Microsoft Edge Browser එක Google හි Brotli Algorithm භාවිතයට යොමු වේ.

Microsoft Edge Browser එක Google හි Brotli Algorithm භාවිතයට යොමු වේ.

1698
0
SHARE

Microsoft Edge එහෙමත් නැත්නම් Windows 10 වෙනුවෙන්ම හදුන්වා දුන් අලුත්ම web browser එක නවතම tool set එකකින් සහ තවත් improvements රැසකින් වැඩි දියුණු වෙලයි තියෙන්නේ.මේකට හේතුව තමයි 2017 අවුරුද්දෙ නිකුත් කීරීමට සූදානම් වන Creators Update එක සඳහා ඔවුන් browser එක සුදානම් කිරීම. මේ අතර තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි Google හි Brotli කියන open source compression algorithm එකට support කරන එක.

Brotli කියන්නෙ 2015 වසරේදී Google සමාගම විසින් හදුන්වා දුන් compression algorithm එකක්. මේක standalone algorithm එකක් වන gzipට වඩා වෙනස්. Brotli මුලින්ම නිකුත් වුනේ WOFF2 front format එකට support කරන offline compression solution එකක් විදිහට. Firefox, Opera, Chrome වගේ browser වල දැනටම මේ Brotli algorithm එක භාවිතා කරලා තියෙනවා. ළඟදීම Edge browser එක සඳහාත් Brotli භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් Windows Insider on build 14986 භාවිතා කරපු කෙනෙක් නම් ඔබ මෙය දැනටමත් භාවිතා කර ඇති.

Microsoft හි Senior Program Manager වන Rob Trace පවසන ආකාරයට මේ අළුත්ම support tool එක නිසා web pages ඉක්මනින්ම load කිරීමේ හැකියාව වගේම අඩු data ප්‍රමාණයකින් හා අඩු power consumption එකක් යටතේ web එක browse කිරීමේ හැකියාවත් Microsoft Edge browser එකට ලැබෙනවා.

ඒ වගේම Rob Trace තවදුරටත් මෙලෙස පවසා සිටියා.

“HTTP encoding method එක හා සසදා බැලීමේදී Brotli, 20% පමණ හොඳ compression rate එකක් අත් කරගෙන තියෙනවා.මේක web users ලාට ඉතාමත් හොඳ තත්වයක්. ඊට හේතුව තමයි client-side cpu cost එකට බලපැමක් නොවෙන ආකාරයට users ලාට වැටෙන page weight එක අඩුවීමත්, load time එක තවත් දියුණු වීමත්.”

Microsoft Edge තව දුරටත් නව්‍යකරණය වෙන browser එකක්. Creator Update එකෙහි කොටසක් විදිහට නිකුත් වෙන මේ අලුත් features සහ improvements සමඟින් Edge browser එකට වැඩි users ලා ප්‍රමාණයක් එකතු වනු ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ.

source : https://www.neowin.net/news/microsoft-edge-now-supports-googles-open-sourced-brotli-compression-algorithm

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY