Main Logo

Monday 2 January 2017

සුමන්තිරන්ගේ නීතිය

සුමන්තිරන්ගේ නීතිය

දෙමළ ජාතික සංධානය නම් පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන සුමන්තිරන් ප්‍රසිද්ධියේ ලංකාවේ ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීතියට අභයෝග කරනවා. සුමන්තිරන් ද ඒ නීතිය යටතේ දිවුරුම් දී ඇති නීතිඥයෙක්. දෙමළ ජාතික සංධානය කියන්නේ පක්‍ෂ කිහිපයක සංධානයක්. එය දෙමළ ජාතික සංධානය යනුවෙන් නම තැබීම ම වැරදියි. දෙමළ යනු ජාතියක් නො වෙයි. එය ඉන්දියාවේත් ජනවර්ගයක් පමණයි. ලෝකයේ කිසි දිනෙක දෙමළ ජාතියක් තිබී නැහැ. එබැවින් දෙමළ ජාතික සංධානය කියන එක වැරදියි. දෙමළ ජාතික සංධානයට ලැබෙන ඡන්ද ප්‍රතිශතයට වඩා මන්ත්‍රී ධුර ප්‍රතිශතයක්් හිමිවන්නේ මැතිවරණ ක්‍රමයේ වරදක් නිසයි. ලෝකයේ තාමත් ජාතීන් ඇත්තේ දෙකයි. ඒ සිංහල හා චීන. ඉන්දියාවේ දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් ඇති වුනේත් දහනවවැනි සියවසේ. බෙනඩික් ඇන්ඩර්සන් කියන එකේ ඇත්තකුත් තියෙනවා සිංහලයන් හා චීනුන් හැරෙන්න අනෙක් අය සම්බන්ධයෙන්. ජාතිය කියන එක මවාගත් සංකල්පයක් යැයි ඔහු කියනවා.

සුමන්තිරන් කියන්නේ රවිරාජ් ඝාතනයේ (එය ඝාතනයක් කියා උපකල්පනය කරමින්) විත්තිකරුවන් නිදොස් කර නිදහස් කිරීම වැරදි බවයි. ඔහුත් තවත් ඔහුගේ ම පක්‍ෂයේ ශිවාජිලිංගමුත් එවැනි අදහස් පළ කරනවා. ඔවුන්ගේ විරෝධය පූර්ණ සිංහල කතාකරන ජූරි සභා මගින් විත්තිකරුවන් නිදොස් කර නිදහස් කිරීමයි. සුමන්තිරන් කියා තිබුණේ ඔවුන් බලාපොරෙත්තු වූ තීන්දුව නොලැබුණු බවයි. ඔවුන් බලාපොරොත්තුවන්න ඇත්තේ විත්තිකරුවන් වූ බුද්ධි අංශ නිලධාරීන් මිනීමරුවන් ලෙස තීන්දු කිරීම වෙන්න ඕන.

බටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය හා ඉන්දියානු ඔත්තු සේවය මේ නිවට ආණ්ඩුව පත්කර ගත්තේ ම දෙමළ ජාතීිවාදයට කප්පන් ගෙවීමට. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ සිංහල විරෝධී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට දෙකඩ කරන සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීමයි. අනෙක් අරමුණ රණවිරුවන් හා රාජපක්‍ෂලා දංගෙඩියට යැවීමයි. ඒ ඔවුන්ගේ අණට කන් නොදී දෙමළ ජාතිවාදය හා එහි අංගයක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දඬුවම් කිරීමට. මෙහි දී විදුලි පුටුූව යන පදය ඇතැම්විට දංගෙඩිය යන්න වෙනුවට යෙදුණා. එයින් කියැවෙන්නේ මරණ දඬුවම කියන එකයි. මේ නිවට ආණ්ඩුව දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් දඩයම් කරනවා.

සිංහල විරෝධීන් දැනගෙන සිටි කරුණ නම් රෝම ලන්දේසි නීතිය යටතේ රණවිරුවන් හා රාජපක්‍ෂලා වැරදිකරුවන් කිරීමට බැරි බවයි. ඔවුන් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලුවේත් ඉල්ලන්නේත් ඒ මගින් රණවිරුවන් හා රාජපක්‍ෂලා වරදකරුවන් කිරීමටයි. ජාත්‍යන්තර අධිකරණය යනු ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ එක් මෙවළමක්. ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට විරුද්ධව. ඔවුන් බොරු සාක්‍ෂි හා නීති මගින් තමන්ට අවශ්‍ය දේ කරගනීවි. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බටහිර ජනමාධ්‍ය දැනුවත් ව ක්‍රියාකරනවා.

සුමන්තිරන් මෙතෝදිස්ත භක්තිකයකු ලෙසත් රෝම ලන්දේසි නීතිය ඉගෙනගත් නීතිඥයකු ලෙසත් දැනගත යුතු කරුණ නම් ජූරි සභාවක් යනු ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යොදා ගන්නා මෙවළමක් බවයි. තමන්ට අවශ්‍ය ආකාරයේ ජූරි සභාවක් ඉල්ලීමට විත්තිකරුවන්ට හැකියි. එහෙත් ජූරි සභාවේ සාමාජිකයන් තෝරා ගනු ලබන්නේ විත්තිකරුවන් විසින් නො වෙයි. සුමන්තිරන් අද අභියෝගයට ලක් කරන්නේ ඔවුන්ගේ ම නීතිය යටතේ විත්තිකරුවකු සතු අයිතියයි. රෝම ලන්දේසි නීතිය සිංහල නීතියක් නො වෙයි. විත්තිකරුවන් සිංහල කතාකරන ජූරි සභාවක් ඉල්ලූ විට සුමන්තිරන්ලා එයට විරුද්ධ වුනා. ඔවුන්ට එසේ විරුද්ධ වීමට බැරි වුවත් ඔවුන් හිතන්න ඇත්තේ මේ සිංහල විරෝධී නිවට ආණ්ඩුව යටතේ තමන්ට පොලිෂ්පතිටත් වඩා නීතිය නැවිය හැකි බවයි. එහෙත් විනිසුරු තුමා සුමන්තිරන්ලාගේ විරුද්ධත්වය ප්‍රතික්‍ෂෙප කළා. සුමන්තිරන්ට අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදී ජූරියක් ඉදිරියේ නඩුව විභාග කිරීම වෙන්න ඕන. බටහිරයන්ගේ අවශ්‍යතාවට දෙමළ හින්දු ජනතාවත් සිංහලයන්ට විරුද්ධව මෙහෙය වනු ලැබුයේ හා ලබන්නේ දෙමළ ක්‍රිස්තියානින් හා කතෝලිකයන් විසින් බව මා කියා ඇත්තේ අද ඊයේ නො වෙයි.

අද මෙරට සිටින භයානක ම දෙමළ ජාතිවාදියා සුමන්තිරන්. ඔහු තම දරුවන්ට උගන්වන්නේ ඉංගිරිසි මාධ්‍යයෙන්. ඔහුට දෙමළ හින්දු සංස්කෘතියට ඇති ළැදි කමක් නැහැ. ඔහු සිංහල බෞද්ධ විරෝධියෙකු පමණයි. ඒ බටහිර ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි සුපිරි ව්‍යුහයේ අවශ්‍යතාවට. ඔහු මෙරට නීතියට අභියෝග කරනවා. ඔහු අධිකරණයේ තීන්දුවකට ගරු කරන්නේ නැහැ. එහෙත් මේ ආණ්ඩුව ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔහු අධිකරණ තීන්දුවක් හා අධිකරණ ක්‍රියාදාමයක් ප්‍රතික්‍ෂෙප කරන්නේ මෙරට ව්‍යවස්ථාව රැකීමට දිවුරුම් දී ඇති මන්ත්‍රිවරයකු ලෙසයි. නීති සම්පාදනය කරන්නේ මෙවැනීි අයයි. වැටත් නියරත් ගොයම් කෑ විට ඒ බව පවසන්නේ රනිල්ට ද, හැරිසන්ට ද, ඩඩ්ලි සිරිසේනට ද?  කිසිම ජනවරමක් නැතිව අද සිංහල විරෝධී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ රනිල් සුමන්තිරන් ජයම්පති දොළදුක සංසිඳවීම පිණිසයි.

මේ ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යෑමට උපකාර වන සියල්ලන් ම අපරාධකරුවන්. මෛත්‍රිපාලට අවශ්‍ය නම් රනිල් වෙනුවට වෙනත් අයකු අගමැති කරන්න පුළුවන් කියා අප කලකට පෙර පෙන්වා දුන්නා. ඒ සඳහා සුදුසුම තැනැත්තා මහින්ද රාජපක්‍ෂ බවත් අප ඒ දිනවල ම කිවුවා. එහෙත් ජාතික ව්‍යාපාරයේ සියල්ලන් ම පාහේ ඒ නොඇසූ කන් ඇතිව සිටියා. ප්‍රසන්න රණතුංග නම් පසුගිය දා ඒ අදහස කියා තිබෙනවා. රාජපක්‍ෂලාට එරෙහිව ඇති වෛරය නිසා මෛත්‍රිපාල ජාතිය පාවා දීමට කටයුතු කරනවා. මෛත්‍රිපාල ඉතිහාසයට එක්වන්නේ තවත් විභීෂණ කෙනකු ලෙසයි. සුමන්තිරන්ට හිමි වනු ඇත්තේ හනුමන්ගේ තැනයි. 



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 02