Nokia Lumia 520 සහ 525 Windows Phones තුල Android 7.1 Nougat...

Nokia Lumia 520 සහ 525 Windows Phones තුල Android 7.1 Nougat ක්‍රියා කරවීමට සමත් වෙයි.

2989
0
SHARE

මීට මාස කීපයකට පෙර developer කෙනෙක්ට පුළුවන් වුනා originally Windows Phone 8 තියෙන Nokia Lumia 525 දුරකතනයකට සාර්ථකව Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතියක් install කරන්න. දැන් අළුත්ම ආරංචි වලට අනුව තවත් developer කෙනෙක් සමත් වෙලා තියෙනවා Android 7.1 Nougat මෙහෙයුම් පද්ධතිය සාර්ථකව Nokia Lumia 525 සහ Nokia Lumia 520 තුල run කරන්න. මෙහි විශේශත්වය තමයි මෙම devices 2 න් එකක්වත් Windows 10 Mobile වලට officially upgrade කරන්නට නොහැකිව පැවතුනු එක. Nguyen Thinh, ඔහුගේ මෙම උත්සාහය පිළිබඳව XDA Developers forums වල අදහස් පළ කරළා තියෙනවා. ඔහු කියන විදිහට නම් දුරකතනයේ touchscreen එක, brightness levels, battery, charging ඇතුළු හැම feature එකක්ම වගේ Nougat ROM එකත් සමඟ හොඳින්ම ක්‍රියා කරනවා.

මෙම install කිරීමේ ක්‍රියාවලියේ තරමක අපැහැදිලි තැන් පැවතුනත් Nokia Lumia 520 තුළ Android Nougat ක්‍රියාත්මක වෙන ආකාරය පහත විඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්.


ඒ වගේම තමයි පහත දැක්වෙන විඩියෝවෙන් Android 7.1, Lumia 525 මත ධාවනය වෙන ආකාරයත් ඔබට බලාගන්න පුළුවන්.Nokia Lumia 520 සහ Lumia 525 බොහෝ දුරට සමාන වුනත් Lumia 520 හි මෙන් දෙගුණයක RAM capacity එකක් Lumia 525 හි තිබෙනවා.

අළුත්ම Android releases තරමක් පැරණි Windows Phone වල හොදින් run වන ආකාරය බලද්දි, අළුත්ම Microsoft Lumia 950 හි Nougat ROM එක කොයි විදිහට run වේද කියන එක ගැන තමයි දැන් හැමෝම කුතුහලයෙන් පසුවෙන්නෙ.

source:https://www.neowin.net/news/watch-developer-shows-off-android-71-nougat-running-on-lumia-520-and-525-windows-phones

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY