africa 2nd test

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ (03) නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රථම ඉනිමේදී පෙන්නුම් කල දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකානුවන් කඩුලු 10ම අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් පසුවේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 116): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 101, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 6/122, සුරංග ලක්මාල් 2/93, රංගන හේරත් 2/57.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43): උපුල් තරංග 26*, දිමුත් කරුණාරත්න 24, ධනංජය සිල්වා 16, කෞෂාල් සිල්වා 11, කුසල් මෙන්ඩිස් 11, වර්නන් ෆිලැන්ඩර් 4/27, කාගිසෝ රබාඩා 4/37, කේශව් මහරාජ් 2/32.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 35 (පන්දුවාර 11): ඩීන් එල්ගාර් 19*, ස්ටීවන් කුක් 15*.

සම්පූර්ණ තරග වාර්තාව: දකුණු අප්‍රිකානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකාව අන්ත අසරණ වෙයි


බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ඉදිරියෙන්

SLC Tier A

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින්ට තම හැකියාවන් විදහා දැක්වීමට රඟ මඬලක් තනා දෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ඊයේ (03) ක්‍රියාත්මක වූයේ එක් තරගයක් පමණි. එහිදී ප්‍රතිවාදී ගාලු ක්‍රිකට් සමාජය පසුපසට ඇද දමමින් තරගයේ අණසක පැතිරවීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) -සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 100.3): අදීශ නානායක්කාර 78, ලහිරු ජයකොඩි 48, විනෝද් පෙරේරා 46, නිපුන් කරුණානායක 30, රොෂාන් ජයතිස්ස 4/64, සජීව වීරකෝන් 3/85, චලන ද සිල්වා 2/70.

ගාලු ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 54.2): දමිත හුණුකුඹුර 54, චලන ද සිල්වා 32, දිල්හාන් කුරේ 19, මලිත් ද සිල්වා 5/60, ලහිරු සංජය 3/52, විනෝද් පෙරේරා 1/17.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 115 (පන්දුවාර 34): නිපුන් කරුණානායක 38*, නිසල් ෆ්‍රැන්සිස්කෝ 17, ශශ්‍රීක පුස්සෙගොල්ල 17, අදීශ නානායක්කාර 15, සජීව වීරකෝන් 2/41, චලන ද සිල්වා 2/34.

සම්පූර්ණ තරග වාර්තාව: බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් තරගයේ අණසක පතුරවයි


විමුක්තිගෙන් කඩුලු 8ක්

U19 Schools Cricket

සාන්ත ජෝසප්, සාන්ත තෝමස්, සාන්ත මරියා, ලුම්බිණි, සහ තර්ස්ටන් විද්‍යාල පළමු ඉණිමේ ජයග්‍රහණ ලබා ගනිමින් සිංගර් කුසාලන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් (03) නිමාවට පත්විය.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 319 dec (පන්දුවාර 64): දිනෙත් මදුරාවල 107*, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 73, නිපුන් සුමනසිංහ 46, හරීන් කුරේ 33*, ටශික පෙරේරා  2/70, අශරු වර්ණකුලසූරිය  2/75

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 70.3): ටශික පෙරේරා 64, නිමේෂ් බණ්ඩාර 60, නුවනිදු ප්‍රනාන්දු 36, දිනෙත් ජයකොඩි 4/56, කවිදු ජයතිස්ස 3/58

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 266 (පන්දුවාර 59): ශෙවෝන් ෆොන්සේකා 83, නිපුන් සුමනසිංහ 48, පහන් පෙරේරා 41, විනුජ රණසිංහ 3/96, තරුශ ප්‍රනාන්දු 2/65

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 68.5): දුලිප් ගුණරත්න 46, රවිදු කොඩිතුවක්කු 35, ඉශේන් පෙරේරා 32, උදාර රවිදු 5/41, පැතුම් මහේෂ් 2/25

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 133 (පන්දුවාර 57): උදාර රවිදු 31, ඩිලෝන් පීරිස් 5/30, ඩිනුර ගුණවර්ධන 2/17

ගුරුකුල විද්‍යාලය දෙවන ඉණිම (F/O) කඩුලු 6ක් දැවී ලකුණු 229 (පන්දුවාර 69): මලිදු විදුරංග 66*, පැතුම් මහේෂ් 56*, උදාර රවිදු 40, රොමේෂ් නල්ලප්පෙරුම  3/50

සංක්ෂිප්ත තරග වාර්තාව: විමුක්ති කුලතුංග කඩුලු 8ක් දවාලමින් ජය තහවුරු කරයි