Saturday, December 31, 2016

රුහුණු කුමාරියේ එතෙර කුමාරියට....





















රන් පාට කෙහෙ රැලිති
ගෙල දිගට පහළට ගලන්,
බලා ඉන්නේ නෝක්කඩුවෙන්
එනතුරා මදනලක් කවුලුවෙන් රින්ගලා....
අත්ල මත තැන්පත්වෙච්ච
දකුණු කම්මුල රතුවෙලා ඇති,
පැයක් තිස්සේ ඇස් පියාගෙන
නිදි ලොවේ සැරිසරනා නිසා
දෙපසටම නැළවෙමින් ගැස්සෙන,
හැල්මෙ දුවනා කොළොම්පුර,
රුහුණු කුමාරියට ගොඩවුනු
එතෙර කුමාරිය නුඹ තමා
කොළ පාට ඇස් යුගළ විවරකර බලාලා
කෝපි මල් දත් කැකුලු
සිනාගන්වනු මැනවි
නැවතුමත් දැන් ලග නිසා.....

No comments:

Post a Comment