ප්‍රේමයේ රන් අස්වනු

Share

කරනු මැන ආදරය මහ පොළොවට

නිධන් කර බීජයක් කුළුණින්

බීජාවරණ පලා පූදිනා දෙපෙත්තට

කරන්න ආදරය දරුවකුට සේ

සිතන්න

ඒ පුංචි පැළය ජීවිතයක් කියා

ගසක් වී ඵල දරයි එය විලිකුන් ඵල වලින්

ඒ ඔබේ ආදරයට ගස දෙන තිලිණයයි

වපුරනු මැනවි එලෙසින්

ප්‍රේමයේ මූල බීජය

සැම සිත් තුල සෙනෙහසින්

එවිට ලෝකය පෙරළා ඔබට

පුදයි ප්‍රේමයේ රන් අස්වනු

 

Image courtesy :http://uccfiles.com/jpg/STC2012-1.jpg