Adobe XD Public බීටා සංස්කරණය දැන් ඔබේ windows 10 පරිගණකයටත්

Adobe XD Public බීටා සංස්කරණය දැන් ඔබේ windows 10 පරිගණකයටත්

2217
0
SHARE

Adobe’s Experience Design (XD) යෙදවුම පසුගිය මාසය තුල පැවතුනේ private beta සංස්කරණයක් ලෙසිනුයි. Adobe සමාගම එම කාලය තුළ යෙදවුම පරික්ෂා කිරීම සඳහා මසකට sign-ups තුලින් නව භාවිත කරන්නන් පනහක් පමණ යොදා ගත්තා.  නමුත් මේ තත්ත්වය පැවතුනේ සති දෙකක කාලයක් පමණයි.  2016 දෙසැම්බර් 13 වනදා adobe සමාගම Adobe’s Experience Design (XD)හි public beta සංස්කරණය ප්‍රකාශයට පත්කරලා තියෙනවා.

1481646482_prototyping-wiring-paper-1024x683_askdjfnkasjr

 

ආරම්භයේදී සමාගම පැවසූ ආකාරයටම එය 2016 වර්ෂයේ අවසානයත් සමඟ එලි දැක්වීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. නමුත් මේ Windows 10 සංස්කරණයේ අංගෝපාංග macOS සංස්කරණයට සමානකමක් දක්වන බවක් දකින්නට ලැබෙන්නේ නෑ.  2016 දෙසැම්බර් 13 වනදා නමවන බීටා macOS සංස්කරණයත් එළි දැක්වීමට ඔවුන් කටයුතු කළා.

Adobe සමාගම පවසන ආකාරයට Windows සඳහා කෙරුණු පළමු දියත් කිරීම තුල අඩංගු වන්නේ මුලික නිර්මාණ හා ප්‍රතිරූපක අංග පමණයි. ඒ වගේම එය සෑම මාසයකට වතාවක්ම අලුත් අංග සමඟ යාවත්කාලින කිරීම සිදු කෙරෙනවා.
මෙම macOS හා Windows සංස්කරණ දෙක මුලික අංග වලින් ක්‍රමක්‍රමයෙන් සමාන මට්ටමකට පත්වනු ඇති බවත් සංස්කරණ දෙකම ස්ථායීතාවය හා ක්‍රියාකිරීම යන සාධක තුලින් විශිෂ්ට තත්ත්වයට පත්කිරීමත් ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

දැනට මේ සංස්කරණය තුල නිර්මාණ Creative Cloud තුලින් හුවමාරු කිරීමට අවශ්‍ය පහසුකම දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් ඔබට ඔබේ files හා PNG images export කිරීමට අවස්ථාව ලැබෙනවා. ඔබේ නිර්මාණ ඔබේ desktop පරිගණකය තුලින් මෙන්ම XD mobile app එක තුලිනුත් භාවිත කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. Creative Cloud තුලින් නිර්මාණ හුවමාරු කිරීමේ හැකියව නුදුරු යාවත්කාලීන කිරීම් තුලින් ලැබෙනු ඇති බව ඔවුන් පවසනවා.

macOS හා Windows සංස්කරණ අතර ප්‍රධාන වෙනස්කම්  Adobe’s FAQ වෙබ් පිටුවෙන් දැන් ඔබට දැනගන්න පුළුවන්.

මෙම Windows සඳහා වන බීටා සංස්කරණය Windows store තුලින් ලබා ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එය ස්ථාපිත කිරීම කලයුතු වන්නේ Creative Cloud හරහා යි. ඉදිරියේදී Windows store වෙත මෙම සංස්කරණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි විමසු විට Adobe සමාගම ලබා දුන් පිළිතුරෙන් පැහැදිලි වන්නේ මෙම Windows 10 සඳහා වන සංස්කරණ Windows store වෙත නිකුත් නොවුණු ඇති බවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY